ඉතිහාසයේ වැඩිම වැටුප ලබයි

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ඉතිහාසයේ වැඩිම වැටුප ලබයි

කොටගල දිරිය කත ඉතිහාසයේ වැඩිම වැටුප 57,395 ලබයි


ඉතිහාසයේ වතුකම්කරු කාන්තාවක් තේ දළු නෙළමින් ලබාගත් වැඩිම වැටුප රු 57,395 අද හිමිකම් කීමට සමත්ව තිබේ.

ඇය පතන පොලිස් බලප්‍රදේශයට අයත් කොටගල වැවිලි සමාගමේ මවුන්ට්වරන් වතුයායේ තේ දළු නෙළන්නියක් වශයෙන් වැඩකරන 51 හැවිරිදි ශාන්ති කුමාරි නැමති සිව්දරු මවකි.

ඇය දිනක වැටුපට නෙළිය යුතු කිලෝ 18ට අමතරව මේ මාසය තුළ අමතර තේ දළු කිලෝ 1899 ක් නෙළමින් මෙම වැටුප ලබාගත් බව එම වතුයායේ සහකාර වතු අධිකාරී අර්ජුන මැදගම මහතා පවසයි.

පසුගිය මාස කිහිපය තුළ තේ වගාවට උචිත කාලගුණ තත්ත්වයක් තිබූ නිසා තේ ඵලදාව වැඩි වු බවත්, ඒ තුළින් තම වතුයායේ මෙම කාන්තාව ඇතුළු වතු කම්කරුවන් රුපියල් තිස්දහසක වැටුපක් අද ලබාගත් බවත් හෙතෙම කියයි.

තේ කර්මාන්තයේ නියැලී සිටින වතුකම්කරුවන් එම කර්මාන්තයට ලැදියාවකින් යුතුව එම කර්මාන්තයේ නියැලෙන්නේ නම් රටේ තේ අර්ථිකය ඉහළ යනවා සේම වතු කම්කරුවන්ගේ ජීවන මට්ටමද ඉහළ යන බව සහකාර වතු අධිකාරීවරයා පෙන්වාදෙයි.

අද තේ කර්මාන්තයෙන් වතු කම්කරුවන් ඉවත් වන බවත්, මෙය ආදර්ශයට ගෙන නැවතත් තේ කර්මාන්තයට එකවන ලෙස ඉල්ලා සිටින බවත් . තේ කර්මාන්තයේ නියැලි වතුකම්කරුවන්ට නිවාස පහසුකම්, ජල පහසුකම් හා සෞඛ්‍ය පහසුකම්ද සෑම වතුයායකම ලබාදෙන බවත් ඔහු කියයි.

අද දින වැඩි වැටුපක් ලබාගත් වතු කම්කරු කාන්තාවන්ට වැටුපට අමතරව එම වතු යායේ වතු අධිකාරිවරයා ඇතුළු පාලනාධිකාරිය මගින් තෑගීද ලබාදෙන ලදී.



(අද‍දෙරන ‍වෙබ් අඩවිය)
 

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    cricket ඇරුනම ලංකාව ගැන වෙන රටවල් වල මිනිස්සු දන්නේ tea නිසා. එහෙව් රටේ තේ දළු නෙලන කෙනෙක් 57ක් පඩි ගත්තම ඒක රටටම කියන්න ඕනේ news එකක් නම් අනිත් අයවලු ගැන කියන්න අවැසි නැහැ නේ .
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මේ දිරිය මිනිසුන්ට අපගේ උත්තමාචාරය !