ඉතිහාසයේ_දරුණුතම_සමූහ_සියදිවි_නසාගැනීම Mass Su

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ඉතිහාසයේ_දරුණුතම_සමූහ_සියදිවි_නසාගැනීම Mass Su

    ඉතිහාසයේ දරුණුතම සමූහ සියදිවි (Mass suicide) නසාගැනීම සිදුවෙලා අදට අවුරුදු 38 යි.

    මේ සිදුවීම සිදුවුණේ ගයානාවේ.

    බදු වංචා චෝදනාවකට හැටේ දශකයේ අග භාගයේ ඇමරිකාවේ කැලිෆොර්නියාවෙන් පිටමං වෙන ජිම් ජෝන්ස් නමැති පූජකයා නවතින්නේ ගයානාවේ මහ වනයක් මැද.

    ඒ වෙද්දී සමාජ අසාධාරණයට ලක්වුණු දහස් ගණනක් තමා වට එක්කරගත් ඔහු ” පීපල්ස් ටෙම්පල් ” නම් දේවස්ථානයක් ගොඩනගනවා.

    ඒ ඔහු විසින් ම ගොඩනැගූ බාහිර සමාජය හා කිසිම සම්බන්ධයක් නොතිබුණු “ජෝන්ස්ටවුන්” නමැති ගම්මානයේ.

    ආගමික ඉගැන්වීම් වල අන්තයටම ගොස් අන්තවාදී කණ්ඩායමක් ලෙසට හැසිරුණු මේ ” පීපල්ස් ටෙම්පල් ” වැසියන් ජිම් ජෝන්ස් කියන ඕනෑම දෙයක් කිරීමට සැදී පැහැදී සිටියා.

    එමෙන් ම මේ කණ්ඩායමේ අණ නො පිළිපදින සාමාජිකයන් ට දැඩි දඬුවම් දෙන්නත් ඔවුන් පසුබට වුණේ නෑ.

    සමහර පිරිස් හොර රහසේ ම ” පීපල්ස් ටෙම්පල් “අත් හැර ගියා. ඔවුන් විසින් මේ ආගමික කල්ලියේ කෘරකම් මෙන් ම අසාමාන්‍ය ඉගැන්වීම් ගැන බලධාරීන් දැනුවත් කර තිබුණත් ඔවුන් එම පැමිණිලි එතරම් සැලකිල්ලට ගත්තේ නැහැ.

    ඒත්, මේ තොරතුරු කනවැකුණු ෂර්වින් හැරිස් නමැති පුද්ගලයා, කලකට පෙර තමන් හැර දා තම දියණියද රැගෙන ජිම් ජෝන්ස් ගේ ආගමික කල්ලියට එකතු වූ බිරිඳත්, මේ කල්ලිය නිසා අනතුරට පත්ව ඇතැයි සිතුණු ලොකු මහත් වුණු දියනියත් පිළිබඳව ඇති වූ සැලකිල්ල බලධාරීන්ට දැන්වුවා.

    බලධාරීන් කිහිප දෙනෙකුත්, මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුත් 1978 නොවැම්බර් මාසේ 14 වැනිදා “ජෝන්ස්ටවුන්” බලා පියාසර කරන්නේ ඒ අනුවයි.

    පසුදා පහන්වනවිට “ජෝන්ස්ටවුන්” ආසන්නයේ – වඩාත් නිවැරදිව කිවහොත්, “ජෝන්ස්ටවුන්” ට ළඟින් ම තිබූ නගරය වූ “ජෝජ්ටවුන්” වෙත පැමිණ තමන් “ජෝන්ස්ටවුන්” වෙතට පැමිණෙන බව ජිම් ජෝන්ස් ට දැන්වුවා.

    එහෙත් එයට ජිම් ජෝන්ස් අවසර දුන්නේ නැහැ.

    “ජෝජ්ටවුන්” සිට “ජෝන්ස්ටවුන්” දක්වා පණිවුඩ හුවමාරු කිරීම රේඩියෝ කුටියක් “ජෝජ්ටවුන්” හි නිවසක තිබුණා.

    ඒ සඳහා සිටියේ ෂර්වින් හැරිස් ගේ බිරිඳයි.

    දින දෙකක් උත්සහ කිරීමෙන් පසුව මේ පිරිස “ජෝන්ස්ටවුන්” වෙත පැමිණෙනවා.

    එහිදී කෘරත්වය පිලිබඳ යම් සාක්ෂිත් ඔවුන්ට ලැබෙනවා.

    ඒ සාක්ෂිත් මේ ආගමික කල්ලිය හැර යාමට කැමති වූ 15 දෙනෙකුත් සමඟ ඔවුන් නොවැම්බර් 17 වැනිදා යළි ශිෂ්ටාචාරය වෙත ගමන් කරන්නට උත්සහ කරනවා.

    එහෙත් ගුවන් තොටුපලේදී ම ඔවුන්ට වෙඩි තබා කිහිප දෙනෙකු ම ඝාතනය කරන්නට ජිම් ජෝන්ස් ගේ ආගමික අනුගාමිකයන් කටයුතු කරනවා.

    ඉන් පසුව සිය අනුගාමිකයන් සියල්ල “ජෝන්ස්ටවුන්” හි ආගමික මධ්‍යස්තනයට කැඳවා ජිම් ජෝන් පවසන්නේ පිටස්තර ලෝකයේ දෑත්වලින් මරණයට පත්වීමට පෙර තමන් ම මරණය වෙත යා යුතු බවයි.

    ඉන්පසුව මේ සියල්ලන් පෙළ ගස්වා සයනයිඩ් මුසු බීම ඔවුන්ට ලබා දෙනවා.

    ඔවුන්ගෙන් බහුතරය මෙය පානය කරන්නේ තමන් මියයන බව දැන දැනම කැමැත්තෙන්.

    මෙය පානයට අකමැති වූ පිරිස හා කිසිවක් නොදන්නා දරුවන්ට මෙය බලහත්කාරයෙන් පොවා හෝ එන්නත් කර ඔවුන් ද මරු තුරුලට යවනු ලැබුවා.

    ජිම් ජෝන්ස් දේවගැති, තම හිසට එල්ල කරගත් තුවක්කුවක උණ්ඩයකින් ජිවිතයට සමු දෙනවා.

    පසුදා පහන් වෙනවිට “ජෝන්ස්ටවුන්” මිටියාවත ප්‍රාණය නිරුද්ධ වූ වැඩිහිටියන් 670 ක්, කුඩා දරුවන් 238 දෙනෙක්ගේ සිරුරු වලින් වැසී යනවා.

    මේ මරණ පිළිබඳව ලෝකය දැනගන්නේ එදා ආගමික අන්තවාදය මධ්‍යයට පැමිණ, ගුවන් ගතවිමට මොහොතකට පෙර උන්ඩවල ඉලක්කයට ලක්ව දිවි බේරාගත් මාධ්‍යවේදියෙක් දුන් රේඩියෝ පණිවුඩයකින්.

    විමුක්තිය උදෙසා අන්තවාදීත්වය සොයා ගිය ඔවුන් විමුක්තිය නොලබාම මරණය වැළඳ ගත්තේ අන්තවාදයෙන් විමුක්තියක් ලැබිය හැකිවේද යන පැනයට ” නැත ” යන පිළිතුර ලබා දෙමින්.


    15087058_10202264376606413_1833255850_n.jpg


    පීපල්ස් ටෙම්පල් ප්‍රධාන ගොඩනැගිල්ල සහ ජෝර්ජ් ටවුන් මිටියාවත මියගිය පිරිසගේ සිරුරු වලින් වැසී ඇති අයුරු

    15058709_10202264376366407_382482500_n.jpg


    15129972_10202264376406408_708747166_n.jpg


    15135585_10202264376566412_1679685094_n.jpg

    ජෝර්ජ් ටවුන් ගොඩනැගූ ජිම් ජෝන් දේවගැති

    15139364_10202264376166402_2064353151_n.jpg

    සියදිවි නසාගත් ජිම් ජෝන්ගේ මළසිරුර (1978 නොවැම්බර 21)

    15058518_10202264376326406_682737501_n.jpg

    ජෝර්ජ් ටවුන් නගරයේ පිවිසුම

    15058797_10202264376446409_971062546_n.jpg

    ජිම් ජෝන් බදු වංචාවකට හසුවී කැලිෆෝනියාවෙන් පලාඒමෙන් පසුව ජෝර්ජ් ටවුන් හි සිය අනුගාමිකයන් සමග (මේ වන විට ජෝන්ස් ටවුන් ගොඩනගා තිබුනේ නැත)

    15086451_10202264376646414_586921080_n.jpg

    ජොර්ජ් ටවුන් හි පිහිටා තිබූ රේඩියෝ මධ්‍යස්ථානය. ජෝන්ස් ටවුන් බාහිර ලෝකයට සම්බන්ධ කළ එකම ස්ථානය වූ මෙය මගින් ජිම් ජෝන්ට පමණක් පණිවුඩ සන්නිවේදනය කෙරුණි.

    15129728_10202264376246404_776707586_n.jpg

    ජිම් ජෝන්ස් ජෝන්ස් ටවුන් හි දරුවන් පිරිසක් සමග

    15135466_10202264376286405_1840125800_n.jpg

    ජෝන්ස් ටවුන් හි දරුවන් පිරිසක් පීපල්ස් ටෙම්පල් ගොඩනැගිල්ලේ යාඥවේ යෙදමින් (1978 නොවැම්බර් – ජෝන්ස්ටවුන් වෙත ගිය මාධ්‍යවේදීන් විසින් ගත් ඡායාරූපයක්)

    15139513_10202264376206403_740277601_n.jpg

    ජෝන්ස් ටවුන් හි මියගිය අය වෙනුවෙන් ඉදිකළ ස්මාරකයක්

    15058787_10202264376686415_1416824578_n.jpg

    ජෝන්ස් ටවුන් – සමූහ සියදිවි නසා ගැනීමෙන් වසර 20කට පසුව 1998දි.



    source - http://www.gossipking.lk/2016/11/18/30186/

    හොඳනම් සලකාගෙන යන්