ඉතිහාසය පරිකල්පනය සහ සත්‍යය - El Dorado ?

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,976
    3,160
    113
    Planet Earth
    ඉතිහාසය පරිකල්පනය සහ සත්‍යය - El Dorado ?

    ඉතිහාසය පරිකල්පනය සහ සත්‍යය - El Dorado ?

    අපි පොඩි කාලේ බලපු Road to El dorado කියන කාටූන් චිත්‍රපටිය මතකද ? මිගෙල් සහ ටුලීයෝ කියන ස්පාඥ්ඥ තරුණයෝ දෙන්නෙක් අහම්බෙන් දකුණු ඇමෙරිකාවේ රත්තරං නගරයක් සොයා ගැනීමේ සිද්ධියක් වටා ගෙතුණු ත්‍රාසජනක වීර කතාන්දරය.

    9M2Nujc.jpg


    ඇත්තටම El Dorado - රත්තරන් දේශය / රන් මිනිසා කියන්නේ සත්‍යක් ද නැත්තම් ජනප්‍රවාදයක් ද ?

    සති කිහිපයකට උඩදී ෆේස්බුක් එකේ ( Genius club දිනියස් එකතුව ) ඒ ගැන බොහොම ලස්සන ලිපියක් පළවුනා.
    මේ පහල ලින්ක් එකෙන් ගිහිං කැමති කෙනෙකුට ඒ ලිපිය කියවන්න පුළුවන්.

    https://www.facebook.com/groups/804276106323782/permalink/2592705380814170/


    සංක්ෂිප්තව ඒ ගැන කියනවා නම්,
    1969 වසරේ දකුණු ඇමෙරිකාවේ කොලොම්බියාවේ ගැමියන් පිරිසක් විසින් අහම්බෙන් සොයා ගන්නවා අපූරු යමක්.
    ඒ තමයි රත්තරනින් නිම කරපු පාරුවක ගමන් ගන්නා මිනිසුන් පිරිසකගේ අනුරුවක් (Muisca raft).
    මේ වෙද්දී එය කොලොම්බියාවේ බොගෝටා කෞතුකාගාරයේ සුරක්ෂිතව ප්‍රදර්ශනයට තිබෙනවා.

    VaRdxyE.jpg


    මෑත කාලයේ El dorado ගැන මිනිසුන් අතර නැවත කතා බහක් ඇති වෙන්නේ මේ සිද්ධියෙන් පස්සේ.
    ඉතිහාසය පුරාවටම El dorado ගැන සොයා බලද්දී සියවස් ගණනාවක් තිස්සේ දේශ ගවේෂකයෝ, වෙළෙන්දෝ,ඉතිහාස ගවේෂකයෝ, නිධන් හොරු, පුරාවස්තු කොල්ලකාරයෝ සහ රාජ්‍ය නිලධාරින් වැනි එකී මෙකි බොහෝ දෙනෙක් El dorado හෙවත් රත්තරන් දේශය/ රන් මිනිසා සොයා කරපු ගවේෂණ සෑහෙන ප්‍රමාණයක තොරතුරු හමු වෙනවා.

    lV4clH5.jpg


    8Vxt4DO.jpg


    නමුත් වර්තමානය වෙද්දීත් මේ රත්තරන් නගරය කියන්නේ සැබෑවෙන් ගොඩක් දුර තියෙන දෙයක්.අදටත් මේක දැකපු කෙනෙක්වත්, සොයාගත් කෙනෙක්වත් නැහැ.
    නමුත් ජනප්‍රවාද හැම තැනම.

    සත්‍යය කියන දේ එක්කෝ එළිවෙයි, නැත්නම් කාලයේ වැලි තලාවෙන් සදහටම වැළලිලා යයි.

    හැබැයි කෙනෙකුට මෙහෙම පරිකල්පනයක් හිතින් මවා ගන්න පුළුවන්.
    ඒ තමයි සැබෑවටම එවැන්නක් කිසිමදාක තිබුනේ නැති බව.
    මේ මගේ පරිකල්පනය ( Imagination )....ඒක වඩාත් රසවත් වෙන්න මම මේ විදිහට ඔබට කියන්නම්....

    ...............//...............

    ඈත අතීතයේ ලෝකයේ එක් කොනක ජීවත් වුනු මිනිසුන් ගේ කතාවකි.

    සියවස් ගණනාවකට උඩදී වර්තමාන කොලොම්බියා සිට පේරු දක්වා උස් භුමි වල ජනාවාස කොටගත් ස්වදේශික ජනතාවක් විසීය.ඒ අපි දන්නා මායා, ඇස්ටෙක් හෝ ඉන්කා ශිෂ්ඨාචාර වලටත් පෙර කාලයකදීය.

    9ZlRKeB.jpg


    දුඹුරු පැහැ සමක් සහිත ඉතා ශක්තිමත් වුනු මේ මිනිසුන් අපූරු ගති පැවතුම් වලින් යුක්ත මිනිසුන් කොටසකි.අරුමෝසම් විලාසිතා වලින් යුක්ත ආභරණ පැළඳි, කුරුළු පිහාටු තොප්පි සහ ශරීරයේ හංවඩු රූප කොටා ඇති ස්වයංපෝෂිත ජන කොට්ටාශයක් වුනු මේ මිනිසුන් ජීවත් වුයේ ගෝත්‍ර වශයෙනි.
    ගෝත්‍රයට නායකයෙක් විය.

    ශිෂ්ඨාචාරයේ මුලික අවදියේ ජීවත් වුනු මේ මිනිසුන් රත්තරන් සහ එහි වටිනාකමද මැනවින් දැන සිටියේය.
    රන් ආභරණ පැළඳීම ඔවුන් අතර සිරිතක් විය.නමුත් රත්තරන් යනු ඔවුන්ට නගරය අසබඩ පිහිටි විලේ ඔබ මොබ සැරිසරන මාළු මෙන් සරුසාරව දක්නට ලැබුණු සම්පතක් නම් නොවිණි.

    වරක් එහි විසු දුප්පත් රන්කරුවෙකුට අපූරු සිතුවිල්ලක් පහල විය.එනම් රත්රන් වලින් නිර්මාණයක් කර නායකතුමාට පිලිගැන්වීමටයි.
    ඔහු රත්තරන් වලින් පාරුවක් නිර්මාණය කරලීය.එය පිළිගැන්වීය.
    එය දුටු ඔවුන්ගේ ගෝත්‍රයේ නායකයා බොහෝ සෙයින් සතුටු විය.තවත් එවැනි නිර්මාණ කරන ලෙස ඔහු දිරිගැන්වීය.
    එය ගෝත්‍රයේ සෑම දෙනෙක්ම පාහේ දකින ලදී.මිනිසුන් එය අසීමිතව වර්ණනා කරන ලදී.
    එය දුටු කවීහු අතින් කවි ලියැවිණි.සිත්තරු එය සිතුවමට නැගීය.
    මෙසේ කාලයත් සමග ඒ රන් පාරුවේ කතාන්තරය අවට ප්‍රදේශ පුරාවට පැතිර යති.

    ඒ ගෝත්‍රයේ මිනිසුන් රත්තරන් හිමිකරුවන් ලෙස අයෙක් හඳුන්වන ලදී, තවත් අයෙක් ඔවුන් සතුව අසීමිත රත්තරන් ඇති බවත් ඔවුන් ඉතාම බලසම්පන්න දෙවියෙකු යටතේ පාලනය වෙන බවත් පැවසිය,
    ඔවුන්ගේ නගරය රනින් නිමවන ලද්දක් බවටත් කටකතා පැතිරිණි.

    මෙසේ කාලය ඔස්සේ ශිෂ්ඨාචාරය කෙමෙන් කෙමෙන් ඉදිරියට ගමන් ගති.
    එතකොට අර රන්පාරුවේ පුරාවෘතය ?

    ඔව් එයද මිනිසුන්ගේ කටින් කට ගොස් රන් කරුවා සහ රන් පාරුවේ කතාන්තරයද සුවිසල් ජනප්‍රවාදයක් නිර්මාණය කරලිය.

    දින, සති, මාස, අවුරුදු , සියවස් ගෙවී ගොස් අර විසු ජනතාවගේම ඉදිරි පරම්පරාවල් විසින් මායා, ඇස්ටෙක් වැනි පෞර ශිෂ්ඨාචාර ගොඩනැගිය.

    ලෝකයේ මේ කොනේ මේ දුඹුරු හමක් තියෙන මිනිසුන්ගේ කතාන්තරය ගෙවෙන විට තවත් කොනක විසු සුදු හමක් සහිත මිනිසුන් ද, විවිධ යුග පසු කරමින් අනවරත යුධ ගැටුම්, බල අරගල, දේශ ගවේෂණ ආදී දහසකුත් ඉතිහාසයක් නිර්මාණය කරමින් මුහුදු යාත්‍රා ඔස්සේ ලෝකයේ එහා මෙහා යාත්‍රා කරන්නටත්, සොභාවික සම්පත් පීරන්නටත්, යුද්ධ සහ වැඩකාරකම් වලට මිනිසුන් එකතු කරන්නටත් විය.

    5fEwswI.jpg


    ඔවුන්ගේ චාරිකා තුලින් ඔවුන් දුඹුරු හමක් සහිත, අරුමෝසම් විලාසිතා ආභරණ පැළඳි , ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන, මේ මිනිසුන් සහ ඔවුන්ගේ අත්භූත ජනප්‍රවාද ඇසු කල තුෂ්නිම්භූත වන්නටත් අසීමිත වස්තු ලෝභයටත් පත් විය.

    නිසඟයෙන්ම ගවේෂණයට සිත් ඇති මේ සුදු මිනිසුන් මේ රත්තරන් නගර සහ ඉපැරණි ශිෂ්ඨාචාර සොයා වනාන්තර, කඳු ශිඛර, ගිරි දුර්ග පීරමින් ජීවිත පවා උගස් කොට චාරිකාවන් මෙහෙය වීය.
    එක් තැනෙකින් තවත් තැනකට යන විට මේ කතාන්තර එකිනෙකට වෙනස් විය.
    නමුත් එය සම්බ වුනු කෙනෙක් නම් නොවීය.

    නමුත් අතීත ශ්‍රී විභූතිය පිරුණු ස්වර්ණමය මායාමය නගරයක් සැමදා සුදු මිනිසුන්ගේ සිත්වල රජයන්නට විය.
    ඒ සොයා ගන්නටත්, ඊට තම මුළු ජීවිතයන්ම කැප කරන්නටත් ඔවුන් පසුබට නොවීය.

    මෙසේ යුරෝපීයන් El dorado ව සොයා දකුණු ඇමෙරිකාවේ අස්සක් මුල්ලක් නෑර පීරන්නටත් ඒ තුලින් සුදු මිනිසුන්ගේ ආධිපත්‍යය පතුරුවන්නටත් විය.

    ඒ බලපෑම කෙතරම්ද යත් එදා ගෝත්‍ර ජීවත් වුනු ඒ El dorado භුමියේ ජීවත් වුනු මිනිසුන් අදටත් කතා කරන්නේ ඒ සුදු හමක් තිබුණු යුරොපියන්ගේ බාසාවෙනි.

    UKvFLab.jpg


    El dorado ස්වර්ණමය නගරය කෙසේ වෙතත් සරුසාර භුමියකුත්, මිල කල නොහැකි කුළුබඩු භෝග සහ රිදී,තඹ, මැග්නීසියම් ඇතුළු වටිනා ලෝහ වර්ගත්, තෙල් සම්පතත් සොයා ගන්නට නම් සුදු හමක් තිබුණු මිනිසුන්ට හැකි විය.

    අද අප දකින ඉතිහාසය මීට වඩා වෙනස් බව හෝ නොවන බව කාට නම් පැවසිය හැකිද ?
    මන්ද ඉතිහාසයේ සමහර පුරාවෘත හෝ කතාන්තර අභිරහසක්ව පවතින තාක් ඒවායේ සුන්දරත්වයද අතිශයින් විචිත්‍රවත්ය.
     
    Last edited:

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,396
    1,471
    113
    Srilanka
    thanks මචන්.. මම ඒකාලේ ආසාවෙන් බලපු කාටුන් එකක්,, ඒක ඇත්තක්ද නැද්ද කියල ඒකාලේ තිබ්බ ප්‍රශ්නයක් මටත්, කොහෙද Internet, අනන් මනන් තිබ්බෙ නැහැනෙ ඒකාලේ හොයන්නවත් විස්තර,,,

    tfs මචන්, rep ++

    අපි නොදන්න සගවුනු ගොඩාක් දේවල් මේ ලෝකය තුල ඇති... ඒ දේවල් වල පැවැත්මට ඒ රහසිගත බව වටිනවා වෙන්න පුලුවන්,,
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,217
    113
    :love::love:+++
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,056
    113
    Deniyaya
    පට්ට බං.. මුන්ට තිබ්බ සේසතම කොල්ල කෑව නේද ඉස්පාන්ජෙන් ?:yes::yes:
    නියම ත්‍රෙඩ්1ක් බ්‍රො.. ර්‍ රෙප්+++
     
    • Like
    Reactions: sadamol buwa

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,303
    5,977
    113
    Nawala
    හොද ලිපියක් !!! ලංකාවේ රාවනා කතාව වගේ කතාවක් තමයි මේකත් !!! අසීමිත මිනිස්සු ගණනක් ජිවිත නැතිකරගත්තත්, කවදාවත් හමුනොවුනු නගරකයක් .... සමහරු මේ නගරයට City of Z කියලත් කියනවා . මේ ගැන විශාල සාහිත්‍යයක්, සිනමාවක් ගොඩනැගිලා තියනවා ..ඒ අතරින් මම නරබපු හොදම සිනමා පටිය තමයි 1972 දී නිපදවපු Aguirre, the Wrath of God. පුලුවන්නම් හොයාගන බලන්න ... බොහොම powerful film එකක්. එහි Cecilia Rivera කියලා නවයොවුන් නිලියක් ඉන්නවා ...මම දැකපු සුන්දරම teenage නිළියන්ගෙන් කෙනෙක් තමයි ඇය. ඇය රගපාපු එකම සිනමා පටියත් මෙයයි. මම මේක බැලුවේ original VHS පටියකින් 90'ස දශකයේ. ආයෙත් බලන්න ආසයි....
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,976
    3,160
    113
    Planet Earth
    thanks මචන්.. මම ඒකාලේ ආසාවෙන් බලපු කාටුන් එකක්,, ඒක ඇත්තක්ද නැද්ද කියල ඒකාලේ තිබ්බ ප්‍රශ්නයක් මටත්, කොහෙද Internet, අනන් මනන් තිබ්බෙ නැහැනෙ ඒකාලේ හොයන්නවත් විස්තර,,,

    tfs මචන්, rep ++

    අපි නොදන්න සගවුනු ගොඩාක් දේවල් මේ ලෝකය තුල ඇති... ඒ දේවල් වල පැවැත්මට ඒ රහසිගත බව වටිනවා වෙන්න පුලුවන්,,

    :yes::yes::yes:


    සිරාවටම බන් සමහර දේවල් අභිරහසක් විදිහටම තියෙන එක හොඳයි....
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,976
    3,160
    113
    Planet Earth
    :love::love:+++
    You have given out too much Reputation in the last 24 hours, try again later.


    කෙටුවා නේද තව එකක්... දැන් දැක්කේ... පට්ට...

    maru machan + :)


    T.F.S.
    +reps


    Patta bro...

    පට්ට බං.. මුන්ට තිබ්බ සේසතම කොල්ල කෑව නේද ඉස්පාන්ජෙන් ?:yes::yes:
    නියම ත්‍රෙඩ්1ක් බ්‍රො.. ර්‍ රෙප්+++

    mahansiyat sthoothi machan...ela.....:)

    ela bro..
    tfs!

    TFS mcn..



    Thanks machanla...:):):)
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,976
    3,160
    113
    Planet Earth
    හොද ලිපියක් !!! ලංකාවේ රාවනා කතාව වගේ කතාවක් තමයි මේකත් !!! අසීමිත මිනිස්සු ගණනක් ජිවිත නැතිකරගත්තත්, කවදාවත් හමුනොවුනු නගරකයක් .... සමහරු මේ නගරයට City of Z කියලත් කියනවා . මේ ගැන විශාල සාහිත්‍යයක්, සිනමාවක් ගොඩනැගිලා තියනවා ..ඒ අතරින් මම නරබපු හොදම සිනමා පටිය තමයි 1972 දී නිපදවපු Aguirre, the Wrath of God. පුලුවන්නම් හොයාගන බලන්න ... බොහොම powerful film එකක්. එහි Cecilia Rivera කියලා නවයොවුන් නිලියක් ඉන්නවා ...මම දැකපු සුන්දරම teenage නිළියන්ගෙන් කෙනෙක් තමයි ඇය. ඇය රගපාපු එකම සිනමා පටියත් මෙයයි. මම මේක බැලුවේ original VHS පටියකින් 90'ස දශකයේ. ආයෙත් බලන්න ආසයි....

    ඔය El dorado පුරාවෘතය ගැන ගොඩක් චිත්‍රපට ටීවී සීරිස් තියෙනවා...මම නම් වැඩිය බලල නැහැ. ගොඩක් ස්තුතියි මේ ෆිල්ම් එක ගැන කිව්වට....

    ඔව් නේ.....එයා හරි ලස්සනයි නේ...
    :):):)


    Rc8Q3pQ.jpg