ඉදිරිඅධ්‍යාපනයටඋපදෙසක්.

Advice

Member
Jul 23, 2015
29
1
0
uba adama wada patan aran aye elatama al goda daganin. in passe uni yanakan qualification walata ban k ekaka wage wadak karapan. ado mona magula kalath gov uni gihin hodata degree eka hadagaththoth hari.mokada a atharedi ubata thawa chances ganna puluwan thawa courses wage dewal walata

tnx bro.
mama aya a/l karanawa.
 

nadeendra

Active member
  • Jan 19, 2007
    465
    165
    43
    Gampaha
    මචන්ලා මම පොඩි උදව්වක් , උපදෙසක් ගන්න උබලට මේ විස්තරේ කියන්නේ.මට වයස 24යි.මම හිතන් ඉන්නවා A/L කරන්න මොකද මට හිතෙනවා ඉස්සරහට රස්සාවක් හොයන්න ඩිග්‍රියක් තියෙන එක හොදයි කියලා.මොකද දැන් යන විධිහට ඉස්සරහට ගොඩක් ජීවත් වෙන්න අමාරු බව පේනවා. මට ප්‍රයිවට් කැම්පස් වගේ යන්න සල්ලි නෑ.මම බයෝ වලින් තමා A/L කරන්න ඉන්නේ.උපරිම මහන්සි වෙලා මේක ගොඩ දාගන්නයි ඕනෙ. මගේ target එක මෙඩිසින් ,pharmacy,medical Lab,Radiography වගේ හොද ඩිග්‍රි එකක්. ඒ කියන්නේ මම ඊලග අවුරුද්දේ කරන්නේ.සබ්ජෙක්ට් නම් අව්ලක් නෑ.අවුරද්දක් ඇති.
    වයස ගැන හිතලා දැන්ම ජොබක් කරන්න ගත්තොත් තව අවුරුදු 5 ක් ගියත් ලොකු දෙයක් කර ගන්න පුලුවන් වෙන එකක් නෑ කියලා හිතෙනවා.මොකද දැන් තියන කොලිෆිකේෂන් වලට තියෙන්නේ හොදට O/L pass,
    A/L නමට pass.
    තව කල් යනකොට කොහොමත්
    මේ කොලිෆිකේෂන් වල වටිනාකම අඩු වෙනවා.
    නැවත A/L කරන එක ගැන මොකද හිතන්නේ.මේ ගැන අවබෝධයක් තියන අය ඇතිනේ.මට උපදෙසක් දෙන්නකෝ.

    මචන් මටත් 24, මම දැන් කැම්පස් එකේ අන්තිම අවුරුද්දෙ ඉන්නෙ. උඹ දැන් AL ලියල කැම්පස් ගියොත් උඹ කැම්පස් පටන් ගද්දිත් උඹට අවුරුදු 25-26 වෙනව, උඹ එලියට එද්දි 29-30 වෙලා. උඹ ඒ ඇවිල්ල උබේ ජීවිතේ මුල ඉදල පටන් ගන්න ඔනේ :( එතකොට උඹේ වයස ගිහිල්ල ඉවරයි මචන් :sorry: :sorry:

    මගේ උපදෙසනම් උඹ ඉස්සෙල්ල උඹ කැමති ජොබ් ෆීල්ඩ් එකක් තෝරගනින් ඊට පස්සෙ එකට අදාල කම්පැනියක හරි රාජ්‍යය ආයතනයක හරි රස්සාවකට පලයන්. උඹට පලවෙනි පත්වීම උඹ ආස කරන ජොබ් එක නොවෙන්න පුලුවන් ඒ උනත් "කාර්යාල සහයක" හරි ජොබ් එක සෙට් උනොත් පලයන්. මොකද ඒ ෆීල්ඩ් එකට සම්බන්ද තැනක වැඩ කරද්දි ගොඩක් දේවල් ඉගන ගන්න පුලුවන් මිනිස්සුන්ව අදුර ගන්ඩ පුලුවන්.

    ජොබ් එක කරන ගමන් උඹේ ෆීල්ඩ් එකට අදාල industrial exams තියනව නන් ඒව කරපන් ඒ ගමන් open university එකෙ වගෙ උඹට අදාල ඩිග්‍රි හෝ පාඨමාලා තියනවද බලපන්. ඒ විදිහට ටික ටික සුදුසුකන් හදාගනින් ඒ ගමන් රස්සාවෙනුත් උඩව වරෙන්. කට්ට තමයි මචෝ හැබැයි කට්ට කාලම තමා උඩට එන්න ඔනේ

    මම කරන්නෙ IT ෆීල්ඩ් එක මට "pharmacy,medical Lab,Radiography" මේවා ගෙනනන් දැනුමක් නෑ. ඔය ෆීල්ඩ් වල ඉන්න අයගෙන් විස්තර අහගනින්.අන්තිමට කියන්න තියෙන්නෙ හැම දේම කරන්න යන්න එපා ! කරන දේ හරියට කරපන් :yes::yes:

    උඹට ජය !!!!​
    :):)
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    උඹ ඇත්තටම කැමති දේ තෝරගෙන බය නැතිව පටන් ගනින්. අත අරින්න එපා. උපරිම මහන්සිවෙලා වැඩ කළොත් කැම්පස් එකේ ලෙක්චරර් කෙනෙක් වෙන්න උනත් පුළුවන්. වයස ප්‍රශ්ණයක් නෑ.

    මේ තියෙන්නෙ උඹට වඩා ගොඩක් පරක්කු වෙලා පටන් ගත්ත පොරක් ගැන කතාවක්
    :

    dfcz7r.jpg

    35lgi7k.jpg

    මචන් මමත් ඔය කමෙන්ට් එක දාන්න හිතාගෙන කියවගෙන එද්දි උඹ දාලා.
    ත්‍රෙඩ් එක දාපු සහෝට කියන්නෙ: උඹට හොඳටම විශ්වාස නම් A/L කරලා ඔය වගේ ගොඩ යන්න පුළුවන් වෙයි කියලා මම නම් කියන්නෙ කරන්න කියල. හැබැයි ඉතින් කැම්පස් ආවට පස්සෙත් සෑහෙන කට්ටක් කන්න තියනවා කාට වුනත්. දැන් වයසත් සෑහෙන්න ගිහින් තියන නිසා කැම්පස් යන්න පුළුවන් උනොත් අධ්‍යාපනය ඇරෙන්න වෙන වැඩ වලට (කෙල්ලෝ ගැන එහෙම ) පෙලඹෙන්නෙ නැතුව හිටියොත් තවත් හොඳයි. කොහොමහරි ඉතින් හොඳ කැපවීමක් තියනවා නම් මොනදේ කළත් හරි යනවා.
    A/L නොකළත් දැන් ඉස්සර වගේ නෙමෙයි නෙ ඕනා තරම් හොඳ courses තියනවා කරන්න. හැබැයි ඒවාත් හරියට හොයල බලලා, තමන්ගේ target field එකට ගැලපෙන ඒවා තෝරාගෙන කරන්න ඕනේ. නැත්නම් තවත් කාලේ අපරාදේ නාස්ති වෙනවා.
    තීරණය ඔබේ අතේ. අපිට හරියටම කියන්න බෑ නේ. උඹ ගැන හොඳටම දන්නෙ උඹ විතරනෙ
    Good Luck මචන්!