J V P_නියෝජනය
''ජාතික විධායක සභාව නියෝජනය කරනවා - ආණ්ඩුවට සම්බන්ධ වෙන්නේ නැහැ''
ජනාධිපතිවරණයෙන් පසුව රට තුළ උද්ගත වී ඇති තත්වය පැහැදිලි කිරීමටත් ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමටත් මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාව පවත්වනවා. මේ ජනාධිපතිවරණයට ප‍්‍රවේශ වීමේදී සටන් පාඨ දෙකක් අපි ඉදිරිපත් කළා. ඒවගේම අරමුණු දෙකක් ඉදිරිපත් කළා. ඒකාධිපති වියරු රාජපක්‍ෂ පාලනය පළවා හැරීම මේ වනවිට සාර්ථක ඉටුකර තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ඒ වෙනුවෙන් ඉමහත් කැපවීමකින් විශාල කාර්යභාරයක් කළා. ඒ ජයග‍්‍රහණය පිළිබඳව අපට සතුටක් තිබෙනවා.''
දැන් එහි දෙවන කොටස ආරම්භ කළ යුතුව තිබෙනවා. යහ පාලනය ඇතිකිරීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් තහවුරු කර ගැනීම වැනි කටයුතු යෙදී තිබෙන්නේ, ජනවාරි 08 වැනිදායින් පසුව ඉදිරිපත් කළ සටන් පාඨයටයි. මේ සඳහා විශාල කාර්යභාරයක් අපි හැම දෙනාටම පැවරී තිබෙනවා. ජාතික ආණ්ඩුවකට එක්වන ලෙස අපේ පක්‍ෂයට ප‍්‍රසිද්ධියේ ආරාධනා කර තිබුණා. නමුත් අපි කිසිසේත්ම ආණ්ඩුවට සම්බන්ධ වෙන්නේ නැහැ. ඇමතිධුර බාර ගන්නෙත් නැහැ. දින 100ක කාලයක් තුළ කෘෂිකර්ම අමාත්‍යාංශයට කළ හැක්කේ එක් කන්නයක් වගා කිරීමට පමණයි. අධ්‍යාපන අමාත්‍යාංශය නම් එක් පාසැල් වාරයක්වත් පැවැත්විය නොහැකියි. නිවාස අමාත්‍යාංශය ගතහොත් නිවාස අත්තිවාරම් දැමීමක් විතරයි කළ හැකි වන්නේ. මේ අනුව සැලකුවහොත් ජනතාවට දැනෙන කිසිවක් කරන්න බැහැ. ඒවගේම දින 100ක් තුළ ඉතාම පටු සහ කුඩා කැබිනට් මණ්ඩලයකට ඇතුල්වීමට සමහර අය දරන ප‍්‍රයත්න ගැන අපට අප‍්‍රසන්න බවක් ඇතිවෙනවා. මේ දින සියයේ කැබිනට් මණ්ඩලය ගැන අපට හොඳ අවබෝධයක් තියෙනවා.
ජනතාව අපෙන් අපේක්‍ෂා කරන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම, යහපාලනය ඇතිකිරීම, වංචා දූෂණ විරෝධී කි‍්‍රයාමාර්ග ගැනීම වගේ මූලික කටයුතුයි. ජනතාවගේ ඒ අපේක්‍ෂා ඉටුකිරීමට දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපට වගකීමක් තිබෙනවා. ඒවගේම රටේ ජනතාවටත් වගකීමක් තිබෙනවා, මේ දින සියය තුළ මේ ක‍්‍රමය යටතේ ලබාගත හැකි ජයග‍්‍රහණ ලබාගැනීම වෙනුවෙන් කටයුතු කරන්න. හැබැයි මහා සිහිනවලට යන්න එපා. ලොකු බලාපොරොත්තු තබාගන්න එපා. සමාජ ආර්ථික දේශපාලනික පුළුල් පරිවර්තනයක් රට ඉල්ලා සිටිනවා. දින සියයක් තුළ හෝ එතැනින් ඉදිරියට මේ පවතින ක‍්‍රමය යටතේ පුළුල් පරිවර්තන සිදුකරන්න බැහැ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ මේ සියලූ දේ සලකා බලා පුළුල් සමාජ පරිවර්තනයකට අවශ්‍ය ප‍්‍රගතිශීලී බලවේග ඒකරාශී කරගනිමින් සංවිධානගත වෙමින් සිටිනවා. ඒ අනුව කැබිනට් මණ්ඩලයට උඩින් ඉන්න "ජාතික විධායක සභාවක්" යෝජනා කර තිබෙනවා. එම විධායක සභාවේ කොටස්කරුවන් ලෙස ජනතා විමුක්ති පෙරමුණ කි‍්‍රයාත්මක වීමට අපේක්ෂා කරනවා.
ජාතික විධායක සභාවට නිශ්චිත කාර්යයන් කිහිපයක් පවරා ගත යුතුයි. අමාත්‍යාංශ තුළ ඉටුකරගැනීමට අසීරු වගේම ඉක්මනින් කරගත යුතු කාර්යයන් ඊට පවරාගත යුතුයි. 18 වැනි සංශෝධනය අහෝසි කර 17 වෙනි සංශෝධනයෙන් පැවරී තිබෙන කොමිෂන් සභා බලාත්මක කිරීම, ජනාධිපති ධුරයේ විධායක බලතල අහෝසි කර ගැනීම, ජනාධිපතිවරයාගේ මුක්තිය ඉවත් කිරීම වැනි ව්‍යවස්ථා සංශෝධන මේ සභාවෙන් කරගත යුතුයි. එයින් ඔබ්බට ගිය ව්‍යවස්ථාදායක ප‍්‍රතිසංස්කරණ, නීතිමය ප‍්‍රතිසංස්කරණ කිහිපයක් මේ සභාව මගින් කරගැනීම පිළිබඳවද අවධානය යොමුකිරීමට බලාපොරොත්තු වෙනවා. උදාහරණයක් විදියට තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරගැනීම, විගණන කොමිසමක් පත්කරගැනීම, සහ වංචා විමර්ශන සභාවේ බලතල පුළුල් කිරීම දක්වන්න පුළුවන්. මෙම ආයතනයට ජනතාවට දැනෙන මෙවැනි සංවේදී කාර්යභාරයන් ප‍්‍රමුඛත්වයේලා ඉටුකරගැනීමේ වගකීම පැවරිය යුතුයි. ඒවගේම ජනතාවට සහන සැලසීම පිළිබඳව කාර්යභාරයන් මේ සභාව යටතට ගැනීමෙන් කාර්යක්‍ෂම කි‍්‍රයාමාර්ගවලට එළඹිය හැකියි. හදිසි දූෂණ විරෝධී කි‍්‍රයාමාර්ග ගැනීමට විධිමත් ආයතනයක් ස්ථාපිත කිරීම, ජාතික විධායක සභාවට පවරා ගත යුතුයි. දින 100 තුළ මෙවැනි ප‍්‍රගතිශීලී කාර්යභාරයක් ඉටුකරගැනීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සකී‍්‍රයව මැදිහත් වෙනවා
මේ වනවිටත් දූෂිතයන් රට අත්හැර යමින් සිටිනවා. ඔවුන්ට නිදැල්ලේ රට අත්හැර යාමට ඉඩ නොදිය යුතුයි. ඔවුන් කෝටි ප‍්‍රකෝටි ගණනින් මහජනතාවගෙන් කොල්ල කෑ ධනය විදේශගත කරමින් සිටිනවා. මෙවැනි කි‍්‍රයාමර්ගවලට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ දැඩි විමසිලිමත්භාවයකින් කටයුතු කරනවා. එහි පළමු පියවර වශයෙන් ජනවාරි 13 වැනිදා අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවට නාමල් රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ සහ අජිත් නිවාඞ් කබ්රාල් යන අයට එරෙහිව පැමිණිලි ගොණු කරනවා. ඒ වගේම හෙජින් ගිවිසුමට අදාලවත් පැමිණිලි කරනවා. මේ අතර මේ වැනි දූෂිත පුද්ගලයන් පිළිබඳව ඉදිරියේදී තවත් පැමිණිලි ගණනාවක් කිරීමට ලිපිගොනු සකස් කිරීමට නිරීක්‍ෂණ කටයුතුවල යෙදී සිටිනවා.
මහින්ද රාජපක්‍ෂ ඉතා පැහැදිලිවම බලය අල්ලාගෙන සිටීමේ කුමන්ත‍්‍රණයක යෙදී සිටි බව හෙළිදරව් වෙමින් තිබෙනවා. එයට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීම අනිවාර්ය කටයුත්තක්. පරාජය හමුවේ රාජපක්‍ෂවරු විවිධ ජාතිවාදී ප‍්‍රකාශ කිරීමට පටන්ගෙන රට අස්ථාවර කිරීමට උත්සාහ කරන බව පැහැදිලියි. උතුරු නැගෙනහිර සහ සෙසු පළාත්වල බහුතර ජනතාවගේ කැමැත්තෙන් මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා තේරී පත්වී තිබෙනවා. උතුරු නැගෙනහිර ජනතාව විශේෂයෙන් ඉමහත් කැපකිරීමකින් ඡුන්දය පාවිච්චි කිරීම ගැන අපි සතුටු වෙන්න ඕන. දැන් ආණ්ඩුව එය සුභවාදී ලෙස ගෙන බලය වෙනුවට ජනතාවගේ ප‍්‍රශ්න විසඳීමට කටයුතු කිරීම අවශ්‍ය බව අපි අවධාරණය කරනවා. රාජපක්‍ෂ අවසන් මොහොතේ දියත් කළේ දුෂ්ට, මෘග සහ ගෝත‍්‍රික ආකාරයේ බලය දිගුකරගැනීමේ ප‍්‍රයත්නයක්. යළි ජාතිවාදී කෝළාහල ඇතිකිරීමට උත්සාහ කරන බව ඉතාම පැහැදිලියි. රාජපක්‍ෂ දරන මේ වියරු ප‍්‍රයත්නය පරාජය කළ යුතුයි. රාජපක්‍ෂ ජයග‍්‍රහණයේදී මෙන්ම පරාජයේදීත් පාඩම් ඉගෙන ගන්නේ නැහැ. අපි ජාතික සමගිය ගොඩනගන්න ජාතිවාදී ප‍්‍රවේශයන් සියල්ල පරාජය කළ යුතුයි.
මැතිවරණයෙන් පසු තත්වය ගැන සලකා බලන විට ප‍්‍රචණ්ඩකාරී කි‍්‍රයා, බලහත්කාරකම් වගේම මහවැලි ඉඩම් බලෙන් අත්පත්කරගැනීම දක්වා විවිධ දේ කි‍්‍රයාත්මක වන බව පේනවා. හිංසාකාරී සහ පීඩාකාරී කි‍්‍රයාමාර්ගවල සිට දේශපාලන වුවමනාවන් වෙනුවෙන් දරන මේ සියලූ ප‍්‍රයත්නයන් අපි හෙළා දකිනවා. දේශපාලන බලය අනිසි ලෙස යොදා ගැනීමට එරෙහිව පක්‍ෂයක් විදියට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරනවා. පශ්චාත් මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාමාර්ග ගැන ආණ්ඩුවේ විශේෂ අවධානය යොමුකළ යුතුයි. ජනතා විමුක්ති පෙරමුණේ අපි අපේ ශාඛා සමිති මගින් ගම් මට්ටම දක්වා දේශපාලන ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවලට එරෙහිව කි‍්‍රයා කිරීමට අපේ සාමාජිකයන් දැනුවත් කර තිබෙනවා."
"අගවිනිසුරු ඉවත් කිරීම සම්බන්ධ ප‍්‍රශ්නය සාකච්ඡුා කිරීම නීතිඥ සංගමයේ අයිතියක්. රාජපක්‍ෂ පාලන කාලය තුළ යහපාලනය සම්පූර්ණයෙන් අහෝසි කරමින් අධිකරණයට මැදිහත් වූ ආකාරය, ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය නෙරපා හැරීමෙන් පැහැදිලි වුණා. ශී‍්‍ර ලංකා නීතිඥ සංගමය එම නෙරපා හැරීම මෙන්ම මොහාන් පීරිස් මහතා පත්කිරීමත් ව්‍යවස්ථා විරෝධී බව පෙන්වා දී තිබෙනවා. පත්කිරීම ව්‍යවස්ථා විරෝධී නම්, ඉවත් කිරීම ව්‍යවස්ථා විරෝධී නම් එම තත්වයන්ට එරෙහිව පියවර ගැනීමත් ආණ්ඩුවේ වගකීමක්. පවතින නීති රීතිවලට අනුව වැරදිකරුවන්ට දඬුවම් ලබාදීම දේශපාලන පළිගැනීමක් නොවේ. ශිරානි බණ්ඩාරනායක මහත්මිය ඉවත් කිරීම, සරත් ෆොන්සේකා මහතාගේ ජෙනරාල් තනතුර ඉවත් කිරීම, විශ‍්‍රාම වැටුප් කපාහැරීම වගේ කි‍්‍රයාමාර්ග ව්‍යවස්ථා විරෝධී නම් එය නිවැරදි කරමින් ව්‍යවස්ථානුකූලව කටයුතු කිරීම දේශපාලන පලිගැනීමක් හෝ විශේෂ වරප‍්‍රසාද ලබාදීමක් නොවේ. ඒ නිසා එක් එක් සිදුවීම සම්බන්ධයෙන් නිරීක්‍ෂණය කළ යුතුයි. දේශපාලන පලිගැනීමක්ද නැද්ද යන්න තේරුම්ගත යුත්තේ ඒ අනුවයි. පූර්ව නිගමන සිදුවීමෙන් සිදුවීමට අදාල වෙන්නේ නැහැ. මූලික නීීතිය සම්බන්ධයෙන් පූර්ව තත්වයන් පමණක් අදාල වෙනවා.
කුමන්ත‍්‍රණ සම්බන්ධයෙන් දැනට ලැබෙනමින් පවතින තොරතුරු අනුව එයට සහභාගි වූවන් රටින් පිටව යාම වැළැක්විය යුතුයි. එම තොරතුරු ක‍්‍රමිකව හෙළිවෙමින් තිබෙන්නේ. ඉදිරි කි‍්‍රයාමාර්ග ඒ නිසා යම්කිසි මන්දගාමී තත්වයක තිබෙන බව අපි පිළිගත යුතුයි. උතුරේ හමුදා කඳවුරුවලට ගල් ගැසීම වගේ කටකතා වගකීමක් දරන නිලධාරීන් විසින් ප‍්‍රතික්‍ෂේප කරනු ලැබුවා. හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වගේම උතුරේ නියෝජ්‍ය පොලිස්පතිවරයාත් මෙවැනි සිද්ධීන් නැති බව තහවුරු කළා. පරාජිත කල්ලිය ජාතිවාදී ගින්නට රට ඇදලා දාන්න උත්සාහ කරන අතර ඒ තුළින් යළි බලයට එන්න හිතාමතාම කුමන්ත‍්‍රණ කරන බව මේ කටකතාවලින් පැහැදිලි වෙනවා. ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් කටකතා පැතිරවීම නීතියෙන් දඬුවම් කළ යුතු වරදක්. ඒ සම්බන්ධයෙන් අපි කාටත් පැහැදිලි අවබෝධයකින් සිටිය යුතු වෙනවා. දින 100ක කාලය තුළ සමාජ ප‍්‍රතිසංස්කරණ දිනාගැනීමට අපි ඒ ගැන අවධානයෙන් කි‍්‍රයා කිරීම සමාජයක් හැටියට පිළිගත යුතු වගකීමක්. දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි ඒ කාර්යභාරයට උරදී අවසානයි. රාජ්‍ය මාධ්‍යයේ කි‍්‍රයාකාරිත්වය සම්බන්ධයෙන් තිබෙන ප‍්‍රශ්නයේදී රාජපක්‍ෂ පවුල වෙනුවට තවත් කවරාකාරයෙන් හෝ පවුලක බූදලයක් බවට එම ආයතන පත් නොවිය යුතුයි. රාජපක්‍ෂ අකටයුතුකම් 1000ක් කිරීමට වඩා බලවත් සේ වර්තමාන ජනාධිපතිවරයා 10ක් කළහොත් සමාජයට දැනෙන ප‍්‍රමාණය වැඩි බව තේරුම්ගත යුතුයි. සමාජය ඒ අවබෝධයෙන් පෙළගැසී සිටීම අගය කළ යුතු දෙයක්. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහ පාලනය දිනා ගැනීමත් මේ අවබෝධය සහිතවම කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ අපි අවධාරණය කරනවා."

Last edited: