ඉදිරි දශක තුල රටේ සුළු පරිමාන ව්‍යාපාර කොş
ඉදිරි දශක කිහිපය තුල රටේ සුළු පරිමාන ව්‍යාපාර කොයිබටද.
ආයුබෝවන් අපේ එළකිරි ( The largest Srilankan online community ) යාළුවො ඔක්කොටම. ටික දවසකින් ත්‍රෙඩ් එකක් අරගෙන ආව.නමුත් හැමදාම වගේ සංචාරක හූයක් වත්, අපි දකින, අහන සිදුවීමක් වත් ගැන නෙමේ අද මම කතා කරන්න යන්නේ.මේ නූල ඇතුලේ ඕනෙම කෙනෙකුට තමුන්ගේ අදහස්, අත්දැකීම්,වගේම තවත් කෙනෙකුට ප්‍රයෝජනයට ගන්න හැකි අදහස් ඉදිරිපත් කරයි කියල මම බලාපොරොත්තු වෙනවා.
ඇත්තටම '' ව්‍යාපාර '' කියන්නේ මට අලුත්ම මාතෘකාවක්. ඒ වගේම බොහොම සීමිත දැනුමක් තමා මට ඒ සම්බන්ධව තියෙන්නේ. මොකද මම මෙතුවක් කාලෙට ඒ සම්බන්ධව වැඩි යමක් දැනගෙන සිටියේ නෑ, වගේම උවමනාවක් තිබුනේ නෑ.
නමුත් ව්‍යාපාර කියන්නේ තනි පුද්ගල වගේම පොදුවේ සමාජය නගා සිටුවන්න පුළුවන්, රටක ආර්ථිකයට අතිශයින් වැදගත් වෙන මාතෘකාවක්.
සමස්ත ජනගහනය සැලකුවොත් ව්‍යාපාර වල නියැලෙන පිරිස අඩුයි නමුත් ඒ නියැලෙන පිරිස අතරින් සුළු පරිමාණ ව්‍යාපාර වැඩියි.
සමස්ත ලෝකයම තනි ඒකකයක් වශයෙන් සැලකුවොත් ඉදිරි දශක කිහිපය කියන්නේ මිනිස් ප්‍රජාවට අතිශයින් තීරණාත්මක කාල වකවානුවක්.
ගෝලීය වශයෙන් පිළිගත් යම් යම් මතවාද බැහැර වෙමින් තිබෙන අතර අලුත් සංකල්ප ලෝකෙට එකතු වෙන, මිනිසුන් වැලඳ ගන්න බවක් පෙන්න තියෙනවා.
උදාහරණ -
පුනර්ජනනීය බලශක්තිය.
හරිත සංකල්පය
තොරතුරු තාක්ෂනය
ගුණාත්මක ආහාර රටාවන්
ලෝක දේශගුණය
සම්පත් ක්‍ෂය වීම
සෞඛ්‍යය රටාව
ඉතින් මේ අලුත් සංකල්ප එක්ක සුළු පරිමාණ ව්‍යාපාර වල ඉදිරි දශක කිහිපය තුල අනාගතය කොහොම වේවිද ?
මම උදාහරණයකට මගේම අත්දැකීම සමගින් කතා කරන්නම්. දැනට මම කුඩා පරිමාණයෙන් '' කරවල (Dry fish) '' වෙළඳාමක් කරනවා.
නමුත් කරවල වේලන කොට අධික ලුණු භාවිතා කරනවා. තව ඉස්සරහට මිනිස්සු ලුණු භාවිතය අඩු කරන මට්ටමට පැමිණියොත් කරවල කෑම ගැන දෙපාරක් හිතන්න වෙනවා.අන්න ඒක නිසා පරීක්ෂණ මට්ටමෙන් වියලි සුලන් ධාරා පාවිච්චි කරලා මාළු වේලන්න මම උත්සහ කලත් විශාල පරිමාණයෙන් ඒක ලාභදායි නෑ වගේම, ඉක්මනින් පුස් අල්ලන්න බලනවා.
ඉදිරි දශක කිහිපය තුල ලෝකයේ ඉල්ලුමක් ඇති වේ යයි අනුමාන කරන අවශ්‍යතා කිහිපයක් මම පහතින් සඳහන් කරන්නම්.
මේ සම්බන්ධයෙන් ඔබේ අත්දැකීම්, දැනුම සහ අදහස් මොනවාද?
ස්වභාවික බලශක්ති ප්‍රභවයන්.
සුලන් බලාගාර / ගෘහාශ්‍රිත සුර්යය පැනල
විදුලි වාහන
කාබනික ආහාර ( එළවලු/ පලතුරු/ මස් )
ධාන්‍යය වර්ග
කුළුබඩු / වැනිලා /ස්වාභාවික රසකාරක
ශාරීරික සුවතා මධ්‍යස්ථාන
ආයුර්වේද ඖශධ
මේ ආශ්‍රිත ව්‍යාපාර අවස්ථා කොහොමද?
ඉදිරි දශක කිහිපය තුල තව ඉල්ලුම වැඩි වේයැයි අනුමාන කල හැකි අංශයන් මොනවාද?
මේ සම්බන්ධයෙන් කරුණු පිළිවෙලට ගොඩ නගන්න මට වැඩිය තේරෙන්නේ නෑ.
අවසාන වශයෙන් මගේ අරමුණ අපි දැනට කරගෙන යන ව්‍යාපාර වල අනාගතය කොහොමද? අලුතෙන් පටන් ගන්න කෙනෙකුට ඒ සඳහා සුදුසු මාර්ග මොනවද වගේ කරුණු ගැන සංවාදයක් ඇති කරන්න.
අන්තර්ජාල හරහා මුදල් උපයන එක ගැන නම් මම කිසිම දෙයක් දන්නේ නෑ. ඒ සම්බන්ධයෙන් ගොඩක් ත්‍රෙඩ් තියෙන නිසා මම ඒක ඇතුල් කලේ නෑ.
විශේෂයෙන් මම ස්වාභාවික පරිසරය එක්ක බැඳුනු කරුණු ඔස්සේ ඉදිරිපත් කරන්නේ මොකද මිනිස්සු තමුන්ගේ, දරුවන්ගේ සෞඛ්‍යය රටාව, පරිසර හානිය, තිරසාර සංවර්ධන වගේ කරුණු ගැන දැන් දැන් ටිකක් හිතන්න පටන් අරගෙන තියෙනවා. ඒක නිසා මම අනුමාන කරනවා මිනිස්සු තනි ඒකක වශයෙන් මේ ගැන සැලකිලිමත් වීම ඉදිරියේදී වැඩි වෙයි කියල.
සංවාදයට ඉඩ