ඉදිරි දශක තුල රටේ සුළු පරිමාන ව්‍යාපාර කො&#351

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඉදිරි දශක තුල රටේ සුළු පරිමාන ව්‍යාපාර කො&#351

    ඉදිරි දශක කිහිපය තුල රටේ සුළු පරිමාන ව්‍යාපාර කොයිබටද. :D

    yoQAvDU.jpg

    ආයුබෝවන් අපේ එළකිරි ( The largest Srilankan online community ) යාළුවො ඔක්කොටම. ටික දවසකින් ත්‍රෙඩ් එකක් අරගෙන ආව.නමුත් හැමදාම වගේ සංචාරක හූයක් වත්, අපි දකින, අහන සිදුවීමක් වත් ගැන නෙමේ අද මම කතා කරන්න යන්නේ.මේ නූල ඇතුලේ ඕනෙම කෙනෙකුට තමුන්ගේ අදහස්, අත්දැකීම්,වගේම තවත් කෙනෙකුට ප්‍රයෝජනයට ගන්න හැකි අදහස් ඉදිරිපත් කරයි කියල මම බලාපොරොත්තු වෙනවා.:)

    ඇත්තටම '' ව්‍යාපාර '' කියන්නේ මට අලුත්ම මාතෘකාවක්. ඒ වගේම බොහොම සීමිත දැනුමක් තමා මට ඒ සම්බන්ධව තියෙන්නේ. මොකද මම මෙතුවක් කාලෙට ඒ සම්බන්ධව වැඩි යමක් දැනගෙන සිටියේ නෑ, වගේම උවමනාවක් තිබුනේ නෑ.:no:
    නමුත් ව්‍යාපාර කියන්නේ තනි පුද්ගල වගේම පොදුවේ සමාජය නගා සිටුවන්න පුළුවන්, රටක ආර්ථිකයට අතිශයින් වැදගත් වෙන මාතෘකාවක්.
    සමස්ත ජනගහනය සැලකුවොත් ව්‍යාපාර වල නියැලෙන පිරිස අඩුයි නමුත් ඒ නියැලෙන පිරිස අතරින් සුළු පරිමාණ ව්‍යාපාර වැඩියි.:cool:

    සමස්ත ලෝකයම තනි ඒකකයක් වශයෙන් සැලකුවොත් ඉදිරි දශක කිහිපය කියන්නේ මිනිස් ප්‍රජාවට අතිශයින් තීරණාත්මක කාල වකවානුවක්.
    ගෝලීය වශයෙන් පිළිගත් යම් යම් මතවාද බැහැර වෙමින් තිබෙන අතර අලුත් සංකල්ප ලෝකෙට එකතු වෙන, මිනිසුන් වැලඳ ගන්න බවක් පෙන්න තියෙනවා.
    උදාහරණ -

    පුනර්ජනනීය බලශක්තිය.
    හරිත සංකල්පය
    තොරතුරු තාක්ෂනය
    ගුණාත්මක ආහාර රටාවන්
    ලෝක දේශගුණය
    සම්පත් ක්‍ෂය වීම
    සෞඛ්‍යය රටාව

    ඉතින් මේ අලුත් සංකල්ප එක්ක සුළු පරිමාණ ව්‍යාපාර වල ඉදිරි දශක කිහිපය තුල අනාගතය කොහොම වේවිද ?

    මම උදාහරණයකට මගේම අත්දැකීම සමගින් කතා කරන්නම්. දැනට මම කුඩා පරිමාණයෙන් '' කරවල (Dry fish) '' වෙළඳාමක් කරනවා.

    jPm2FtD.jpg

    නමුත් කරවල වේලන කොට අධික ලුණු භාවිතා කරනවා. තව ඉස්සරහට මිනිස්සු ලුණු භාවිතය අඩු කරන මට්ටමට පැමිණියොත් කරවල කෑම ගැන දෙපාරක් හිතන්න වෙනවා.අන්න ඒක නිසා පරීක්ෂණ මට්ටමෙන් වියලි සුලන් ධාරා පාවිච්චි කරලා මාළු වේලන්න මම උත්සහ කලත් විශාල පරිමාණයෙන් ඒක ලාභදායි නෑ වගේම, ඉක්මනින් පුස් අල්ලන්න බලනවා.

    ඉදිරි දශක කිහිපය තුල ලෝකයේ ඉල්ලුමක් ඇති වේ යයි අනුමාන කරන අවශ්‍යතා කිහිපයක් මම පහතින් සඳහන් කරන්නම්.
    මේ සම්බන්ධයෙන් ඔබේ අත්දැකීම්, දැනුම සහ අදහස් මොනවාද?

    dhyHx7m.jpg

    wYRvX6H.gif

    ghLxfGK.jpg

    ස්වභාවික බලශක්ති ප්‍රභවයන්.
    සුලන් බලාගාර / ගෘහාශ්‍රිත සුර්යය පැනල
    විදුලි වාහන

    qaJd2IG.jpg

    FYViRS3.jpg

    කාබනික ආහාර ( එළවලු/ පලතුරු/ මස් )

    0LM3oIY.jpg

    ධාන්‍යය වර්ග

    w4CFx89.jpg

    RGSQavw.jpg

    කුළුබඩු / වැනිලා /ස්වාභාවික රසකාරක

    5Ncsz8Q.jpg

    ශාරීරික සුවතා මධ්‍යස්ථාන

    OC4kuHK.jpg

    ආයුර්වේද ඖශධ

    මේ ආශ්‍රිත ව්‍යාපාර අවස්ථා කොහොමද?
    ඉදිරි දශක කිහිපය තුල තව ඉල්ලුම වැඩි වේයැයි අනුමාන කල හැකි අංශයන් මොනවාද?

    මේ සම්බන්ධයෙන් කරුණු පිළිවෙලට ගොඩ නගන්න මට වැඩිය තේරෙන්නේ නෑ.
    අවසාන වශයෙන් මගේ අරමුණ අපි දැනට කරගෙන යන ව්‍යාපාර වල අනාගතය කොහොමද? අලුතෙන් පටන් ගන්න කෙනෙකුට ඒ සඳහා සුදුසු මාර්ග මොනවද වගේ කරුණු ගැන සංවාදයක් ඇති කරන්න.

    අන්තර්ජාල හරහා මුදල් උපයන එක ගැන නම් මම කිසිම දෙයක් දන්නේ නෑ. ඒ සම්බන්ධයෙන් ගොඩක් ත්‍රෙඩ් තියෙන නිසා මම ඒක ඇතුල් කලේ නෑ.:no:

    විශේෂයෙන් මම ස්වාභාවික පරිසරය එක්ක බැඳුනු කරුණු ඔස්සේ ඉදිරිපත් කරන්නේ මොකද මිනිස්සු තමුන්ගේ, දරුවන්ගේ සෞඛ්‍යය රටාව, පරිසර හානිය, තිරසාර සංවර්ධන වගේ කරුණු ගැන දැන් දැන් ටිකක් හිතන්න පටන් අරගෙන තියෙනවා. ඒක නිසා මම අනුමාන කරනවා මිනිස්සු තනි ඒකක වශයෙන් මේ ගැන සැලකිලිමත් වීම ඉදිරියේදී වැඩි වෙයි කියල.:yes:

    සංවාදයට ඉඩ :)
     
    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    subscribed!

    Solar power panels karna un thana thana innawa neda?
    kohomada danne unge business.

    Organic beauty products have a good market too.
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ශ්‍රමය අඩුවෙන් භාවිතා වන දීර්ඝකාලීන අස්වනු ලබාදෙන, අපනයන් තත්වයේ භෝග වගාව ඉතා වේගයෙන් දියුණු වන ව්‍යාපාර තත්වයක්.
    පවුලේ ව්‍යාපාරයක් වශයෙන් සාමුහික ප්‍රයත්නයකින් ශ්‍රම බලකාය ඒකාකාරීව ලබාගත හැකියි. කුළියට මිනිස්සු හොයන එක ලේසි කටයුත්තක් නෙවෙයි. යම් ස්ථාවර ආදායමක් ලැබෙන තුරු වියදම් කළමණාකරණය ඉතා වැදගත්. ඒ ආශිතව ආයෝජනය කිරීම මගේත් බලාපොරොත්තුවක්...

    මේ ව්‍යාපාර රටාව කාටවත් [/Cකරදරයක් නැති, පරිසර හිතකාමී, ලංකාවට ඩොලර් ගෙනෙන ව්‍යාපාරයක් ...
     
    • Like
    Reactions: $Gangster$

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    පුස් හැදෙනවාට විකල්ප විසඳුම් ඇති, කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් මේ වගේ ප්‍රශ්ණ වලට විසඳුම් ගන්න පුළුවන්, එතන පුහුණු වැඩමුළු ආදිය තියෙනවා, https://www.idb.gov.lk/index.php?lang=si
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    නියම වැඩක් ඩොඩෝ...

    සෝලා පැනල් ඇතුලු පුනර්ජනනීන බලශක්ති ප්‍රභව වලට අනිවාරෙන් විශාල ඉල්ලුමක් ඇති වෙයි..

    සෝලා චාජිං කාර් පාක් වගේ දේවල් ඇති වෙයි හුඟක් හයිවේ එන්ට්‍රන්ස් ලඟ එහෙම..

    මුහුදු රල විදුලි උත්පාදක අපේ රටට හුඟක්ම වටිනව වටේම මුහුද නිසා... මේව නම් මහාපරිමානෙන් රජයේ අනුග්‍රහය ඇතිව කරන්න වෙයි.. වෙරල දූෂණය වැඩි වෙන්න පුලුවන් නිසා එහෙම වෙන එක වඩාත් හොඳයි

    ආහාර ක්ෂේත්‍රය ගත්තොත් පාරම්පරික සහල් භාවිතය ආයෙමත් ආරම්භ වෙයි.. මම ගොඩක් කැමති දෙයක් ඒක.. රස.ගුණ අතින් ඉහලයි.. රසායනික වස විස මුකුත් නෑ..

    ඒ වගේම කාබනික ආහාර භාවිතය වැඩි වෙනව.. දැනටම කීල්ස්.එකේ එහෙම.තියනව..

    පුද්ගලික.සමාගමක් කරන්නෙ..ඒ අතින් සෑහෙන ඉදිරියක්.තියෙයි
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    1. ස්වාභාවික කෘමිනාශක , පරිසර හිතකාමී වල් නාශක , කොම්පෝස්ට් පොහොර
    2. සැප පහසු පොදු ප්‍රවාහන බස් රත .
    3. කුඩා ගෙවත්තක වගා කලහැකි බෝග .
    4. සුරතල් සතුන්ගේ ආහාර .
    5. සුප් වර්ග , පලතුරු යුශ .
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    subscribed!

    Solar power panels karna un thana thana innawa neda?
    kohomada danne unge business.

    Organic beauty products have a good market too.

    ගෙවල් වලට සෝලාර් පැනල් දාන එක තාම ලංකාවේ ගොඩක් ජනප්‍රිය නෑනේ. වියදම් ටිකක් වැඩියි නේ. මුලික වියදම.

    Organic beauty products.... මේකත් හොඳ පැත්තක් තමා. තව විස්තර ටිකක් හොයල බලන්න ඕනේ.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ශ්‍රමය අඩුවෙන් භාවිතා වන දීර්ඝකාලීන අස්වනු ලබාදෙන, අපනයන් තත්වයේ භෝග වගාව ඉතා වේගයෙන් දියුණු වන ව්‍යාපාර තත්වයක්.
    පවුලේ ව්‍යාපාරයක් වශයෙන් සාමුහික ප්‍රයත්නයකින් ශ්‍රම බලකාය ඒකාකාරීව ලබාගත හැකියි. කුළියට මිනිස්සු හොයන එක ලේසි කටයුත්තක් නෙවෙයි. යම් ස්ථාවර ආදායමක් ලැබෙන තුරු වියදම් කළමණාකරණය ඉතා වැදගත්. ඒ ආශිතව ආයෝජනය කිරීම මගේත් බලාපොරොත්තුවක්...

    මේ ව්‍යාපාර රටාව කාටවත් [/Cකරදරයක් නැති, පරිසර හිතකාමී, ලංකාවට ඩොලර් ගෙනෙන ව්‍යාපාරයක් ...

    තෙඹු වර්ග, කෝමාරිකා වගේ ගෘහාශ්‍රිත පැළෑටි වලට තියෙන ඉල්ලුම කොහොමද?
    මගේ දුරින් නෑ වෙන මාමා කෙනෙක් ඉන්නවා. එයාගේ ඉඩමේ එයා පිටරට හෝටල් වල මල් සැරසිලි වලට ගන්න පොඩි කොළ ඉති වැවෙන ගහක් වවල තියෙනවා. ( මට ඒ ගැහෙ නම මතක නෑ. අඩි 5,6 විතර උස යන ටිකක් පුවක් කොලේ වගේ කොලයක් තියෙන්නේ ) ඒකෙ ඉත්තක් රුපියල් 10 - 15 අතර වෙනවා. මාස 3 සැරයක් කොළ කපනවා. කොහොමත් ඉති 2000 - 3000 අතර අස්වැන්නක් තියෙනවා.කිසිම සාත්තුවක් අවශ්‍ය නෑ. බිම් මට්ටමේ වගාවක් හැටියට කරන්නේ.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පුස් හැදෙනවාට විකල්ප විසඳුම් ඇති, කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් මේ වගේ ප්‍රශ්ණ වලට විසඳුම් ගන්න පුළුවන්, එතන පුහුණු වැඩමුළු ආදිය තියෙනවා, https://www.idb.gov.lk/index.php?lang=si

    මේ ගැන නම් මම දැනගෙන උන්නේ නෑ. ස්තුතියි යාළුවා....:)
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නියම වැඩක් ඩොඩෝ...

    සෝලා පැනල් ඇතුලු පුනර්ජනනීන බලශක්ති ප්‍රභව වලට අනිවාරෙන් විශාල ඉල්ලුමක් ඇති වෙයි..

    සෝලා චාජිං කාර් පාක් වගේ දේවල් ඇති වෙයි හුඟක් හයිවේ එන්ට්‍රන්ස් ලඟ එහෙම..

    මුහුදු රල විදුලි උත්පාදක අපේ රටට හුඟක්ම වටිනව වටේම මුහුද නිසා... මේව නම් මහාපරිමානෙන් රජයේ අනුග්‍රහය ඇතිව කරන්න වෙයි.. වෙරල දූෂණය වැඩි වෙන්න පුලුවන් නිසා එහෙම වෙන එක වඩාත් හොඳයි

    ආහාර ක්ෂේත්‍රය ගත්තොත් පාරම්පරික සහල් භාවිතය ආයෙමත් ආරම්භ වෙයි.. මම ගොඩක් කැමති දෙයක් ඒක.. රස.ගුණ අතින් ඉහලයි.. රසායනික වස විස මුකුත් නෑ..

    ඒ වගේම කාබනික ආහාර භාවිතය වැඩි වෙනව.. දැනටම කීල්ස්.එකේ එහෙම.තියනව..

    පුද්ගලික.සමාගමක් කරන්නෙ..ඒ අතින් සෑහෙන ඉදිරියක්.තියෙයි

    සොලාර් චාර්ජින් පැනල්.අනාගතයේදී මේ තත්වයක් තියෙන කාලෙක රජයට පුළුවන් නම් ලයිෂන් ක්‍රමයකට පෞද්ගලික අංශයට මේ කාර්යය පවරන්න, මම හිතන්නේ මිනිස්සුන්ට ලොකු ආදායම් මාර්ගයක් ලැබෙයි.

    ලබන අවුරුද්දේ කාබනික භෝග වගාව ගැන මම ප්‍රායෝගික අධ්‍යනයක් කරනවා. දැනටම ඒ වැඩ ලැස්ති කරලා තියෙන්නේ. මමත් ආසම දෙයක් තමා.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    1. ස්වාභාවික කෘමිනාශක , පරිසර හිතකාමී වල් නාශක , කොම්පෝස්ට් පොහොර
    2. සැප පහසු පොදු ප්‍රවාහන බස් රත .
    3. කුඩා ගෙවත්තක වගා කලහැකි බෝග .
    4. සුරතල් සතුන්ගේ ආහාර .
    5. සුප් වර්ග , පලතුරු යුශ .

    4. සුරතල් සතුන්ගේ ආහාර .
    5. සුප් වර්ග , පලතුරු යුශ .

    මේ දෙකත් මේ ලැයිස්තුවට එකතු කරන්න ඕනේ.:yes::yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    ශ්‍රමය අඩුවෙන් භාවිතා වන දීර්ඝකාලීන අස්වනු ලබාදෙන, අපනයන් තත්වයේ භෝග වගාව ඉතා වේගයෙන් දියුණු වන ව්‍යාපාර තත්වයක්.
    පවුලේ ව්‍යාපාරයක් වශයෙන් සාමුහික ප්‍රයත්නයකින් ශ්‍රම බලකාය ඒකාකාරීව ලබාගත හැකියි. කුළියට මිනිස්සු හොයන එක ලේසි කටයුත්තක් නෙවෙයි. යම් ස්ථාවර ආදායමක් ලැබෙන තුරු වියදම් කළමණාකරණය ඉතා වැදගත්. ඒ ආශිතව ආයෝජනය කිරීම මගේත් බලාපොරොත්තුවක්...

    මේ ව්‍යාපාර රටාව කාටවත් [/Cකරදරයක් නැති, පරිසර හිතකාමී, ලංකාවට ඩොලර් ගෙනෙන ව්‍යාපාරයක් ...

    monawada e ශ්‍රමය අඩුවෙන් භාවිතා වන දීර්ඝකාලීන අස්වනු ලබාදෙන, අපනයන් තත්වයේ භෝග?
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    සොලාර් චාර්ජින් පැනල්.අනාගතයේදී මේ තත්වයක් තියෙන කාලෙක රජයට පුළුවන් නම් ලයිෂන් ක්‍රමයකට පෞද්ගලික අංශයට මේ කාර්යය පවරන්න, මම හිතන්නේ මිනිස්සුන්ට ලොකු ආදායම් මාර්ගයක් ලැබෙයි.

    ලබන අවුරුද්දේ කාබනික භෝග වගාව ගැන මම ප්‍රායෝගික අධ්‍යනයක් කරනවා. දැනටම ඒ වැඩ ලැස්ති කරලා තියෙන්නේ. මමත් ආසම දෙයක් තමා.

    එල මචං.. මම සෝල වැඩ ටිකක් නම් කලා