ඉදුණු අඹ කෑමට ඔබත් කැමති වනු නොඅනුමානය. ඒ තුලින් ඔබ ජීවිතය දුටුවාද?
අඹය මලක් සේ පහල වූ දා පටන් එය කමයෙන් ඉදුණු අඹ ගෙඩියක තත්වයට එන තුරුම ඉබේටම වැඩී යයි. එය ලොව පවත්නා තත්වයයි. මෙය අපි දන්නෙමු. නමුත් අපි මේ ගැන සිතන්නේද? අපි මේ ආකාරයෙන් ලොව දෙස බලන්නේ නම් මෙයම අපට පමාණවත් වේ. කවුරු කුමක් කීවත් අපට කම් නැත. යමක් උපන් කල්හි එය කමයෙන් මහලු වයසට යයි. අනිත්‍යතාවය යනු එයයි. මහලු වයසට ගොස් ජරාවට පත් වෙයි. ඉන් පසු කුමක් වෙයිද? අපි මෙය ගැන සිත යොමු කොට එකඟ වූ සිතින් මෙනෙහි කරමු.
සාමාන්‍යයෙන් ජනතාව මහලු වීමට නොකැමැත්තෝය. ඔවුහු මහලු වන කල්හි ශෝක වෙති. මොවුහු ඉදුණු අඹ කෑමට අකමැති විය යුත්තෝය. අපට අඹ ඉදීමට අවශ්‍ය වන්නේ කුමකටද? ඒවා නියම වේලාවට නොඉදුනේ නම් අපි නොයෙක් උපකම යොදා ඒවා ඉදවමු. එසේ නොකරන්නේ යයි ඔබට කිව හැකිද? එහෙත් මහලු වන විට අපි ශෝකයෙන් පෙලෙන්නෙමු. සමහරු මේ අවස්ථාව පිලිගන්නේ අඬමිනි. තවත් අය තමන්ගේ මහලු වියට පත්වීම නොයෙක් අපචාරී ආකාරයට උත්සවයක් ආකාරයෙන් සමරන්නේය. කෙසේවෙතත් ඔවුහු මහලු වීමටත් මැරෙන්නටත් බිය වෙති. නමුත් ඔවුන් ඉදුණු අඹ කෑමට කැමතිය. නමුත් මේ තත්වය අනුව ඔවුන් කන්නට කැමති විය යුත්තේ අඹ මල්ය. අපි මේ බව නිවැරදිව බලා කල්පනා කරන්නේ නම් අපට ධර්මය පෙනෙන්නට වෙයි. එවිට අපේ සිතේ සාමය උදා වෙයි. මේ ආකාරයෙන් අපි ධර්මයෙහි සිත මෙහෙයවීමට මහන්සි ගනිමු.