ඉන්ටපොල් ගැන දන්නවද

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    ඉන්ටපොල් ගැන දන්නවද

    Interpolas-2011-01-27-82_large.jpg


    මෙහි ඇරඹුම 20 වැනි ශතවර්ෂයේදීයී. එවැනි පොලිස් සංවිධාන සෑදීමට උත්සහ කල අතර එහි පළමුවැන්න වුයේ 1914 දී Monte Carlo හි සංවිධානය වු International Criminal Police Congress යන්නයි. එය අසාර්ථක වුයේ ඒ සඳහා නිතී උපදේශකයන් හා දේශපාලන නියෝජිතයන් සම්බන්ධ වී සිටි නිසායි.
    ඉන්පසුව 1922 දී International Police Conference ලෙස ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරදී රැස්වු අතර නැවතත් රැස්වු අතර එය අසාර්ථක වුයේ ඒ සඳහා ලොව අවධානය නොතිබීමයි.
    නැවතත් නව මුහුණු වරකින් වියානා හි සේවය කළ පොලිස් අධිකාරීවරයකු වු ජොහාන් ස්වොබර් විසින් මෙහෙයවීමෙන් 1923 දී වියානා හි රැස්වු International Criminal Police Congress (ICPC) ලෙස ඇරඹු අතර ඒ සඳහා රුසියාව,ඕස්ට්‍රියාව,ජර්මනිය,බෙල්ජියම,පෝලන්තය,චීනය, ඊජිප්තුව,ප්‍රංශය,ග්‍රීසීය,හංගේරියාව,ඉතාලිය,නෙදර්ලන ්තය,රොමෙනියාව,ස්විඩනය,ස්විට්සර්ලන්තය හා යුගෝස්ලෝවැකියාව එකතුවිය. ඇමරිකාව නිල නොවන ලෙස මෙයට එක්වු අතර සමාජිකත්වය ලබා ගත්තේ 1938 දීය.
    එලෙසම එංගලන්තය 1928 දී එකතු විය.

    Chamikawpblogspotcom6_zps5b5b511a.jpg


    1938 දී සංවිධානය නාසීන් අතට පත් වු අතර සංවිධානයේ මුලස්ථානය 1942 දී බර්ලින් නුවර වෙත ගෙන යනු ලැබීය.
    1945 දෙවන ලෝක යුද්ධය අවසානයත් සමඟ එය නැවත International Criminal Police Organization ලෙස වෙනස් කරමින් ප්‍රංශයේ සෙන්ට් ක්ල්වුඩ්ස් හි පිහිටවනු ලැබීය.
    1989 දි එය වර්තමාන ස්ථානය වන ලියෝන් වෙත රැගෙන යන ලදි.

    Chamikawpblogspotcom8_zpsec2e17c6.jpg


    ඊට අමතරව කලාප කාර්යාල 7ක්ද ඇත. ඒ එක්සත් ජාතින් වෙනුවෙන් නිව්යෝර්ක් හි හා යුරෝපීය එකමුතුව වෙනුවෙන් බ්‍රසල් හි පිහිටා ඇත.
    CCC හෙවත් Command and Coordination Center නමින් හදුන්වන ප්‍රධාන කාර්යාලයට අමතරව ආර්ජන්ටිනාවේ ද තවත් ප්‍රධාන කාර්යාලයක් සිංගප්පුරුවේ ආරම්භ කිරීමට ද සැලසුම් කොට ඇත. එය දින 365 ම රාජකාරී කටයුතු සිදුකරන අතර වර්ෂයක අයවැය වියදම පවුම් මිලියන 70 පමණ වේ.
    ඔවුන් තම සමාජික රටවල් හා රහස්‍ය තොරතුරු බෙදා ගනු ලබන්නේ ඔවුන්ටම වෙන්වු දත්ත ගබඩාවකිනි.එය I-24/7 ලෙස හදුන්වයි.

    Chamikawpblogspotcom4_zps26b60526.jpg


    ඔවුන් ඒ සඳහා ඇතුලත් වීමට I-Link නමින් හදුන්වන මෙහෙයුම් පද්ධතිය යොදා ගන්නා අතර එමගින් ඔවුනට ජාත්‍යන්තර අපරාධ තොරතුරු තම සමාජික රටවල් හා බෙදා ගත හැකි වේ.
    විවිධ අංශයන්ට ඇතුලත් තොරතුරු එහි ඇතුලත් කොට අතර IBIN (Interpol Ballistic Information Network ) හැර අනෙක් අංශ වෙත ඇතුලත් වී තොරතුරු සෙවිය හැක.
    එහි තොරතුරු ඇතුලත් කොට ඇති ප්‍රධානම අංශ කිහිපයක්..

    Chamikawpblogspotcom2_zpsb591fd6e.jpg


    Chamikawpblogspotcom3_zps892f8434.jpg


    මේ වන විට රටවල් 190 ක් ජාත්‍යන්තර පොලීසිය හා එක්ව කටයුතු කරයි.එක්සත් ජාතීන්ගේ සංවිධානයට පසුව ලොව වැඩිම සමාජික පිරිසක් සිටින සංවිධානය මෙයයි.සෑම රටකම එයට වෙන්වු කාර්යාලයක් පවතින අතර එය National Central Bureau (NCB) ලෙස හදුන්වයි. එය එම රටේ පොලීසිය හා අනෙකුත් ආරක්ෂක අංශ හා සම්බන්ධව පවත්වා ගෙන යයි.
    සමාජික රටවල් හා නොවුන රටවල් මෙතින්න දැනගන්න..
    එම කාර්යාල නිලධාරීන් සිවිල් පුද්ගලයන් හා එම රටේම පොලිස් නිලධාරීන් මිශ්‍ර කොට සාදා ඇත.ඒ වසර කිහිපයක කාලයකටයි. එහිදී ඔවුනට හොද පුහුණුවක් ලබා දෙනු ලබයි. සිවිල් පුද්ගලයන් එහි ආයතන, නීති හා මානව සම්පත් යන අංශ වලින් කටයුතු කරනු ලබයි.2012 වසර තොරතුරු අනුව ප්‍රධාන කාර්යාලයේ රටවල් 98 අයත් පුද්ගලයන් 703 පිරිසක් රාජකාරී කර තිබුනි.
    විවිධ රටවල් වල අපරාධකරුවන් සොයා ගැනීම උදෙසා ඉන්ටර්පෝල් ආයතනය වෙත ඉල්ලීම් කරන අතර එය අනුමත වු පසු තම සියලුම සමාජික රටවලට නිකුත් කරනු ලබන තොරතුරු ඇතුලත් පණිවිඩය “නිවේදනය“ ලෙස හදුන්වයි.
    එය ඔවුන්ගේ නිල වෙබ් අඩවියේද ප්‍රසිද්ධ කරනු ලබයි.
    එය වැරදි අනුව විවිධ වර්ග ගනී.
    අප වැඩිපුරම අසා ඇත්තේ රතු නිවේදන ගැන විතරයි නේද?? වෙන වෙන පාට ඒවත් තියෙනවා...

    Chamikawpblogspotcom1_zps6a076318.jpg


    අපේ අයත් ඕනි තරම් ඉන්නවා .මෙන්න බලන්ට

    http://www.interpol.int/notice/search/wanted

    උපුටා ගැනීමක්,
    හොදියි නම් සලකලා යන්ට .
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ෆිල්ම් කෑලි වලින් නම් දැක්කලා තිබ්බට මතෝ පට්ට පෝස්ට් එක :P