ඉන්ටවිව් එකකදී ඔවුන් ඇත්තටම බලන්නේ මොනවාද?

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    ඉන්ටවිව් එකකදී
    ඔවුන් ඇත්තටම බලන්නේ:


    ඔබ කුමන වර්ගයේ පුද්ගලයෙක් ද? ආකල්ප මොනවාද?
    ඔවුන් බලාපොරොත්තු වෙන රැකියාව කිරීමට අවශ්‍ය තාක්ෂණ හැකියාව ඔබට තිබේද?
    ඔබ තොරතුරු තාක්ෂණය පිළිබඳව දරන්නේ කුමන ආකාරයේ දර්ශනයක්ද?
    යම් තාක්ෂණ ගැටළුකාරී අවස්ථාවක දී ඔබ එය විසඳීමට ගන්නා පියවර මොනවාද?

    ඒ සඳහා පහත ප්‍රශ්න අසනු ඇත.

    ඔබ ලබාගෙන ඇති certifications මොනවාද?
    ඔබට ප්‍රෝග්‍රැමින් කළ හැකි කළ හැකි භාෂාවන් මොනවාද?
    ඔබ කළ විශේෂ ව්‍යාපෘතියක් හා එහි ඔබ කළ කොටස මොකක්ද?
    යම් තොරතුරු තාක්ෂණ සංකල්පයක් ඔබට සරලව විස්තර කළ හැකිද?
    ඔබ agile ගැන සිතන්නේ කුමක්ද? ඒ වාසි හා ගැටලු මොනවාද?
    ඔබ සාමාන්‍යයෙන් භාවිතා කරන online resources මොනවාද?
    production environment එකක deployment දක්වා ක්‍රියාවලිය පැහැදිලි කරන්න පුළුවන්ද?

    ප්‍රායෝගික හැකියාව මැනීම සඳහා :

    ඉස්සෙල්ලම IQ Test එකක් දෙන්න පුලුවන්.
    Coding කරලා විසඳන්න ප්‍රායෝගික පරීක්ෂණයක් දෙන්න පුළුවන්.
    MCQ දෙන්නත් පුළුවන්.

    Interview එකට යන්න කලින්, ඒ ආයතනය ගැන හොඳ අධ්‍යයනයක් කරන්න. හොඳම දේ තමයි වැඩ කරන කෙනෙක්ගෙන් අහල බලන එක. එක එක ආයතන වල බඳවා ගන්නා සංස්කෘතිය වෙනස්.

    එයාලා ඔයාගේ CV එක හොඳට බලලා ඉන්නේ. ඒකෙන් තමයි ඔබ පළමු වටයෙන් තේරිලා ඉන්නේ. අනිවාර්යයෙන්ම ඔවුන් ඔබ එහි ඉදිරිපත් කරන කරුණු, verify කරයි. යමක් අහනකොට CV එකේ තියන කරුණු අනුව තමයි උත්තර දෙන්න තියෙන්නේ. එනිසා ඔබේ CV එක ඔබ ගැන කැඩපතක් කරගන්න. රැකියාව අනුව, ආයතනයේ අනුව දාන CV එකක් වෙනස් වෙන්න පුළුවන්.

    හුඟක් අය කැමති යමක් ඉක්මනින් ඉගෙන ගැන වැඩේ කරන අයට. මොකද අපි හැම දෙයක්ම දන්නේ නැහැනේ. වැඩ ගැන ඔබගේ interest එක පෙන්නන්න. Challenge එකක් ගන්න පුළුවන් කෙනෙක් බව පෙන්වන්න. සිනහමුසු මුහුණෙන් සිටින්න. ප්‍රීතිමත් පුද්ගලයන්ට හැමෝම කැමතියි. ගොඩාක් සීරියස්, දරදඬු වෙන්නැතුව relax එකේ ඉන්න. ප්‍රශ්න වලට හොඳින් සවන් දෙන්න. පිළිතුරු දීමට පෙර මනසේ පිළිතුර ගොඩනගන්න. එකවරම පිළිතුරු දෙනවාට වඩා තත්පර කීපයක් ඒ ගැන සිතීම වැදගත්. ඔවුන් එය අගය කරාවි. ඒ කියන්නේ පිළිතුර හොඳට design කරලා දෙන්න.

    Software engineering වලට පහත දේ දැනගෙන යන්න.

    Normalization & SQL
    OOP
    Requirement Specification
    Error Handling
    Modularization
    Agile
    Design Patterns
    Responsive design
    Data Structures & Algorithms
    Testing Methods
    Version Control

    තව තියෙනවා....

    Search කරලා බලන්න, අහන ප්‍රශ්න ගැන. 50ක් 60ක් අතරින් තමා කීපයක් අහන්නේ. කට පාඩම් කරල නං හරියන්නෑ. හැබැයි ඒවා බලපුවාම ඔබට තේරේවි මොනවද දැනගෙන යන්න ඕනේ කියලා.

    එයාලා ඔබව ගන්නවනං ඔබ දන්න දේ ගැන අහන්නේ. නොදන්න දේ අහනවා නං, අනන්න තමා හදන්නේ. වැඩේ හරියන්නෑ. එයාලා ඔයාව තෝර ගන්නවා වගේ. ඔයත් එයාලව තෝරගන්න. සමහර තැන්වල, සමහර මිනිස්සු එක්ක වැඩ කරන්න බෑ.

    එයාලට අවශ්‍ය නිසා තමයි කෙනෙක් හොයන්නේ. එක තනතුරකට ගොඩක් අය ආවොත් හොඳම කෙනා තමයි ගන්නේ. ඒ නිසා එයාලා අහන්ඩ පුළුවන් ප්‍රශ්න සහ ඒවා වලට ඔබේ හැකියාව අනුව දෙන්න පුළුවන් පිළිතුරු පුරුදු වෙලා යන එක හොඳයි. සමහර වෙලාවට උත්තරේ දැනගෙනත් හරි උත්තරේ දීගන්න බැරි වෙනවා. පස්සේ මතක් වෙනවා අපරාදේ කියලා.

    දන්න දේවල් ඉතාම කෙටි කාලයකදී ඉදිරිපත් කරන එක විශේෂ හැකියාවක්. ඒක හදාගන්න. යමක් නොදැනීම ඔබගේ අඩුවක් නෙමෙයි, ඕනෙ දෙයක් ඉගෙන ගන්න පුළුවන්. සංකල්ප වලට මුල්තැන දෙන්න.

    Direct අහන ප්‍රශ්න වලට. දිග පිළිතුරු දෙන්න එපා. විස්තර කරන්න කීවොත්, කෙටියෙන් කියන්න. ඔබට ප්‍රශ්නය නොතේරුනොත් , බය නැතුව නැවත අහන්න.
    ඔවුන් අහන ප්‍රශ්නයට ඔබ දෙන පිළිතුරට, තවත් ප්‍රශ්නයක් ඔවුන් එකතු කළොත්, වැඩි විස්තරයක් දෙන්න වෙලාව. මතක තබාගන්න ඒ කුඩා කාලය ඔවුන් ගැන නෙවෙයි. ඔබ ගැනයි. බය නැතුව, චකිතයක් නැතුව කතා කරන්න.

    ඒ වගේම එයාලා බලනවා ඔබ කොයිතරම් stable ද කියලා. ඔබ කලින් ආයතනයක වැඩ කළා නම්, අයින් වුන හේතුව ඔවුන් අහාවි. තැනින් තැනට පනින අයට ආයතන කැමති නැහැ. අවුරුදු තුනක් වත් ඉන්න අය තමයි එයාලා හොයන්නේ. සමාහරු ආයතනයට ලොකු වටිනාකමක් ගේනවා. අවුරුදු හත අට 10 ඉන්න අය ඉන්නවා.

    දීර්ඝකාලීන කෙනෙක් තමයි ඕනෑම ආයතනයක් හොයන්නේ. දන්නවනේ අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී. රැකියාවලුත් එහෙමයි. පඩිය පමණක් නොවෙයි හැම දෙයක්ම එකතු කර මැන බලන්න.

    එක තැනක් එනවා පඩිය කතා කරගන්න. ඔබේ හිතේ ගානක් තියෙන්න ඕනේ. වැඩ කරන වෙලාව, නිවාඩු, වෙනත් වරප්‍රසාද ගැන ඔවුන් ගෙන් අහන්න. ඊට පස්සේ ඔබේ හිතේ තියෙන ගණන එහා මෙහා කරලා කියන්න. ඔබට දැනගන්න තියෙන දෙයක් අහන්නැතුව ඉන්න එපා.

    ඉන්ටවිව් එකකට face කරන විදිය තව අන්තර්ජාලයෙන් හොයලා බලන්න. හොඳට සූදානම් වෙලා යන්න. නැත්තං අපරාදේ කාලය සහ අවස්ථාව.

    #shilpasayura #nextgen

    මේ වගේ පොස්ට් ලබාගන්න nextGen page එකට like එකක් දාන්න. මේක share කරන්න.

    Source: https://www.facebook.com/NextGen-IoT-260216091537472/

     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,302
    896
    113
    Thama math hoyanooo....
    හැම එකේම ඕව නෙමේ බන්. උදාහරනයක් විදියට මම වැඩ කරන තැන කිසිම programming language එකක් අහන්නෙ නෑ. OOP අහන්නෙ නෑ. සරලව technology මොනවත් අහනෙ නෑ.
    බලන්නෙ ප්‍රශ්නෙකට approach කරන විදිය. හැම දේම හොදට තෙරුම් අරගන්නවද කියන එක. අනික ඒක හොදට විස්තර කරනන් පුලුවන්ද කියන එක.

    උදාහරනය්ක් කියන්නම්, ගොඩක් උන් time complexity ඇහුවාම, for loop දෙකක් දැක්ක ගමන් කියනව n^2 කියල. ඒඋනාට, n කියන්නෙ මොකක්ද, for loop දේකේ ieration count සමානද, ඕව ඇහුවම උත්තර නෑ. .
    අනික තමා ප්‍රශ්න අහන එක. ගොඩක් උන් assumption කරල ඕහේ කරගෙන යනව. සමහර වේලාවට ඉතින් අපි පැනල අහන්න ඕන ඇයි ඒක එහෙම හිතුවෙ කියල. array එකේ size එක 10 වගෙඋ නම් ඕක කීප පාරක iterate කරාට කමක් නෑනෙ. ඒ උනාට එක few million වෙන්න පුලුවන් නම් ඒක හරි යන්නෙ නෑ. ඉතින් ඔය වගේ එකක් ඇහුවෙ නැත්නම් උත්තර සම්පූර්න අවුල්.
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    Hoda Project karapu portfolio ekak thiyanwa nam project tika kohomada kare kiyala pennuwa gaman balenma gannawa ban. owa parana katha dan valid na.
     
    • Like
    Reactions: sniper21

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    එයාලා ඔයාගේ CV එක හොඳට බලලා ඉන්නේ. ඒකෙන් තමයි ඔබ පළමු වටයෙන් තේරිලා ඉන්නේ. අනිවාර්යයෙන්ම ඔවුන් ඔබ එහි ඉදිරිපත් කරන කරුණු, verify කරයි. යමක් අහනකොට CV එකේ තියන කරුණු අනුව තමයි උත්තර දෙන්න තියෙන්නේ. එනිසා ඔබේ CV එක ඔබ ගැන කැඩපතක් කරගන්න. රැකියාව අනුව, ආයතනයේ අනුව දාන CV එකක් වෙනස් වෙන්න පුළුවන්.

    -මේ statement එක දැක්කම දෙයක් මතක් උනා, මීට අවුරුදු ගානකට කලින් වෙච්ච සිද්දියක්.

    එක්තරා ආයතනයක, ඔන්න interview එකක් තිබ්බලු. ඔන්න CV ටිකත් අරගෙන කට්ටිය ඉන්නවා , 50ක් විතර , candidate ගේ 1ස්ට් interview එක . after school වගේ කට්ටිය ඔක්කොම,. එක්කෙනා එක්කෙනා ඇතුලට යනවා , ටිකකින් ආපහු එනවා . ඉන්නකොටත් එපා වෙලා ඉන්නේ, ඇයි යකෝ මෙතන දැන් කොච්චර වේලාවක්ද . ඔන්න නොම්බරේ කතා කරා , දැන් ගිහින් ඉදගත්තා interview එකට. එකෙක් CV එක බලනවා, ඇස් ලොකු කරන් බලල අනිකට දෙනවා , ඔහොම ඔහොම ඔක්කොම කට්ටිය දැන් CV එක කියවනවා winadi 5ක් විතර . Candidate ඉදගෙන . අන්තිමට , එකෙක් අහපි " Tell us , something about you ?" . Candidateට ටිකක් අවුල් ප්‍රශ්නේ, මොනවද කියන්නේ කියල, කලින් ඉන්ටව් වලට practice එකකුත් නැහැනේ. . ඉතින් අපහු ප්‍රශ්නයක් අහනවා, "Sure , Please specify what do you like to know , in addition to what is stated in my CV ?"

    panel එකේ ලොක්කිට හිනා. කට්ටිය කටු කුටු ගෑවා .

    ඊට පස්සේ කියනවා "well, this the first time a candidate raised this question at the first interview"..... bla bla ... "and we like the attitude of our employees be spot-on than beating around the bush". - we shall get back you .

    Candidate හිතනවා, වැඩේ අල තමා කියල. දවස් දෙක තුනකින් call එකක් එනවා, ඒ ආයතනයෙන් shortlist වෙලා තියෙනවා . competency exam එකකට එන්න කියල.
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    හැම එකේම ඕව නෙමේ බන්. උදාහරනයක් විදියට මම වැඩ කරන තැන කිසිම programming language එකක් අහන්නෙ නෑ. OOP අහන්නෙ නෑ. සරලව technology මොනවත් අහනෙ නෑ.
    බලන්නෙ ප්‍රශ්නෙකට approach කරන විදිය. හැම දේම හොදට තෙරුම් අරගන්නවද කියන එක. අනික ඒක හොදට විස්තර කරනන් පුලුවන්ද කියන එක.

    උදාහරනය්ක් කියන්නම්, ගොඩක් උන් time complexity ඇහුවාම, for loop දෙකක් දැක්ක ගමන් කියනව n^2 කියල. ඒඋනාට, n කියන්නෙ මොකක්ද, for loop දේකේ ieration count සමානද, ඕව ඇහුවම උත්තර නෑ. .
    අනික තමා ප්‍රශ්න අහන එක. ගොඩක් උන් assumption කරල ඕහේ කරගෙන යනව. සමහර වේලාවට ඉතින් අපි පැනල අහන්න ඕන ඇයි ඒක එහෙම හිතුවෙ කියල. array එකේ size එක 10 වගෙඋ නම් ඕක කීප පාරක iterate කරාට කමක් නෑනෙ. ඒ උනාට එක few million වෙන්න පුලුවන් නම් ඒක හරි යන්නෙ නෑ. ඉතින් ඔය වගේ එකක් ඇහුවෙ නැත්නම් උත්තර සම්පූර්න අවුල්.

    data structure/algo prashna da me. intern yaddith owa ahanawada ? :(
     
    • Like
    Reactions: Gwynbleidd

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,625
    6,181
    113
    කෙල්ලන්ගෙනම් ලස්සන
    depositphotos_128775994-stock-photo-man-touching-womans-butt-sexual.jpg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,999
    113
    School name .

    I faced over 50 job interviews. My feel is most of the top guys from popular schools & they need to maintain school name on first level of the team.
     
    • Like
    Reactions: windows_ubuntu