ඉන්ටවිව් එකකදී
ඔවුන් ඇත්තටම බලන්නේ:
ඔබ කුමන වර්ගයේ පුද්ගලයෙක් ද? ආකල්ප මොනවාද?
ඔවුන් බලාපොරොත්තු වෙන රැකියාව කිරීමට අවශ්‍ය තාක්ෂණ හැකියාව ඔබට තිබේද?
ඔබ තොරතුරු තාක්ෂණය පිළිබඳව දරන්නේ කුමන ආකාරයේ දර්ශනයක්ද?
යම් තාක්ෂණ ගැටළුකාරී අවස්ථාවක දී ඔබ එය විසඳීමට ගන්නා පියවර මොනවාද?
ඒ සඳහා පහත ප්‍රශ්න අසනු ඇත.
ඔබ ලබාගෙන ඇති certifications මොනවාද?
ඔබට ප්‍රෝග්‍රැමින් කළ හැකි කළ හැකි භාෂාවන් මොනවාද?
ඔබ කළ විශේෂ ව්‍යාපෘතියක් හා එහි ඔබ කළ කොටස මොකක්ද?
යම් තොරතුරු තාක්ෂණ සංකල්පයක් ඔබට සරලව විස්තර කළ හැකිද?
ඔබ agile ගැන සිතන්නේ කුමක්ද? ඒ වාසි හා ගැටලු මොනවාද?
ඔබ සාමාන්‍යයෙන් භාවිතා කරන online resources මොනවාද?
production environment එකක deployment දක්වා ක්‍රියාවලිය පැහැදිලි කරන්න පුළුවන්ද?
ප්‍රායෝගික හැකියාව මැනීම සඳහා :
ඉස්සෙල්ලම IQ Test එකක් දෙන්න පුලුවන්.
Coding කරලා විසඳන්න ප්‍රායෝගික පරීක්ෂණයක් දෙන්න පුළුවන්.
MCQ දෙන්නත් පුළුවන්.
Interview එකට යන්න කලින්, ඒ ආයතනය ගැන හොඳ අධ්‍යයනයක් කරන්න. හොඳම දේ තමයි වැඩ කරන කෙනෙක්ගෙන් අහල බලන එක. එක එක ආයතන වල බඳවා ගන්නා සංස්කෘතිය වෙනස්.
එයාලා ඔයාගේ CV එක හොඳට බලලා ඉන්නේ. ඒකෙන් තමයි ඔබ පළමු වටයෙන් තේරිලා ඉන්නේ. අනිවාර්යයෙන්ම ඔවුන් ඔබ එහි ඉදිරිපත් කරන කරුණු, verify කරයි. යමක් අහනකොට CV එකේ තියන කරුණු අනුව තමයි උත්තර දෙන්න තියෙන්නේ. එනිසා ඔබේ CV එක ඔබ ගැන කැඩපතක් කරගන්න. රැකියාව අනුව, ආයතනයේ අනුව දාන CV එකක් වෙනස් වෙන්න පුළුවන්.
හුඟක් අය කැමති යමක් ඉක්මනින් ඉගෙන ගැන වැඩේ කරන අයට. මොකද අපි හැම දෙයක්ම දන්නේ නැහැනේ. වැඩ ගැන ඔබගේ interest එක පෙන්නන්න. Challenge එකක් ගන්න පුළුවන් කෙනෙක් බව පෙන්වන්න. සිනහමුසු මුහුණෙන් සිටින්න. ප්‍රීතිමත් පුද්ගලයන්ට හැමෝම කැමතියි. ගොඩාක් සීරියස්, දරදඬු වෙන්නැතුව relax එකේ ඉන්න. ප්‍රශ්න වලට හොඳින් සවන් දෙන්න. පිළිතුරු දීමට පෙර මනසේ පිළිතුර ගොඩනගන්න. එකවරම පිළිතුරු දෙනවාට වඩා තත්පර කීපයක් ඒ ගැන සිතීම වැදගත්. ඔවුන් එය අගය කරාවි. ඒ කියන්නේ පිළිතුර හොඳට design කරලා දෙන්න.
Software engineering වලට පහත දේ දැනගෙන යන්න.
Normalization & SQL
OOP
Requirement Specification
Error Handling
Modularization
Agile
Design Patterns
Responsive design
Data Structures & Algorithms
Testing Methods
Version Control
තව තියෙනවා....
Search කරලා බලන්න, අහන ප්‍රශ්න ගැන. 50ක් 60ක් අතරින් තමා කීපයක් අහන්නේ. කට පාඩම් කරල නං හරියන්නෑ. හැබැයි ඒවා බලපුවාම ඔබට තේරේවි මොනවද දැනගෙන යන්න ඕනේ කියලා.
එයාලා ඔබව ගන්නවනං ඔබ දන්න දේ ගැන අහන්නේ. නොදන්න දේ අහනවා නං, අනන්න තමා හදන්නේ. වැඩේ හරියන්නෑ. එයාලා ඔයාව තෝර ගන්නවා වගේ. ඔයත් එයාලව තෝරගන්න. සමහර තැන්වල, සමහර මිනිස්සු එක්ක වැඩ කරන්න බෑ.
එයාලට අවශ්‍ය නිසා තමයි කෙනෙක් හොයන්නේ. එක තනතුරකට ගොඩක් අය ආවොත් හොඳම කෙනා තමයි ගන්නේ. ඒ නිසා එයාලා අහන්ඩ පුළුවන් ප්‍රශ්න සහ ඒවා වලට ඔබේ හැකියාව අනුව දෙන්න පුළුවන් පිළිතුරු පුරුදු වෙලා යන එක හොඳයි. සමහර වෙලාවට උත්තරේ දැනගෙනත් හරි උත්තරේ දීගන්න බැරි වෙනවා. පස්සේ මතක් වෙනවා අපරාදේ කියලා.
දන්න දේවල් ඉතාම කෙටි කාලයකදී ඉදිරිපත් කරන එක විශේෂ හැකියාවක්. ඒක හදාගන්න. යමක් නොදැනීම ඔබගේ අඩුවක් නෙමෙයි, ඕනෙ දෙයක් ඉගෙන ගන්න පුළුවන්. සංකල්ප වලට මුල්තැන දෙන්න.
Direct අහන ප්‍රශ්න වලට. දිග පිළිතුරු දෙන්න එපා. විස්තර කරන්න කීවොත්, කෙටියෙන් කියන්න. ඔබට ප්‍රශ්නය නොතේරුනොත් , බය නැතුව නැවත අහන්න.
ඔවුන් අහන ප්‍රශ්නයට ඔබ දෙන පිළිතුරට, තවත් ප්‍රශ්නයක් ඔවුන් එකතු කළොත්, වැඩි විස්තරයක් දෙන්න වෙලාව. මතක තබාගන්න ඒ කුඩා කාලය ඔවුන් ගැන නෙවෙයි. ඔබ ගැනයි. බය නැතුව, චකිතයක් නැතුව කතා කරන්න.
ඒ වගේම එයාලා බලනවා ඔබ කොයිතරම් stable ද කියලා. ඔබ කලින් ආයතනයක වැඩ කළා නම්, අයින් වුන හේතුව ඔවුන් අහාවි. තැනින් තැනට පනින අයට ආයතන කැමති නැහැ. අවුරුදු තුනක් වත් ඉන්න අය තමයි එයාලා හොයන්නේ. සමාහරු ආයතනයට ලොකු වටිනාකමක් ගේනවා. අවුරුදු හත අට 10 ඉන්න අය ඉන්නවා.
දීර්ඝකාලීන කෙනෙක් තමයි ඕනෑම ආයතනයක් හොයන්නේ. දන්නවනේ අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී. රැකියාවලුත් එහෙමයි. පඩිය පමණක් නොවෙයි හැම දෙයක්ම එකතු කර මැන බලන්න.
එක තැනක් එනවා පඩිය කතා කරගන්න. ඔබේ හිතේ ගානක් තියෙන්න ඕනේ. වැඩ කරන වෙලාව, නිවාඩු, වෙනත් වරප්‍රසාද ගැන ඔවුන් ගෙන් අහන්න. ඊට පස්සේ ඔබේ හිතේ තියෙන ගණන එහා මෙහා කරලා කියන්න. ඔබට දැනගන්න තියෙන දෙයක් අහන්නැතුව ඉන්න එපා.
ඉන්ටවිව් එකකට face කරන විදිය තව අන්තර්ජාලයෙන් හොයලා බලන්න. හොඳට සූදානම් වෙලා යන්න. නැත්තං අපරාදේ කාලය සහ අවස්ථාව.
#shilpasayura #nextgen
මේ වගේ පොස්ට් ලබාගන්න nextGen page එකට like එකක් දාන්න. මේක share කරන්න.
Source: https://www.facebook.com/NextGen-IoT-260216091537472/

I know this is true for some universities but schools? really?