ඉන්ද්‍රිය බද්ධ කිරීමේ පෙරැළියක්!
මිනිස්අවයව ජීවී තත්ත්වයෙන්ම කල්තබා ගතහැකි උපකරණයක් නිපදවයි.....
Source : Lanka e Gossip News
Sorry if Repost

මිනිස් ඉන්ද්‍රියන් සිරුරෙන් බැහැරව වුවද කි‍්‍රයාකාරී තත්ත්වයේ පවත්වා ගැනීමේ සමත් උපකරණයක් නිපදවීමට ඇමරිකා විද්‍යාඥයින් පිරිසක් සමත්ව සිටිති. මෙය වැදගත් වනු ඇත්තේ ඉන්ද්‍රිය බද්ධ සිදුකරන ශල්‍යකර්ම වලදී බව ඔවුන් පවසති. දැනට ඉන්ද්‍රිය බද්ධයක් සිදුකරන්නේ නම් ශල්‍යකර්මයට පෙර සිදුකළ යුතු කටයුතු බොහෝමයක් ඇත.
පරිත්‍යාගිකයින්ගෙන් ලබා ගැනෙන අක්මාවක්, හෘදයක්, වකුගඩුවක් හෝ පෙනහැල්ලක් වැනි ඉන්ද්‍රියන් අදාළ රෝගියාට එක්වනම බද්ධ කිරීම සිදුනොකෙරෙන අතර රෝගියා ශෛල්‍යකර්මයට සූදානම් කෙරෙන තෙක් එම ඉන්ද්‍රිය රඳවා තබා ගනුයේ අධි ශීත පරිසරයක ය. අනතුරුව බද්ධ කිරීම සිදුකිරීමට යාමේ දී යළිත් එම ඉන්ද්‍රිය අධි ශීත පරිසරයෙන් මුදවා ලීමටත් ඉන්ද්‍රියේ ආරක්ෂාවට එයට කිසියම් රසායන ද්‍රව්‍යයන් යොදා ඇත්නම් ඒවා ඉවත් කිරීමටත් සිදුවේ.
කෙතරම් කල් තබා ගැනීමේ උපක‍්‍රම භාවිතා කළත් නැවත මිනිස් සිරුරකට බද්ධ කිරීමට නම් මිනිස් ඉන්ද්‍රියක් සංරක්ෂණය කර තබා ගත හැකි කාලසීමාවක් තිබේ. පැය 20 ක් වැනි කාලයක් සංරක්ෂණය කර තබා ගත හැකි වකුගඩුවලට ඉහළම සංරක්ෂණ කාලය තිබෙන අතර හෘදයක් හෝ පෙනහැල්ලක් වැනි අවයවයක් යළිත් බද්ධ කෙරෙන තෙක් සංරක්ෂණය කර තබාගත හැක්කේ පැය 5 - 6 වැනි කාලයක් පමණි.
නමුත් මෙම නව උපකරණයෙන් ඉන්ද්‍රියක් ශල්‍යකර්මයකට ගැළපෙනසේ සකස් කර ගැනීමට මේ තරම් කරදර වීමට සිදුනොවනු ඇතැයි එහි නිර්මාපකයෝ කියති.
කුඩා ප්ලාස්ටික් බෑගයක් හා සම වන මේ උපකරණයට හෘදයන් ස්පන්දනය කරවීමට, අක්මාවෙන් පිත නිපදවීමට, පෙනහලූ කි‍්‍රයාකාරී තත්ත්වයේ පවත්වාගැනීමට, වකුගඩු වලින් මුත‍්‍රා නිපදවීමට ආදී ලෙස එයට යොදන ඉන්ද්‍රියන් කි‍්‍රයාකාරීව පවත්වාගත හැකි යැයි සදහන්වේ. විද්‍යාඥ පිරිසට අනුව මෙම උපකරණය ආධාරයෙන් ශල්‍යකර්මයේ දී කෙළින්ම අදාළ ඉන්ද්‍රිය බද්ධ කිරීමට වෛද්‍යවරුන්ට හැකි ය.
ඉන්ද්‍රිය කි‍්‍රයාකාරී තත්ත්වයේම පවත්වාගත හැකි නිසා තවදුරටත් සංරක්ෂණ කාලය ගැන වදවිය යුතු නැතැයි ද විද්‍යාඥයෝ පවසති.
එසේම එම නව උපකරණයේ පිහිටෙන් ජීවී තත්ත්වයේම පවත්වාගත් පෙනහැල්ලක් පසුගියදා ඇමරිකා කාන්තාවකට බද්ධ කළ අතර සැත්කමින් පසුව ඇය දැන් සුවෙන් පසුවන එහි වෛද්‍යවරුන් පවසති.
දැනට ඇමරිකාවේ රෝහල් කිහිපයක්ම මෙම උපකරණය භාවිතයට ගෙන තිබෙන අතර ඉදිරියේ දී එය රට පුරා ව්‍යාප්ත කිරීමටත් උපකරණයේ වැඩි දියුණු කළ සංස්කරණයන් හදුන්වාදීමටත් විද්‍යාඥයෝ පිරිස බලාපොරොත්තුවෙන් සිටිති.

Last edited: