ග්‍රහ වස්තු වල චලනය අධ්‍යනය කිරීමයි ඒවගෙන් මිනිස්සුන්ට බලපෑම් වෙනව කියල අනාවැකි කියන එකයි දෙකක්. ඔය පලවෙනි ඒකෙන් තමා දින ගණන් කරේ, සෘතු වෙනස් වෙන කාලේ හොයාගත්තෙ, වැස්ස වහින කාලේ, ගංගා පිටාර ගලන කාලේ, සත්තු සංක්‍රමණය වෙන කාලේ, බෝග වගා කරන්න සුදුසු කාල හොයාගත්තේ. ඒ ඇවිල්ල අහස නිරීක්ෂණය කරලා සටහන් කරගෙන ගිය අවුරුද්දේ මේ කාලේ මෙහෙම නං මේ අවුරුද්දෙත් ඒ විදිහටම වෙයි කියන සරල තර්කෙ. ඒක බොහෝ දුරට හරියනව මොකෝ පෘතුවිය එකම විදිහට රටාවකටනේ කැරකෙන්නේ. හැම අවුරුද්දෙම එකම විදිහට පරිසරේ වැඩකරනව පෘතුවිය එකම රටාවට කැරකෙන හින්ද. ඒ ඇවිල්ල සරල තාරකා විද්‍යාව+කොමන් සෙන්ස්. ජ්‍යෝතිෂ්‍ය සිද්ධාන්ත කියන්න පුළුවන් කියල මම හිතන්නෙ නෑ ඒවට.
ඕක වවාගෙන කෑමක් විදිහට තමා ස්වභාවික සිදුවීම් විස්තර කරන්න ගත්ත සාස්තරේ මිනිස්සු ගැන කියන්නත් ගත්තේ. දැන් රටවල් වලටත් කේන්දර හදල තියෙන්නෙ ඒ වැවිල්ලේ දිගුවක් හැටියට. මිනිස්සුත් පරිසරේ වගේම රටාවකට වැඩකරන ජාතියක් කියල හිතල එක එක නීති හදාගත්ත. ඒකට පදනමක් නෑ, මෙහෙම වෙන්නෙ ඇයි කියන්න දන්නේ නෑ. තනිකරම හිතළු මත හැදිලා තියෙන්නෙ. ඒකයි ඒක වරදින්නේ, හරියට කියාගන්න බැරි. මොකෝ මිනිස්සු පරිසරේ වගේ රටාවකට වැඩකරන්නේ නෑ. අන්න ඒ වවාගෙන කන සාස්තරෙයි වැරදි කියන්නේ මම. අර මුලින් ප්‍රායෝගිකව පාවිච්චි කරපුව නෙවේ.
බටහිර නං දැන් කෙලින්ම astronomy සහ astrology අතර වෙනසක් තියෙනව. මෙහෙ එහෙම නෑ දෙකම කලවම් තාම. එයාල පරිස්සමෙන් astronomy වෙන් කරගෙන astrology අතෑරිය. අපි මෙහෙ තාම දෙක පටලගෙන එකක්වත් හරියට කරගෙන නෑ.