~ඉන්දියන්~~ඔයිල්~~වර්ජනය~~කරමු~

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මචන් මට මතකයි ලංකාවෙන අවුරුද්දකට ලංකා රුපියල් බිලියන 3.5ක බාන්ඩ ඉන්දියාවෙන් ආනයනය කරනවා.. එත් අපි ඉන්දියාවට අපනයනය කරන්නේ මිලියන 500(නැත්තම් බිලියන බාගෙක) ප්‍රමාණයක් විතරයි...

    කාටද ආඩම්බර...!!!
     

    akilarandev

    Member
    Jan 12, 2012
    316
    32
    0
    මචන් මට මතකයි ලංකාවෙන අවුරුද්දකට ලංකා රුපියල් බිලියන 3.5ක බාන්ඩ ඉන්දියාවෙන් ආනයනය කරනවා.. එත් අපි ඉන්දියාවට අපනයනය කරන්නේ මිලියන 500(නැත්තම් බිලියන බාගෙක) ප්‍රමාණයක් විතරයි...

    කාටද ආඩම්බර...!!!


    මසුරන් කතාව. ..
     

    akilarandev

    Member
    Jan 12, 2012
    316
    32
    0
    incredibleindia.jpg
     

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    IOC walin dethun parakata wada thel gahala ne awrudu keepekata, dan nam pain yanna unath IOC thel gahanna hithenne ne.
     

    akilarandev

    Member
    Jan 12, 2012
    316
    32
    0
    ජිනීවා නුවර මානව හිමිකම් සමුළුව අවසන්වන තුරු අත්‍යවශ්‍ය දෙයකට හැර තමිල්නාවට නොඑන්නැයි චෙන්නායි මහාබෝධි විහාරාධිකාරී කලවානේ මහානාම හිමි ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි.
    මේ අතර පහරකෑ මහනුවර හිමිනම චෙන්නායි නුවර සිට තමන් වහන්සේ මුහුණදුන් සිද්ධිය විස්තර කළේය. ඒ හිමියන්ගේ ඉල්ලීම අනුව නම පළ නොකරන බව කරුණාවෙන් සළකන්න.
    ‘අපි මහනුවර. මාත් සමග 19 දෙනෙක් දඹදිව වන්දනාවේ ආවා. අපි ලංකාවෙන් පිටත් වුණේ මාර්තු 03 වැනිදා. මාර්තු 19 තමයි නැවත එන්න හිටියේ. අපි වන්දනාව අවසන් කර නව දිල්ලියේ සිට චෙන්නායි නුවරට එමින් සිටියේ. තමිල්නාඩුවේ චෙන්නායි මධ්‍යම දුම්රිය නැවතුම් පොළේදී ශීඝ්‍රගාමී දුම්රිය නැවැත්වුවාට පස්සේ අපේ නඩේ සියලු දෙනා දුම්රියෙන් බැස්සා. අපේ වන්දනාකරුවන්ගේ මොනවත් දාලා ඇවිල්ලද කියලා බලන්න ප්‍රධාන සංවිධායක තුමයි මමයි ආයෙත් දුම්රියට නැග්ගා.
    එපි නැග්ගට පස්සේ කැමරාවක් අතේ තියාගත්ත කෙනෙකුයි, තවත් කෙනෙකුයි දුම්රියට නැග්ගා. මම දැක්කා කැමරාව අතේ තියන කෙනා කැමරාව හදාගන්නවා. එයා කැමරාව හදාගෙන එකපාරට මොකක්ද වචනයක් කිව්වා. ඒක මට තේරුණේ නෑ. ඒ එක්කම අනෙක් පුද්ගලයා මට ගහන්න පටන් ගත්තා.
    ගහද්දී බේරෙන්න දුම්රියෙන් එළියට දිව්වා. දුම්රිය වේදිකාවෙදිත් මට ගැහුවා. මට ගහන පහරවල් කිහිපයක් එතැන හිටපු අනිත් අයටත් වැදි තිබුණා. එහෙන් අත් උදව්වට ගත්ත ළමයෙක් හිටියා. එයාටත් ගහලා තිබුණා. ප්‍රධාන වශයෙන් මා ඉලක්ක කර තමයි පහර දුන්නේ. එතන සිටි කාන්තාවක් බේරන්නත් හැදුවා. එයාලටත් මොනවද කිව්වා. ඒ කිව්ව දේවල් තේරුණේ නෑ. ඒ එක්කම එතන හිටපු නාට්ටාමි කෙනෙක් කිව්වා සිවුර ගලවලා දාන්න කියලා. මම සිවුර ගලවලා අම්මා කෙනෙකු සීතලට අඳින ඇඳුමක් ඇඳගත්තා.
    අපි එක්ක හිටපු කෙනකු දුවලා ගිහින් දුම්රිය නැවතුම්පොළේ පොලීසියට කිව්වා. ඒ එක්කම පොලීසියේ කිහිප දෙනෙක් ඇවිත් අපි සියලු දෙනාම මහාබෝධියට එක්කගෙන ගියා. නැවත මායි, ප්‍රධාන සංවිධායක තුමයි එහේ පොලීසියට ආවා. අපෙන් ප්‍රකාශ ගත්තා. අපි හිතපුවත් නැති දෙයක් මේ වුණේ. කැමරා එහෙම සෙට් කරලා ප්ලෑන් කරලා කරපු වැඩක් කිලා තමයි මම හිතන්නේ.
    විශේෂයෙන් කියන්න ඕනෑ. තමිල්නාඩුවේ පොලීසිය අපිට ලොකු සහයෝගයක් දුන්නා.‘
    චෙන්නායි මහාබෝධි විහාරාධිකාරී කලවානේ මහානාම හිමි -
    ‘ඉරිදයි, සඳුදයි හරිම කනගාටු දායක සිද්ධි දෙකක් වුණේ. මේ දෙකම කැමරා සූදානම් කර ප්ලෑන් කර කරපු වැඩක්. සිද්ධී දෙකටම සම්බන්ධ කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත්තා කියලා පොලීසිය දැනුම් දුන්නා.
    ඊයේ (18) දුම්රිය නැවතුම්පොළේදී අපේ හාමුදුරුනමකට පහර දුන්නට පස්සේ අපි පොලීසියත් එක්ක සාකච්ඡා කළා. ඒ මොහොතේ සිටම ගුවන්තොටුපළට යන තුරුත්, දුම්රිය නැවතුම් පොළට යනතුරුත්, නැවත එද්දිත් සියලු වන්දනා නඩ සමග පොලිස් කණ්ඩායමක් යවන්න තීරණය කළා. ඒක ඊයේ (18) සිටම ක්‍රියාත්මකයි.
    මේ වෙනකොට මහාබෝධියේ වන්දනාකරුවන් 250ක් පමණ ඉන්නවා. ඒ හැමෝගෙම ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු කර තියෙන්නේ. මෙහේ පොලීසියෙන් අපිට ලොකු සහයෝගයක් ලබා දෙනවා. පොලිස් කොමසාරිස්තුමා මා සමග සාකච්ඡා කළා. වැඩි පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් යෙදෙව්වා.
    මම හිතන්නේ මේ ජිනීවා සමුළුවෙන් පස්සේ නැවත සාමාන්‍ය තත්ත්වකට එයි. එතෙක් අත්‍යවශ්‍යම දෙයකට හැර තමිල්නාඩුවට නොඑනවානම් හොදයි.
     

    akilarandev

    Member
    Jan 12, 2012
    316
    32
    0
    Amidst severe attack by Tamil parties over engagement with Sri Lanka, the government has called off the Annual Defence Dialogue with that country scheduled to be held on March 25.
    No reason was given for cancellation of the Secretary-level talks which were to be held in New Delhi.
    “The Annual Defence Dialogue with Sri Lanka has been called off,” a source told PTI, adding new dates have not been decided yet.
    During the talks, the two sides were to discuss ways to strengthen defence ties and finalise future military exercises.
    The decision has come at a time when Tamil Nadu parties are up in arms over India’s engagement with Sri Lanka.
    Tamil parties, including key UPA ally DMK, has been criticising the government for holding training for Sri Lankan forces, which has subsequently been shifted from South to North India.
    However, India has also maintained that it will not cease military ties with Sri Lanka and continue to provide training to its personnel in Indian military academies and institutions.
    India had shifted the exercise between Special Forces of the two countries from Belgaum in Karnataka to Nahan in Himachal Pradesh.
    Likewise, it had also instructed the Navy to hold war games with the Lankan Navy away from the waters of four South Indian States.
    In the recent days, DMK has accused the government of being soft on alleged atrocities by Sri Lankan forces against ethnic Tamils and even threatened to withdraw support if India does not support a resolution against Sri Lanka at the U.N. Human Rights Council.

    http://www.thehindu.com/news/nation...fence-talks-with-sri-lanka/article4522570.ece


    ඉන්දියාව ඔන්න වේවැලත් අතට අරගෙන .....
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    අයියෝ, මම නම් ලොවෙත් IOC Shed වලින් තෙල් ගහන්නෙ නෑ ඒ කාලෙ ඉදල. ඒකෙ තෙල් අප්සට් කොහොමත්...
     

    Tikz89

    Member
    Mar 14, 2011
    108
    7
    0
    මම නම් ලංකා තමා ගහන්නේ. ඒ උනාට එකේ ඉන්න උන් ගහන ගැහිලි ඇහුවම ඉන්දියාවට දුන්නත් කමක් න කියල හිතෙනවා. :D
     

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    :yes::yes:
    ඉන්දියන් ඔයිල් වර්ජනය කරමු ..

    ඇයි ?

    පෙට්රල් ලීටරයක් සඳහා ගැනුම් මිල හා සියලුම තීරු බදු ,නැව් ගාස්තු ඇතුලත්ව ගත්තද දැන් පවතින මිලට විකිණීමේදී ඔවුන් අවම වශයෙන් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 45 ලාභයක් උපයයි. ඔවුන් වාර්ෂිකව මෙසේ කොල්ලකන ලාභය රුපියල් මිලියන ගණනකි.මෙම මුදල් සියල්ල එකතු වන්නේ අපෙන් වුනත් ඒ සියල්ල තම මව් සමාගම හරහා ඉන්දියාවට යයි.

    සිපෙට්කෝ සමාගම මෙම ලාභය ලැබුවද එය රජයේ බැවිනුත් ලංකා විදුලි බල මණ්ඩලය සඳහා අඩු මිලට දීමෙනුත් එය වේය වෙන්නේ රට වෙනුවෙනි.

    ලංකාව ලෝකය ඉදිරියේ හුදකලා කිරීමට ඉන්දියාව නොපකිලීව දැන් ඉදිරිපත්වී සිටී.

    නිවටුන් සේ නොසිට හැකි පමණ ඉන්දියානු භාණ්ඩ වර්ජනය කරමු.
     

    akilarandev

    Member
    Jan 12, 2012
    316
    32
    0
    Sri Lanka to retake oil tanks from Indian Oil Corp
    ලංකා ඉන්දීය තෙල් සමාගමට ලබාදී තිබෙන ත්‍රිකුණාමල වරායේ පිහිටි තෙල් ටැංකි වලින් භාවිතා නොකරන ඒවා ආපසු ලබාගැනීම සඳහා එකඟතාවයකට පැමිණීමට රජය අදහස් කර ඇතැයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියයි.

    අද කොළඹදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ලංකා ඉන්දීය තෙල් සමාගම එම තෙල් ටැංකි භාවිතා නොකරන්නේ නම් ඒවා ආපසු ලබාගැනීම සඳහා සාකච්ඡා කිරීමට රජය සූදානම් බවයි. මේ වනවිට, තෙල් ටැංකි තුනක් පමණක් ප්‍රයෝජනයට ගන්නා බවට විශ්වාස කරන බවත් මෙම සාකච්ඡා පවත්වනු ලබන්නේ ලංකා ඉන්දීය තෙල් සමාගම සමග ඇති ගිවිසුමේ ප්‍රතිපාදන වලට අනුකූලව බවත් අමාත්‍යවරයා පැවසීය. මීට වසර දහයකට පෙර මෙරට ඛනිජ තෙල් බෙදාහැරීමේ කටයුතු වලින් තුනෙන් එකක් ලංකා ඉන්දීය තෙල් සමාගමට ලබාදුන් අතර ත්‍රිකුණාමල වරායේ පිහිටි ඛනිජ තෙල් ගබඩා ටැංකි සංකීර්ණයෙන් කොටසක්ද සමාගමට කල්බදු පදනම මත ලබා දුන්නේය.


    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=928003916