කොටස් වෙළෙඳපොළේ මුදල් ආයෝජනය කරමු
වර්තමානයේ කොටස් වෙළෙඳපොළ පිළිබඳව බොහෝ දෙනා අතර කතාබහට ලක්වූවත් ඇතැම් අයට කොටස් වෙළඳපොළ යනු කුමක් ද යන්න පිළිබඳව හරිහැටි අවබෝධයක් නොමැත. මෙම ලිපි මාලාවෙන් අප බලාපොරොත්තු වන්නේ කොටස් වෙළඳපොළ යනු කුමක්ද සහ එහි මුදල් ආයෝජනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව සරල අවබෝධයක් ලබා දීමය.
ඇතැම්හු මේ මුදල් ආයෝජනය කිරීම සඳහා විකල්ප ආයෝජන මාර්ග සොයමින් ලතැවෙති. ඇතැම්විට ඵලදායි නොවන ආයෝජන මාර්ගවල මුදල් ආයෝජනය කිරීම තුළින් තමා ඉතාමත් දුක් මහන්සියෙන් උපයාගත් ධනය සියල්ල නැති කරගත් අයද අද සමාජය තුළ ඕනෑතරම් අසන්නට ඇත. කොටස් වෙළඳපොළෙහි මුදල් ආයෝජනය කරනු ලබන ආකාරය හා ඒ පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිකම නිසා කොටස් වෙළඳපොළෙහි මුදල් ආයෝජනය කෙරෙහි බොහෝ අය එතරම් උනන්දුවක් නොදක්වති. ඇතැම්විට කොටස් වෙළඳපොළ පිළිබඳ ලියැවුණු පොත්පත් ඉතාමත් සීමිත වන අතර බොහෝවිට එම පොත්පත් සාමාන්‍ය ජනතාවට තේරුම්ගත හැකිවන ආකාරයෙන් ලියා නොතිබීමත් හේතුවෙන් සුළු පරිමාණ ආයෝජකයින්ට කොටස් වෙළඳපොළ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව නොලැබේ.
කොටස් වෙළඳපොළ
ඔබට එදිනෙදා අවශ්‍ය එළවළු පලතුරු ආදිය මිලට ගැනීමට ඔබ යන්නේ සතිපොළට හෝ සූපර් මාර්කට් එකකට වීමට පිළිවන. එහිදී ඔබට අවශ්‍ය භාණ්ඩ ඔබ විසින් තෝරාගෙන ඒවා මිලට ගෙන ඔබගේ අවශ්‍යතා ඉටුකර ගනී. එයද වෙළඳපොළකි. එනම් ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් හමුවන ඕනෑම ස්ථානයක් “වෙළඳපොළ” ලෙස හඳුන්වයි. අප මෙහිදී අවධානය යොමු කරන්නේ ඔබ එදිනෙදා මිලට ගනු ලබන භාණ්ඩ අලෙවිකරණ වෙළඳපොළ ගැන නොවේ. ඔබ ලබන ආදායමෙන් කිසියම් හෝ අතිරික්ත මුදලක් පවතී නම් එම අතිරික්ත මුදල අයෝජනයට හැකි ස්ථානයකි කොටස් වෙළෙඳපොළ. මෙහිදී ඔබ කොටස් ගැනුම්කරු වන අතර කොටස් අලෙවි කරනු ලබන සමාගම කොටස් විකුණුම්කරු ලෙස හැඳින්වේ.
කොටස් වෙළෙඳපොළ මඟින් සිදුකරනු ලබන්නේ සමාගම්වලට අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීමට සාමාන්‍ය ජනතාවට ආරාධනා කිරීමයි. එවිට අතිරික්ත මුදල් ඇති ආයෝජකයින්ට එම සමාගම්වල කොටස් මිලට ගැනීමෙන් එයට දායක විය හැකි ය. එවිට එම ආයෝජකයන් සමාගමේ අයිතිකරුවන් බවට පත්වේ. කිසියම් කාල පරිච්ඡේදයකට වරක් සමාගම ලාභ ගණනය කිරීමෙන් පසු කොටස් මිලදී ගත් කොටස්කරුවන්ට සාධාරණ ලාභ ප්‍රතිශතයක් බෙදා දේ. මෙය කොටස් මිලදී ගත් අයට හිමිවන ප්‍රතිලාභයයි. එය ලාභාංශ ලෙස හැඳින්වේ.
කිසි විටක කොටස් වෙළෙඳපොළේ කොටස් අලෙවි කිරීමට තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර හෝ සමාගම්වලට හැකියාවක් නොමැත. තනි ව්‍යාපාරයක් පවත්වාගෙන යන අයකුට අවශ්‍ය අරමුදල් තමාගේ ඉතුරුම් හෝ බැංකු ණය ආදිය ලබාගෙන සම්පාදනය කරගත හැකි ය. හවුල් ව්‍යාපාරයක නම් බොහෝ විට හවුල්කරුවන් එකතු වී සිය අරමුදල් සම්පාදනය කරගනී. පුද්ගලික සමාගමකට කොටස් නිකුත් කර ප්රාග්ධනය (අරමුදල්) රැස්කර ගත හැකි වුවත් වෙළෙඳපොළ තුළ කොටස් අලෙවි කිරීමට ඔවුන්ට අවසර ලබා නොදේ. එයට හේතුව වන්නේ පුද්ගලික සමාගමක උපරිම කොටස්කරුවන් 50 කට සීමාවන බැවිනි. පුද්ගලික සමාගම්වලට කොටස් වෙළෙපොළ තුළ ප්‍රසිද්ධියේ කොටස් අලෙවිය සිදු කළහොත් උපරිම කොටස්කරුවන් සංඛ්‍යාව 50 කට වඩා වැඩිවීමට ඉඩ ඇත. එම නිසා සමාගම් පනත මඟින් පුද්ගලික සමාගම් වලට කොටස් වෙළෙඳපොළ තුළ කොටස් අලෙවිය අවසර ලබානොදේ.
කොටස් වෙළෙඳපොළ තුළ කොටස් අලෙවි කිරීමට නම් සමාගම පොදු සමාගමක් ලෙස ලියාපදිංචි කළ යුතු ය. පොදු සමාගම්වල විශේෂ ලක්ෂණය වන්නේ උපරිම කොටස්කරුවන්ගේ සීමාවක් නොමැති වීමයි. එම නිසා පොදු සමාගම්වලට කොටස් වෙළෙඳපොළේ කොටස් අලෙවි කිරීමට හැකියාවක් ඇත. ඒ සඳහා පොදු සමාගම කොටස් වෙළෙඳ පොළේ ලියාපදිංචි විය යුතු ය. කොටස් වෙළෙඳපොළ තුළ කොටස් නිකුත් කිරීමට නම් එසේ කිරීමට අපේක්ෂා කරනු ලබන සමාගම කොටස් වෙළෙඳපොළ තුළ ලියාපදිංචි වී ලැයිස්තුගත සමාගමක් බවට පත්විය යුතු ය.
එනම් කොටස් වෙළෙඳපොළ යනු ලැයිස්තුගත සමාගම්වලට අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීමටත් අතිරික්ත මුදල් ඇති ආයෝජකයින්ට ආයෝජන අවස්ථාවක් ලබාදීමටත් ඉඩ සලසනු ලබන යම් ස්ථානයකි. සාමාන්‍යයෙන් කොටස් ගනුදෙනු කරන ස්ථානයක් වශයෙන් කොටස් වෙළෙඳපොළ හඳුන්වා දුන්නත් මේ ගනුදෙනු පරිගණකය හා අන්තර්ජාලය හරහා ඉලෙක්ට්‍රොනිකව ද සිදු කළ හැකි ය.
කොළඹ කොටස් වෙළෙඳපොළ
ශ්‍රී ලංකාවේ සමාගම්වල හා කොටස් හා සුරැකුම්පත් හුවමාරුව (මිලදී ගැනීම හා විකිණීම) සිදු කරන්නේ කොළඹ කොටස් වෙළෙඳපොළ තුළදී ය. ලෝකයේ සෑම රටකම පාහේ කොටස් වෙළෙඳ පොළ දැකිය හැකි ය. ඇතැම් රටවල කොටස් වෙළෙඳ පොළවල් කිහිපයක් ම තිබේ. උදාහරණයක් ලෙස ඉන්දියාවේ ක්‍රියාත්මක වන බොම්බේ කොටස් වෙළෙඳපොළ සහ ජාතික කොටස් වෙළෙඳපොළ පෙන්වා දිය හැකි ය. ලංකාවේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ පිහිටා තිබෙන්නේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර කුලුන, එචිලන් චතුරස්‍රය, කොළඹ 01 යන ලිපිනයෙහි ය. ඔබට ක්ෂණික දුරකතන ඇමතුම් කීපයක් ද ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු. 011 – 5522444, 011 – 2356456, 011 – 2446581. ෆැක්ස් 011 – 2445279 විද්‍යුත් ලිපිනය [email protected]
මෙම ප්‍රධාන කාර්යාලයට අමතරව තවත් නගර කිහිපයකම කොටස් වෙළෙඳපොළේ ශාඛා පිහිටුවා ඇත. මාතර, කුරුණෑගල, අනුරාධපුර යන ප්‍රදේශ ඒ අතර ප්‍රධාන වේ.
කොටස් වෙළෙඳපොළේ ඉතිහාසය
අපේ රටේ එකම කොටස් වෙළෙඳපොළ වන කොළඹ කොටස් වෙළෙඳපොළේ ඉතිහාසය වසර 120 ක් පමණ ඈතට දිවයයි. ශ්‍රී ලංකාවේ කොටස් ගනුදෙනු ආරම්භ වූ වර්ෂය ලෙස සැලකෙන්නේ 1896 වර්ෂය වේ. ඒ වනවිට ලංකාවේ කොටස් වෙළෙඳපොළක් ආරම්භවීමට ප්‍රධාන හේතු සාධකය බවට පත්වූයේ එවකට ලංකාවේ ප්‍රධාන භෝගයක් ලෙස ප්‍රචලිත වූ තේ වගාව සඳහා අවශ්‍ය අරමුදල් සොයා ගැනීම සඳහා ය. ඒ අනුව වර්ෂ 1896 දී මුලින් ම කොටස් තැරැව්කරුවන්ගේ සංගමයේ පරිපාලනය යටතේ (Share Brokers Associations/CBA) පිහිටුවා ගන්නා ලදී. ශ්‍රී ලංකාවේ වර්තමානයේ ක්‍රියාත්මක වන කොටස් වෙළෙඳ පොළ විධිමත් ලෙස පිහිටුවනු ලැබුවේ වර්ෂ 1985 දී ය. ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ සමාගම් පනත යටතේ ලියාපදිංචිකර ඇති සමාගමකි. (සමාගමක් ලියාපදිංචි කරන ආකාරය පසුගිය සතියේ ලිපියෙන් සාකච්ඡා කරන ලදී.) දැනට මෙය ලාභ අරමුණු කර නොගත් ආයතනයකි. ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ පිළිබඳව අධීක්ෂණ කටයුතු කිරීමේ බලධාරියා වන්නේ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව වේ. එම කොමිෂම විසින් ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ ලෙස කටයුතු කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොළට බලය ලබාදී ඇත.
කොටස් යනු මොනවාද?
කොටස් වෙළෙඳපොළ ආයෝජනයේදී අප සිදුකරන්නේ සමාගම් කොටස්වල මුදල් ආයෝජනය කිරීමයි. සමාගමකට එහි අයිතිකරුවන් යොදා ඇති මුදල හඳුන්වන්නේ කොටස් ප්රාග්ධනය ලෙසයි. මේ මුළු ප්රාග්ධනය එක සමාන කොටස්වලට බෙදා දැක්වුවහොත් එහි එක් පංගුවක් ‘කොටසක්’ ලෙස හඳුන්වා දිය හැකි ය. ඔබ යම් කිසි සමාගමක එක් කොටසක හිමිකරුවෙක් නම් එම සමාගමේ අයිතියෙන් ඔබට හිමි ප්‍රමාණය එම කොටසින් පිළිබිඹු වේ.
කිසියම් සමාගමක කොටස් 200,000 ක් වෙළෙඳපොළට නිකුත් කර ඇති අවස්ථාවක ඔබ එයින් කොටස් 10000 ක් මිලදී ගත්තේ නම් සමාගමේ අයිතිකාරිත්වයෙන් 5% ක අයිතියක් ඔබට හිමිවේ.
ඔබ සතු කොටස් ප්‍රමාණය x 100 10000 x 100
නිකුත්කර ඇති කොටස් ප්‍රමාණය 200000
කොටස් වර්ග
සාමාන්‍යයෙන් බහුලව කතා කෙරෙන ප්‍රධාන කොටස් වර්ග 2 ක් ඇත. එනම් සමාන්‍ය කොටස් සහ වරණීය කොටස් වේ.
සාමාන්‍ය කොටස්
සමාගමක වඩාත් ජනප්‍රිය හා බහුලවම මිලට ගනු ලබන කොටස් වර්ගය මෙය වේ. මෙම කොටස් මිලදී ගනු ලබන අය සමාගමේ සැබෑ අයිතිකරුවන් බවට පත්වේ. එනම් තමා සතුව පවතින මුදල් සමාගමේ කොටස් මිලදී ගැනීමට ආයෝජනය කිරීමෙන් එම සමාගමේ අයිතිකරුවන් බවට ඔහුත් පත්වේ. සමාගමේ නියම අයිතිකරුවන් බවට සාමාන්‍ය කොටස් හිමියන් පත්වන නිසා වාර්ෂිකව සමාගම විසින් පවත්වනු ලබන ‘වාර්ෂික මහා සභා රැස්වීමට’ ද සහභාගිවීමට හැකියාව ලැබේ. සමාගම විසින් ගනු ලබන තීන්දු තීරණ වලදී ද සමාගම කොටස් හිමියන්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් ද ඇත. සමාගම විසින් සාමාන්‍ය කොටස් හිමියන්ට නිශ්චිත ලාභාංශයක් ගෙවීමට බැඳි නොසිටී. සමාගම අධික ලාභ ලබන කාලවලදී වැඩි ලාභාංශයකුත් අඩුවෙන් ලාභ ලබන කාලවලදී අඩු ලාභාංශයකුත් ලාභ නොමැති අවස්ථාවලදී ලාභාංශයක් නොලබා සිටීමට සිදුවේ. සමාගම යම් හේතුවක් නිසා වසා දැමීමට තීරණය කළහොත් අනෙකුත් බාහිර පාර්ශ්වයන්ට ගෙවීමට ඇති සියලුම වගකීම්වලින් නිදහස් වීමත් පසුව සාමාන්‍ය කොටස්කරුවන් ගේ වගකීම පියවීම සිදුකරනු ලබයි. සාමාන්‍ය කොටස් ද තවත් වර්ග දෙකකට බෙදේ.
1. ඡන්දබලය සහිත සාමාන්‍ය කොටස්
2. ඡන්ද බලය රහිත සාමාන්‍ය කොටස්
සමාගම පවත්වනු ලබන සභා රැස්වීමේදී සිය ඡන්දය භාවිතා කිරීමට හැකි කොටස් ඡන්ද බලය සහිත කොටස් ලෙසත් එම මහා සභා රැස්වීමේදී ඡන්දය භාවිතා කළ නොහැකි නමුත් අනෙකුත් සියලුම වරප්‍රසාද හිමිවන කොටස් ඡන්දබලය නොමැති කොටස් ලෙස හැඳින්වේ.
වරණීය කොටස්
මෙම කොටස් සාමාන්‍ය කොටස් ලෙස නොව නිශ්චිත ලාභාංශ ප්‍රතිශතයකට හිමිකම් ලබන කොටස් වරණීය කොටස් ලෙස හැඳින්වේ. නමුත් වරණීය කොටස් හිමියන්ට සමාගම පාඩු ලැබූවත් එකඟ වූ ලාභාංශය හිමිවේ. මෙහිදී වරණීය කොටස් හිමියන් සිදු කරනු ලබන්නේ සමාගමේ කොටස් ප්රාග්ධනයට දායක වෙමින් එකඟවූ ලාභාංශ ප්‍රමාණයක් ලබා ගැනීමයි. මෙහිදී සමාගමට කිසියම් ණය මුදලක් දීමක් ලෙස ද සැලකිය හැකි ය. නමුත් කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ බහුලවම කොටස් ගනුදෙනු සිදුවන්නේ සාමාන්‍ය කොටස් මඟිනි.
කොටස් බලපත්‍රය
අනාගතයේදී නිශ්චිත මිලකට සමාගම කොටස් මිලදී ගැනීමේ අයිතිය ලබාදෙමින් සමාගමක් විසින් නිකුත් කරන ලියවිල්ල කොටස් බලපත්‍රය ලෙස හැඳින්වේ. කොටස් මිලදී ගන්නා ආකාරයට මේවා මිලට ගත හැකි ය. නමුත් කොටස් බලපත්‍ර ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ එතරම් ප්‍රචලිත නොවේ. එහෙත් මේ වනවිට කොටස් බලපත්‍ර නිකුත් කර ඇත්තේ කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත සමාගම් අතරින් ඉතා සීමිත සමාගම් ප්‍රමාණයක් පමණි.
සමාගම් කොටස් නිකුත් කරන්නෙ ඇයි?
සමාගමක් කොටස් නිකුත් කරන්නේ එම සමාගමේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න හෝ සමාගම පවත්වාගෙන යාමට අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගැනීමටය. ඇත්ත වශයෙන් ම මෙය සුන්දර හා ආකර්ෂණීය ක්‍රියාවලියකි. තමා සතුවූ මුදල් විශාල ප්‍රමාණයක් නොමැති වුව ද අවදානම් දැරීමට හැකියාවක් ඇති ඕනෑම කෙනෙකුට සමාගමක් පිහිටුවා ගැනීමට හැකියාව පවතී. එහිදී කළ යුතු වන්නේ සමාගම් පනතේ සඳහන් නීතිරීතිවලට අනුකූලව කොටස් මිලදී ගැනීම සඳහා ප්‍රසිද්ධ දැන්වීමක් මඟින් මහජනතාව දැනුවත් කර මුදල් ආයෝජනයට කැමති ආයෝජකයින්ගෙන් මුදල් රැස්කර තමාගේ සමාගමේ අයිතිකරුවන් බවට ඔවුන් පත්කර ගැනීමයි. ඉන්පසු ඔහුන් සමඟද සාකච්ඡා කර නිවැරැදි තීරණ ගෙන ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම තුළින් ලාභ අරමුණ කරා ළඟා විය හැකිය. එම ලාභවලින් කොටසක් ‘ලාභාංශ’ ලෙස එම කොටස් මිලට ගත් කොටස් කරුවන්ට ද බෙදාදේ.
Silumina News