ඉන්දියන් සාගරයේ සුනාමියක් ඇති වෙයිද?

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    ඉන්දියන් සාගරයේ සුනාමියක් ඇති වෙයිද?

    දෙසැම්බර් 31 ට පෙර ඉන්දියන් සාගරයේ සුනාමියක් ඇති වෙයිද? පෙර කියූ අනාවැකි සියල්ලම සැබෑ වූ බාබු කාලයිල් ගේ ආන්දොලනාත්මක අනාවැකියේ ඇත්ත නැත්ත



    ලෝකයේ ආනාගතයේදී සිදු වීමට ඇති දේවල් පිළිබඳව අනාවැකි පළ කරන පුද්ගලයින් රැසක් සිටිනවා විද්‍යඥයන්, පරික්ෂකයින්, ආගමික නායකයින් සහ විවිධ පුද්ගලයින් ලෝකයේ සිදු වීමට නියමිත දේවල් පිළිබඳව අනාවැකි පල කරත් එවා සැබෑ වීමේ ප්‍රවණතාවයනම් අඩුයි එහෙත් ඉන්දියාවේ බාබු කාලයිල් නැමති පුද්ගලයකු වසර ගණනාවකට පෙර තමා කියූ අනාවැකි ඒ ආකාරයෙන්ම පසු කාලයක විද්‍යාවෙන් ඔප්පු වූ තිබුනා.
    ආලෝක වර්ෂ 50කට එහා පෘතුවියට සමාන ග්‍රහලෝකයක් ඇතැයි කලායිල් ප්‍රකාශ කළේ 1998 වසරේදීය. කැලිෆෝනියාවේ බර්ක්ලි විශ්වවිද්‍යාලයේ පරික්ෂකයින් විසින් 2004 වර්ෂයේ එවැන්නක් ඇති බව විද්‍යාත්මක සාධක සහිතව සොයාගත්තේ ය.
    අඟහරු ග්‍රහයා මත ජලය ඇති බවට 2001 වසරේ අගෝස්තු 2 වැනිදා කායිල් නැවත වරක් ප්‍රකාශ කළේය එම ප්‍රකාශය සහංගේරියානු විද්යන්ගයන් පිරිසක් ඊට මාස කිහිපයකට පසු ඒ බව තොරතුරු සමඟ වාර්තා කළහ.
    සෙනසුරුගේ චන්ද්‍රයන් 10ක් අතරින් එකක් වන ටයිටන් හි විදුලි කෙටීම් සිදුවන බව ඔහු 2004 වසරේ ඔක්තෝම්බර් මස ප්‍රකාශ කර තිබු අතර 2005 ජනවාරි 16 වැනිදා එය තහවුරු විය.
    මේ විශ්මිත අනාවැකි පළකරන්නා 2017 වර්ෂයට අදාළව ඉන්දියන් සාගරය ආශ්‍රිතවද අනාවැකියක් ප්‍රකාශ කොට තිබේ. ඔහුගේ ප්‍රකාශය මේ වන විට ආන්දොලනාත්මක කතා බහකට තුඩු දීලා තියෙනවා.
    2017 වසරේ අගභාගයේදී ඉන්දීය සාගරයේ ඉතා විශාල භුකම්පනයක් සිදුවී මාරාන්තික සුනාමියක් හටගන්නා බව පවසමින් බාබු කලායිල් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදී වෙත ලිපියක් මඟින් සඳහන් කර තිබෙනවා. බාබු කයායිල් යැවු ලිපියේ සඳහන් වන්නේ මෙවැන්නකි..
    ගරු මහත්මයාණෙනි,
    2017 දෙසැම්බර් 31 වෙනිදාට පෙර ඉන්දියන් සාගරයේ භූමිකම්පාවක් සිදුවීමට නියමිතය. මේ බිහිසුණු භූමිකම්පාව නිසා ආසියානු මහාද්වීපයේ සමස්ත වෙරළ තීරයම කම්පාවී යනු ඇත. තවද මේ නිසා මුහුදු සීමාවන් වෙනස්වී යනු ඇත. ඉන්දියාව, චීනය, ජපානය, පාකිස්ථානය, නේපාලය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, ශ්‍රී ලංකාව හා ගල්ෆ් කලාපයේ රටවල් කිහිපයකටද මෙහි බලපෑම දැනෙනු ඇත. මේ කාලසීමාව අතරතුර පැයට කිලෝමීටර් 120ක 180ක පමණ ප්‍රබල ශක්තියක් ඇති ශෂීමා කුණාටුවක් ඇති වීමට ඉඩ තිබේ. අධික වැසි නිසා රැළි ඇතිවිය හැකිය.

    ඉහත නිරීක්ෂණ සිදු කළේ 2017 අගෝස්තු 20 වැනිදා අතින්ද්‍රීය බුද්ධියේ බල මහිමයෙනි.
    ස්තුති
    ඔබේ හිතවත්
    බාබු කලායිල්

    විද්‍යාත්මක ක්‍රමවේදය අනුව භූමිකම්පාවක් ගැන කළින් අනාවැකියක් ප්‍රකාශ කළ නොහැකිය. භූ විද්‍යාවේ ප්‍රධානතම නොවිසිඳුණු ගැටළුවක් ලෙස භූමිකම්පා ගැන පුර්ව අනාවැකි ප්‍රකාශ කිරීමේ නොහැකියාව පවතියි. සම්භාවිතාව ගැන අනුමාන හැරුණු විට නිවැරදිම විද්‍යාත්මක ක්‍රමය අනුව භූමිකම්පාවක් සිදුවීමට තත්ත්පර කිහිපයකට පෙරදී නම් පැවසිය හැකිය. එහෙත් එය අනාවැකියක් ලෙස කිසිසේත්ම කිව නොහැකිය.
    භූමිකම්පාව ගැන මුල්ම අනාවැකිය මෙය යැයි විශ්වාස කළ හැකිය. වැදගත් කාරණය වන්නේ මේ අනාවැකි පළකරන බාබු කළින් කී අනාවැකි පසුකාලීනව විද්‍යාත්මකව ඔප්පු වීමයි. කෙසේ වෙතත් ඉදිරි මාස කිහිපය ඇතුලතදී ඉන්දීය සාගර කලාපය භුමිකම්පාවලින් සලිත වී යන බවට ඔහු කියන අනාවැකිය නම් විස්මිතය. මේ තරම් දැඩිව ඔහු ප්‍රකාශ කරන තොරතුරේ සත්‍ය අසත්‍යතාවය අනිවාර්යෙන්ම ඔප්පු වීමට ඇත්තේ තව මාසයක් පමණි.
    කෙසේ වෙතත් බටහිර විද්‍යාවට අනුව නම් මේ ගැන එතරම් තැකීමක් නොකරන නමුත් යම් ලෙසකින් හෝ ඔහුගේ ප්‍රකාශය හරි ගියහොත් ඉන්දීය සාගරය වටේ ඇති රටවල්වලට මුහුණදීමට ඇති අනාගත අත්දැකීම ඉතා බිහිසුණු වනු ඇත.බාබු මේ තරම් විශ්වාසයෙන් ප්‍රකාශයක් කරන බැවින් කේරළ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ජි.රේණුකා බාබුගේ මානසික ශක්තිය ගැන විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කළා.
    කෙසේ වෙතත් මෙහිදී හෙළිවූයේ කළින් අවස්ථා රැසකදීම ඔහු සිදු කළ පියවි ඇසට නොපෙනෙන අද්භූත අනාවැකි සත්‍ය වී තිබෙන බවයි. අනාගතයක් දැකීමේ බලයක් ඇතැයි කියන බාබු අගමැති මොදිට ලියූ ලිපිය අන්තර්ජාලය පුරා ප්‍රචලිත වීම නිසා විශාල ආන්දෝලනයකට තුඩු දී ඇත.
    02-111.jpg
     
    Last edited:

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    සුනාමි එන්න කලින් මේ කියපු එකාට දත් ටික මැදගත්තනම් නරක නැද්ද?:lol::lol::lol::P
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    නිල් මැස්සෝ ඇදෙන්නේ කක්කගොඩට..
    ඒ වගේ ඔය ඔක්කොම පිස්සෝ ඉන්නේ අපි වටේ...
    දැන් මැස්ස කවුද කක්කගොඩ කවුද කියල අහන්න එපා... :P