ඉන්දියානු ආර්ථිකයෙන් අපට ගත හැකි පාඩම්

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ඉන්දියානු ආර්ථිකයෙන් අපට ගත හැකි පාඩම්

[SIZE=+2]ඉන්දියානු ආර්ථිකයෙන් අපට ගත හැකි පාඩම්

[/SIZE]
"ලෝකය දකින්නට නම් ඉන්දියාවට යන්න" කියා කියමනක්‌ මා අසා ඇත. ඇත්තටම ඉන්දියාව වූ කලී රටක්‌ නොව වෙනම ලෝකයකි. විවිධත්වය උපරිම ලෙස ඉන්දියාව තුළ ඇත. ජනවර්ග රාශියක්‌ ඉන්දියාවේ වෙසෙති. කෙතරම් විවිධත්වයක්‌ තිබුණත්, විවිධ ආගම් සහ ජාතීන්ට අයත් මේ සියලු ජනයා තුළ "ඉන්දීය" යන පොදු ඒකමතික බවක්‌ද දක්‌නට ඇත. රටක්‌ දියුණු කිරීමට මේ ජාතික හැඟීම් ද ඉතා වැදගත්ය. ඉන්දියාව පිළිබඳ මේ කෙටි පූර්විකාව අප සටහන් කළේ ඉන්දියාවේ ආර්ථික ඉදිරි ගමන ගැන ලියන මේ ලිපියට ප්‍රවේශයක්‌ වශයෙනි. පසුගිය දින දහයක (අගෝස්‌තු 11 දින සිට 21 දින දක්‌වා) කාලයක්‌ ඉන්දියාවේ විවිධ ප්‍රදේශ රැසක චාරිකා කිරීමට මේ ලියුම්කරුට අවස්‌ථාව ලැබිණි. මේ චාරිකාවේදී ඇස දුටු ඉන්දියාව ඇසුරින් ආසියානු කලාපයේ නැඟී එන ඉන්දියානු ආර්ථිකය පිළිබඳ මේ ලිපියෙන් අපගේ අවධානය යොමු වෙයි.

ඉන්දියාව අපගේ ආසන්නතම අසල්වැසියායිs. සුහද මිතුරායි. බුදුන් උපන් දේශය ලෙස අප කා තුළත් භාරත දේශය පිළිබඳ අසීමිත ගෞරවයක්‌ තිබේ. ශ්‍රී ලාංකිකයන් අති විශාල පිරිසක්‌ වාර්ෂිකව දඹදිව වන්දනාවේ යයි. ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ අපේක්‍ෂාවක්‌ වන්නේ මරණයට මත්තෙන් කෙසේ හෝ දඹදිව වන්දනාවේ යාමටය. එසේ ගොස්‌ බුදුරජාණන්වහන්සේ උපන් ස්‌ථානය, බුද්ධත්වයට පත් වූ ස්‌ථානය, පළමු ධර්මදේශනාව පැවැත්වූ ස්‌ථානය සහ පිරිනිවන් පෑ ස්‌ථානය යන සතර මහා ස්‌ථාන ඇතුළු දඹදිව බෞද්ධ පූජනීය ස්‌ථාන (නේපාලය ද ඇතුළුව) දැක ගැනීමටය. බොහෝ කලක්‌ තිස්‌සේ මුදල් එකතු කරගෙන අපේ බෞද්ධ උපාසක උපාසිකාවෝ බොහෝ දෙනෙක්‌ මේ ප්‍රාර්ථනාව කෙසේ හෝ ඉටු කර ගනිති. ගෞතම සිද්ධාර්ථයන් බුද්ධත්වයට පත් වූ බුද්ධගයාවට ගිය විට දැනෙන මානසික සුවය, නිරාමිස සතුට අපමණය. අසීමිතය. අපේ බෞද්ධයෝ විශාල පිරිසක්‌ වාර්ෂිකව බුද්ධගයාවට ගොස්‌ මේ මානසික සුවය විඳ ගනිති. ඒ නිසා මේ බුදුන් උපන් ඉන්දියාව වූ කලී ශීS්‍ර්‍ර ලාංකික බෞද්ධයන්ට ඉතා සමීප හා හුරුපුරුදු දේශයකි. එහෙත් අපේ රටට බුදුදහම පමණක්‌ නොව ඉන්දියාවෙන් ලබාගත හැකි තවත් බොහෝ දේ තිබෙන බව අපගේ ඉන්දියානු චාරිකාවේදී අපට හැඟී ගිය දෙයකි.

යුද ජයග්‍රහණයෙන් පසු අප දැන් අවතීර්ණ වී සිටින්නේ ආර්ථික යුද සංග්‍රාමයටය. එහෙත් එය කොටි ත්‍රස්‌තවාදය පරාජය කළ සටනටත් වඩා දුෂ්කර මෙහෙයුමක්‌ බව කිව යුතුය. කොටි ත්‍රස්‌තවාදය පරාජය කළාක්‌ මෙන් සංවර්ධන යුද මෙහෙයුම යම් යම් ප්‍රතිඵල උදා කරගෙන අවසන් කළ හැකි දෙයක්‌ නොවේ. එය අඛන්aaඩ සහ දිගුකාලීන ක්‍රියාවලියකි. එහි අවසානයක්‌ නැත. එහෙත් යුද ජයග්‍රහණයෙන් පසු ආර්ථික යුද්ධය ජය ගැනීම සඳහා අපට මහඟු අවස්‌ථාවන් රැසක්‌ උදාවී ඇත. යුද ජයග්‍රහණයේ උපරිම ප්‍රතිඵල උදා කර ගැනිමට නම් මේ මහඟු අවස්‌ථාවෙන් අප උපරිම ප්‍රයෝජන ගත යුතුය. එසේ නැතිව මේ අවස්‌ථාව පැහැර හැරියහොත් ඉන් නිසි ප්‍රයෝජන නොගතහොත් යුද ජයග්‍රහණයෙන් පසු අසාර්ථක වූ රජයක්‌ බවට මේ රජය පත්වනු ඇත. එහෙත් එවැන්නක්‌ අප කිසිවෙක්‌ බලාපොරොත්තු නොවන්නකි. බහුතර ජනයාගේ අපේක්‍ෂාව යුද ජයග්‍රහණයෙන් පසු ආර්ථික යුද සංග්‍රාමයත් සාර්ථක ලෙස මේ රජය විසින් දියත් කරනු ඇති බවය.

අපගේ මෙම ඉදිරි ආර්ථික සංවර්ධන ගමනේදී ඉන්දියාව ඇතුළු ලෝකයේ වෙනත් රටවලින්ද අපට ගත හැකි ආදර්ශ තිබේ. අපට ගත හැකි හොඳ දෙයක්‌ තිබේ නම් ඒ කිසිවක්‌ අප බැහැර කළ යුතු නැත. වරක්‌ මාධ්‍යවේදීන්ගේ සුහද හමුවකදී ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා අප අමතමින් කියා සිටියේ ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව ලෙස දියුණු කළ යුතු බවයි. වෙනත් රටවල සංවර්ධන මිමිවලින් මනින්නේ නැතිව, අපේ රටට ඔබින සංවර්ධනයක්‌ අප විසින් ඇති කර ගත යුතුව තිබෙන බවයි. සෑම රටක්‌ම ආර්ථික සංවර්ධනය කරා ගමන් කිරීමේදී ඒ රටට ගැලපෙන, අනන්‍ය වූ සංවර්ධන මාවතක්‌ තෝරා ගත යුතු බව සැබෑය. වෙනත් රටක සාර්ථක වූ දෙයක්‌ ඒ අයුරින්ම තවත් රටකට ගැලපෙන්නේ ද නැති විය හැකිය. එහෙත් වෙනත් රටවල සාර්ථක අත්දැකීම් සහ ආදර්ශ ද අපට ගැලපෙන ලෙස යොදා ගැනීමේ කිසිදු වරදක්‌ නැත. හේතුව නම් ඒ ඒ රටවල්වල කවර වෙනස්‌කම් තිබිය හැකි වුවත් ආර්ථික සංවර්ධනය තුළින් අවසානයේදී උදා වන්නේ එකම සහ පොදු ප්‍රතිඵලයක්‌ වන නිසාය. එනම් සමස්‌ත ජනයාගේ ජීවන තත්ත්වය ඉහළ මට්‌ටමකට පත් කර ගැනීමයි.

ඉන්දියානුවන් තුළ වෙනස්‌කම්, විවිධත්වයන් කොතරම් තිබුණත් ඒ ජනයා තුළ ජාතික හැඟීම, ඉන්දීය බව ඉතා ඉහළින්ම තිබේ. අපේ කම යන්න අපටත් වඩා ඉන්දියානුවන් තුළ තිබේ. මේ නිසා ඉන්දීය ජාතිකයන් බොහෝ විට කන්නේ, බොන්නේ තමාගේම ආහාරපානය. අඳින්නේ පළඳින්නේ දේශීය ඇඳුම් පැළඳුම්ය. ඇඳුම් පැළඳුම් සහ කෑම බීම පමණක්‌ නොව පොදුවේ ඔවුන් බහුල වශයෙන් පරිභෝජනය කරන්නේ දේශීය නිෂ්පාදිතයන්ය. විදේශීය භාණ්‌ඩ මිලදී ගැනීමට ඔවුන් පෙළැඹෙන්නේ ඉතාම කලාතුරකිනි. මේ ගැන අදහස්‌ දක්‌වමින් ඉන්දියාවේ චෙන්නායිහි මහාබෝධි මධ්‍යස්‌ථානයේ නියෝජ්‍ය මධ්‍යස්‌ථානාධිපති පූජ්‍ය කලවානේ මහානාම හිමියන් අපට මෙසේ කීවේය.

"අර අපේ පැරැණි සින්දුවක කොටසක්‌ තියෙනවානෙ, "සිය රට දේ සිරි සැප දේ" කියලා. ඔය සංකල්පය ශ්‍රී ලංකාවට වඩා මෙහේ දක්‌නට ලැබෙනවා. මෙහේ මිනිස්‌සු මේ රටට ආදරෙයි. ජාති ආගම් භේද කොපමණ තිබුණත් "ඉන්දීය" කියන ඒකීයත්වය මේ ජනතාව තුළ මම දකිනවා. පිටරට දේට වඩා තමාගේ දේ අගය කරන ජනතාවක්‌ ඉන්දියාවේ ඉන්නේ. ඒ නිසා ඉන්දියාවෙන් අපේ රටේ සංවර්ධනයට ගත හැකි ආදර්ශ ද බොහොමයි."

අප මෙවර ඉන්දියාවට ගියේ නාග්පූර්හි බුද්ධභූමි මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය සියෝනි බෝධානන්ද හිමි යන්ගේ ආරාධනාවකට අනුවය. උන්වහන්සේ ශ්‍රී ලංකාවේ ද ඉගෙනුම ලැබූ ඉන්දියානු ජාතික හිමිනමකි. ඒ හිමියන් අප වෙත කියා සිටියේද ඉන්දියාවේ වේගවත් ආර්ථික සංවර්ධනයක්‌ සිදුවෙමින් පවතින බවයි. උන්වහන්සේ අප වෙත දැක්‌වූයේ මෙවන් අදහසකි.

"විශේෂයෙන් පසුගිය වසර දහය ඇතුළත විශාල සංවර්ධනයක්‌ ඉන්දියාවේ සිදුව තිබෙනවා. නව ගොඩනැඟිලි විශාල ප්‍රමාණයක්‌ ඉදිවී තිබෙනවා. මංමාවත් විශාල වශයෙන් ඉදිවී, පරිගණක තාක්‍ෂණය අතිනුත් ලොකු දියුණුවක්‌ ලබා තිබෙනවා.

ඉන්දියානු ජනතාව විදේශ භාණ්‌ඩ ගැන එතරම් උන්නදුවක්‌ දක්‌වන්නේ නෑ. දේශීය නිෂ්පාදනම තමයි වැඩි වශයෙන් පරිභෝජනයට ගන්නේ. අපි එලෙස දේශීය නිෂ්පාදන අගය කරන්න ඕන. සමහර ඇතැම් නිෂ්පාදන ගුණත්වයෙන් අඩුවෙන්න පුළුවන්. ඒ වගේම තරමක්‌ මිල වැඩි වෙන්නත් පුළුවන්. එහෙත් ජාතික හැඟීමක්‌ ඇතිව රට ගැන සිතා වැඩියෙන් ඉන්දීය නිෂ්පාදන භාවිතයට පෙළැඹී සිටිනවා. ඒකෙන් අපේ රට දියුණු කිරීමට ලොකු ශක්‌තියක්‌ ලැබෙනවා. ඒ නිසා කොයි රටක්‌ වුණත් දියුණු වීමට මේ ජාතික හැඟීම බලපානවා. ශ්‍රී ලංකාව ආර්ථික සංවර්ධනය කරා ගමන් කිරීමේදී ලාංකීය ජනයා ද එවැනි ජාතික හැඟීමකින් කටයුතු කිරීම ඉතා වැදගත්".

මීට වසර දෙකකට පෙර ද ඉන්දියානු සංචාරයක නිරත වීමට මට අවස්‌ථාවක්‌ ලැබිණි. ඒ අවස්‌ථාවේ ගිය ඇතැම් ස්‌ථාන වෙත නැවත ගමන් කිරීමේදී ලොකු වෙනසක්‌ සිදුව ඇති බව අපටද දැක ගත හැකි විය. මෙවර අපි කොල්ලාපූර් ප්‍රදේශයේ පිහිටා ඇති මහලක්‍ෂ්මී දේවාලය බලන්නටද ගියෙමු. එය ඉතා දීර්ඝ ගමනකි. මුම්බායිහි කල්‍යාන් නගරය ආසන්නයෙන් ආරම්භ වන සුඛෝපභෝගි බස්‌රියකින් අප කොල්ලාපූර් වෙත ගිය අතර ඒ යන ගමනේදීත් එන ගමනේදීත දෙපස දුටු දසුන්වලින් අපට පෙනී ගියේ ද ඉන්දියාව වේගවත් සංවර්ධනයක්‌ කරා, ගමන් කරමින් සිටින බවයි. ඉන්දියාවේ අති විශාල අධිවේගී මාර්ග ඉදිකරනු ලැබ ඇත. එසේම ඉන්දියානු ජනතාව වැඩි වශයෙන්ම ගමන් බිමන් යන්නේ දුම්රියෙනි. ඉන්දියාවේ ඇත්තේ ඉතා පුළුල් ලෙස පැතිරිණු දුම්රිය මාර්ග පද්ධතියකි. එහෙත් අපට තවමත් කතරගම දක්‌වාවත් අපේ දුම්රිය මාර්ගය දික්‌ කරගැනිමට නොහැකිව තිබේ. අපේ බොහෝ දේශපාලනඥයන්ගේ මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ ද කතාව වැඩිය. වැඩ අඩුය. අද අපට අවශ්‍ය කරන්නේ කතාව නොව, වැඩ කිරීමයි. කෙරුවාවක්‌ නැති කයිවාරුවෙන් වැඩක්‌ නැත.

අද සංවර්ධනය වන ආසියානු කලාපයේ නැගී එන ශක්‌තිමත් ආර්ථිකයන් සහිත රටවල් දෙකක්‌ බවට පත්ව ඇත්තේ චීනය සහ ඉන්දියාවයි. ලෝක ආර්ථික අර්බුදය හමුවේ ලෝකයේ දියුණු ආර්ථිකයන් සියල්ලම පාහේ 2009 වසරේදී සෘණ ආර්ථික වර්ධනයන් සහිතව පසුබෑමට ලක්‌වෙද්දී ඉන්දියානු ආර්ථිකය සියයට 5.6 කින් ද චීන ආර්ථිකය සියයට 8.7 කින්ද වර්ධනය වීම කැපී පෙනෙන්නකි. 2009 වසරේදී ලෝක ආර්ථික වර්ධනය සෘණ 0.8 ක්‌ දක්‌වා පසුබෑමට ලක්‌ විය.

මෙපමණකින් හෝ ලෝක ආර්ථික පසුබෑම අවම කර ගැනීමට හැකි වූයේ චීනය හා ඉන්දියාව ඇතුළු සංවර්ධනය වන ආසියානු කලාපයේ රටවල් 2009 වසරේදී සියයට 6.5 ක්‌ වැනි ඉතා ඉහළ ආර්ථික වර්ධනයක්‌ ලබා ගැනීමට සමත් වූ නිසාය. ඉන්දියාව මේ වසරේදී (2010) සියයට 7.7 ක ආර්ථික වර්ධනයක්‌ ලබා ගැනීමට ඉලක්‌ක කර ඇත.

ඉන්දියාවේ නිදහසෙන් පසු වර්ෂ 1950 සිටම පාහේ වසර 5 න් 5 ට නව සංවර්ධන සැලසුම් සකස්‌ කර ක්‍රියාවට නඟනු ලැබ ඇත.

2010-09-04-p2.jpg


ඉන්දියාවේ ඉතා ශක්‌තිමත් සැලසුම් කොමිසමක්‌ තිබේ. ඉදිරි ජාතික සංවර්ධන සැලසුම් සකසන්නේ මෙම කොමිසම විසිනි. ඉන්දියාව වර්ෂ 1991 න් පසුව සිය ආර්ථිකය ක්‍රමානුකූලව විවෘත කිරීමට පටන් ගත්තේය. මෙසේ ආර්ථිකය විවෘත කිරීමත් සමග ඉහළ ආර්ථික වර්ධනයකට ගමන් කිරීමටද ඉන්දියානු ආර්ථිකයට හැකි විය. ඉන්දියාව අති විශාල ආර්ථිකයකි. එසේම සුවිශාල වෙළෙඳපොළකි. ආසියානු කලාපයේ නැගී එන ඉන්දියානු ආර්ථිකය සමග අපට යැමට ගමනක්‌ තිබේ. මේ ගමනේදී ඉන්දියාවෙන් ගතහැකි ආදර්ශ මෙන්ම, ආර්ථික හා වෙළෙඳ සම්බන්ධතා තුළින් අත්පත් කර ගත හැකි ආර්ථික ප්‍රතිලාභ ද තිබේ. ("මේ ඉන්දියානු සංචාරයට අනුග්‍රහය සැපයූ සෙලාන් බැංකුවට, සංවර්ධන ලොතරැයි මණ්‌ඩලයට සහ මහජන බැංකුවට විශේෂ ස්‌තුතිය.) .


උපුටා ගැනීම දිවයින ඇසුරෙනි
 
  • Like
Reactions: Fox Mulder89

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මෙම ලිපියේ එකග විය හැකි කරුණකට ඇත්තේ මෙපමණකි.

    බැසිල් රාජපක්‍ෂ මහතා අප අමතමින් කියා සිටියේ ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව ලෙස දියුණු කළ යුතු බවයි. වෙනත් රටවල සංවර්ධන මිමිවලින් මනින්නේ නැතිව, අපේ රටට ඔබින සංවර්ධනයක්‌ අප විසින් ඇති කර ගත යුතුව තිබෙන බවයි.

    ඉන්දියාන්ය් ආර්ථිකය සංවර්ධනය ප්‍රධාන ප්‍රාන්ත කිහිපයකට විතරයි.රට ඇතුලට ගියම ( ලියන්න වචන එන්නෙත් නැහැ.)

    වැඩිය ඇතුලට යන්න ඕනා නැහැ බුද්ධගයවට ගියාම ඇති.
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මෙම ලිපියේ එකග විය හැකි කරුණකට ඇත්තේ මෙපමණකි.

    බැසිල් රාජපක්‍ෂ මහතා අප අමතමින් කියා සිටියේ ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව ලෙස දියුණු කළ යුතු බවයි. වෙනත් රටවල සංවර්ධන මිමිවලින් මනින්නේ නැතිව, අපේ රටට ඔබින සංවර්ධනයක්‌ අප විසින් ඇති කර ගත යුතුව තිබෙන බවයි.

    ඉන්දියාන්ය් ආර්ථිකය සංවර්ධනය ප්‍රධාන ප්‍රාන්ත කිහිපයකට විතරයි.රට ඇතුලට ගියම ( ලියන්න වචන එන්නෙත් නැහැ.)

    වැඩිය ඇතුලට යන්න ඕනා නැහැ බුද්ධගයවට ගියාම ඇති.

    වටින අදහසක්. :yes:

    නමුත් මචන් ඉන්දියාව ටිකෙන් ටික ලෝකෙ බලවත් රටවල් අතරට ගියානෙ. ඒකට මූලික හෙතුඒන් වුනෙ උන්ගේ ආර්ථික ප්‍රතිපත්ති. අපිට පාඩමක් ගන්න පුලුවන් තැන් එමටයි. උන්ගේ වැරදිත් අපිට පාඩමක්, එහෙම නොකරන්න.
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    වටින අදහසක්. :yes:

    නමුත් මචන් ඉන්දියාව ටිකෙන් ටික ලෝකෙ බලවත් රටවල් අතරට ගියානෙ. ඒකට මූලික හෙතුඒන් වුනෙ උන්ගේ ආර්ථික ප්‍රතිපත්ති. අපිට පාඩමක් ගන්න පුලුවන් තැන් එමටයි. උන්ගේ වැරදිත් අපිට පාඩමක්, එහෙම නොකරන්න.

    ඉංදියාවෙන් ගන්න තියෙන එකම වටිනා ප්‍රතිපත්තිය තමයි අපනයන අඩු කරලා රටට අවශ්‍යය භාණඩ හා සේවා රට තුළම නිපදවිමයි.

    අතින් ඉංදියාව සෑහෙන උඩුන් ඉන්නෙ.බැංගලොර් කියන්නෙ IT අතින් ඉහළටම ගිය නගරයක්.එත් බැංගලෝර් වලින් කි.මි.10.15 යනකොට එකේ අනිත් පැත්ත IT තියා මළ පොතෙ අකුරක් දන්නේ නැති උන් ඉන්නේ.

    එකයි කිවුවේ ප්‍රධාන නගර කිහිපයක් දියුනු උනාට ඒ දියුණුව ගමට ගෙනිය ගන්න තාම බැරි වෙලා.අබ්බනිලා, විජයමලයලා වගෙ බිලියනියස්ලා හිටියට බහුතරය අන්ත ඩුගියෝ.

    සාක්ශරතාවය, සෞඛ්‍යය වගෙ ගත්තහම ලංකාවටත් පහලින් ඉන්නේ.
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඉංදියාවෙන් ගන්න තියෙන එකම වටිනා ප්‍රතිපත්තිය තමයි අපනයන අඩු කරලා රටට අවශ්‍යය භාණඩ හා සේවා රට තුළම නිපදවිමයි.

    අතින් ඉංදියාව සෑහෙන උඩුන් ඉන්නෙ.බැංගලොර් කියන්නෙ IT අතින් ඉහළටම ගිය නගරයක්.එත් බැංගලෝර් වලින් කි.මි.10.15 යනකොට එකේ අනිත් පැත්ත IT තියා මළ පොතෙ අකුරක් දන්නේ නැති උන් ඉන්නේ.

    එකයි කිවුවේ ප්‍රධාන නගර කිහිපයක් දියුනු උනාට ඒ දියුණුව ගමට ගෙනිය ගන්න තාම බැරි වෙලා.අබ්බනිලා, විජයමලයලා වගෙ බිලියනියස්ලා හිටියට බහුතරය අන්ත ඩුගියෝ.

    සාක්ශරතාවය, සෞඛ්‍යය වගෙ ගත්තහම ලංකාවටත් පහලින් ඉන්නේ.

    ඔව්, ඒ කියන්නෙ අපිට අපේ ඉන්දයාවට වඩා ලේසියෙන් දියුනු කරගන්න පුළුවන් වෙන්න ඕන. මම අහල තියෙන විදිහට ලoකාවෙ අයි ටී බුවාල පට්ට වැඩකරුවෝ. ඉතින් ඇයි අපි සoචාරක ව්‍යාපරෙ පස්සෙම දුවන්නෙ. ඇයි අයි ටී නග්ගල ගන්නෙ නැත්තෙ?

    පාර්ලිමේන්තුවෙ ඒ සඳහා දැනුම ඇති කෙනෙක් නෑ නේද?
     
    Nov 27, 2009
    2,139
    107
    0
    lankawe ugathata thenak ne. thenak denneth ne. ithin semada wale. boru sobana surangana katha kiyala minissunwa rawattanawa. minissuth rewatenawa.:D
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    lankawe ugathata thenak ne. thenak denneth ne. ithin semada wale. boru sobana surangana katha kiyala minissunwa rawattanawa. minissuth rewatenawa.:D


    ඕක වෙනස් කරන්න පුළුවන් වෙන්නෙත් මිනිස්සුන්ටමයි නේද? වෙනස් නොකර අපිට අනාගතයක් තියෙයිද?