ඉන්දියානු ආර්ථිකය සහ හෙට දවස

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,915
    3,416
    113
    ඉන්දියානු ආර්ථිකය මේ වන විට තියෙන්නේ ලෝකයෙන් 5 වෙනි ස්ථානයේ. ඉන්දියාවට උඩින් ඉන්නේ ඇමෙරිකාව, චීනය, ජර්මනිය සහ ජපානයයි.

    එහි සිදු වන වේගවත් ආර්ථික වර්ධනය හේතුවෙන් එය ලෝකයේ තෙවන විශාලම ආර්ථිකය බවට වසර 2030 දී පත් වන බව දැන් කවුරුත් දන්න දෙයක්. ඒ චීනයට සහ ඇමෙරිකාවට පහළින්. එහෙත් මිනිස්සු බිලියන 1.4 ක් සිටින මෙම දැවැන්ත රාජ්‍ය වසර 2075 වන විට ඇමෙරිකාවේ ආර්ථිකයද පසු කර යන බව සුප්‍රසිද්ධ Goldman Sachs ආයතනය පවසනවා.

    තවත් රටක් වේගයෙන් සංවර්ධනය කරා යන දැවැන්ත මානව පරිවර්තනයක් අපේ අල්ලපු වත්තේ වෙන හැටි අපිට බලන්න පුළුවන්. ඒ දැවන්ත ආර්ථිකය මගීන් ලබා දෙන ආර්ථික අවස්ථා වැඩිපුරම ලඟා කර ගන්න පුළුවන් රටත් අපිමයි. ඒ අපිට ඒක කර ගන්න මොළේ තිබුණොත්.

    ගෝලීයකරණය , නිදහස් විවෘත වෙළෙඳපොළ ආර්ථිකය, පුද්ගලික අංශය මූලිකව, ඩිජිටල්කරණය එක්ක යන ගමනක් අපේ රටත් වේගයෙන් ඉන්දියාව එක්ක ඉහලට යවාවි. රටේ අභ්‍යන්තර ආරවුල් ඉවර වෙනකං බාහිරය එක්ක තරඟය දිනන්න බෑ. අපේ අවදානය යොමු විය යුත්තේ ලෝකේ දෙසට මිසක් ඇතුලේ ගහ මරා ගැනීම් වලට නෙවෙයි.

    අපිට ඕනේ ඒ ගෝලීය දැක්ම.
    හිතන්න.

    පැතුම් කර්නර්
    #පැතූනොමික්ස්
    #රටහදනහරිපාර