ඉන්දියානු රුපියල් 32,000 ට, ටාටා වෙතින් නිවාස

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
ඉන්දියානු රුපියල් 32,000 ට, ටාටා වෙතින් නිවාස

images




ලෝකයේ මිල අඩුම නිවාසය මෙයයි

ලෝකයේ මිල අඩුම මෝටර් රථය වන නැනෝ රථය නිපදවූ ටාටා සමාගම ඉන්දියානු රුපියල් 32,000 ක් වැනි අඩු මුදලකට පෙර සවි නිවාසයක් නිර්මාණය කර තිබෙන බව වාර්තා වේ.

ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ මෙම නිවාසය වර්ග අඩි 215 ක් පමණ වන බවත් බිත්ති පොල් කෙඳි මිශ්‍රිත සංයෝගයකින් සකස් කර තිබෙන බවයි.
“නැනෝ හවුස්“ යන නමින් නම් කර තිබෙන මෙම නිවාසය වසර විස්සක් පමණ භාවිතා කළ හැකි බවත් මාදිලි කිහිපයකින් මිලදී ගත හැකි බවත් සඳහන්ය.

මෙය ඉන්දියාවේ වෙසන මිලියන ගණනක් වන නිවාස නොමැති දුප්පත් ජනතාව ඉලක්ක කර ගොඩනගා තිබෙන බව ටාටා සමාගම පවසා තිබේ.
 
Last edited: