ඉන්දියාව ඩ්‍රෝන නිෂ්පාදනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමට යයි
ඉන්දියාව විවිධ වර්ගයේ ඩ්‍රෝන යානා නිෂ්පාදනය කරන ගෝලීය කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව ලෝකයේ ඩ්‍රෝන යානා නිෂ්පාදන සමාගමක් වන ජෙනරල් ඇටමික් සමාගම ඉන්දියාව තුළ දැවැන්ත ආයෝජනයක් සිදුකිරීමට සැලසුම් කර ඇත.
මෙි පිළිබද ,ජෙනරල් ඇටොමික් සමාගමේ නිලධාරින් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර ඇමරිකාවේ දී පවත්වා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අගමැති මෝදි විසින් තම පාලනය යටතේ ඉන්දියාව තුළ ඇතිකර ඇති විදේශ ආයෝජනයන්ට හිතකර තත්වය පිළිබදව කරැණු පැහැදිලි කර ඇති බවයි.
ඒ අනුව ඉන්දියාවේ සිය ආයෝජන පුලුල් කිරීමටත්, තාක්ෂණික හුවමාරැ වර්ධනය කිරීමටත් ජෙනරල් ඇටොමික් සමාගම එකගතාවය පළකර තිබේ.
ලොව ප්‍රකට බ්ලැක්ස්ටෝන් සමාගම ඉන්දියාවේ ආයෝජන පුලුල් කිරීමට සැරසේ
ලොව ප්‍රකට මූල්‍ය ආයෝජන සමාගමක් වන බ්ලැක්ස්ටෝන් සමාගම ඉන්දියාවේ සිය ආයෝජන පුලුල් කිරීමට සැරසේ.
මේ තීරණයට එළඹ ඇත්තේ ඉන්දී අගමැති නරේන්ද්‍ර මෝදි සහ බ්ලැක්ස්ටෝන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටීවන් ස්චාවර්සමන් අතර ඇමරිකාවේ දී පැවති සාකච්ඡාවකදීය.
වේගවත් ආර්ථික දියුණුවක් සහිත ඉන්දියාවේ තම ආයෝජන පුුලුල් කිරීමට සූදානම් බව බ්ලැක්ස්ටෝන් සමාගමේ නිලධාරින් මෙහිදී පවසා තිබේ.
ඉන්දීය රජය විසින් ආයෝජන සදහා හිතකර ලෙස දියුණු කර ඇති බැංකු,නීති සහ වෙනත් පහසුකම් සම්බන්ධයෙන් අගමැති නරේන්ද්‍ර මෝදි ද මෙහිදී කරැණු දක්වා ඇත.
මේ වනවිට ඇමරිකාවේ තෙදින සංචාරයක නිරත ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එහිදී බහුජාතික සමාගම් රැසක ප්‍රධානීන් හමුවී ඉන්දියාවේ ආයෝජන සිදුකිරීමේ ඇති වැදගත්කම පෙන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
