ඉන්දියාවෙන්_තෑග්ගක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඉන්දියාවෙන්_තෑග්ගක්

ඉන්දියාවෙන් අසල්වැසි රටවලට "මිල කළ නොහැකි තෑග්ගක්"



_95913814_7e275de4-1936-4d87-8413-cc6330dcc72d.jpg


'ශ්‍රීහරිකොටා' අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අජටාකාශ ගත කළ 'දකුණු ආසියානු චන්ද්‍රිකාව'

කලාපයේ බලවතුන් ලෙස සැලකෙන අසල්වැසි ඉන්දියාව සහ චීනය විද්‍යා සහ තාක්ෂණ ක්ෂේත්‍රය තුළ දිනෙන් දින ඉදිරියට ඇදෙමින් සිටිති.
චීනයේ නිෂ්පාදිත පළමු විශාලතම මගී ගුවන් යානය සිය මංගල ගමන සාර්ථකව නිම කිරීමට අද (මැයි 05) සමත් විය.
මේ අතර දකුණු ආසියාතික රටවල් සඳහා ඉන්දියාව නව විදුලි සංදේශ චන්ද්‍රිකාවක් සාර්ථකව අභ්‍යවකාශ ගත කළේය.
'ශ්‍රීහරිකොටා' අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අජටාකාශ ගත කළ චන්ද්‍රිකාවේ ඉලක්කය වී ඇත්තේ කලාපීය රටවල විදුලි සංදේශ කටයුතු සහ විකාශන සේවා ඉහළ නැංවීමය.


ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල්



_95918580_gettyimages-679214550.jpg


ශ්‍රී ලංකාව, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය සහ භූතානය යන දකුණු ආසියානු රටවල් ඉන්දියාවේ සම්පූර්ණ වියදමින් නිර්මාණය කරන ලද චන්ද්‍රිකාවෙන් වාසි ලබනු ඇත.
කෙසේ නමුත් පාකිස්තානය අදාළ ව්‍යාපෘතියෙන් ඉවත් වී තිබේ.
විශ්ලේෂකයන් විසින් චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කිරීම හඳුන්වනු ලැබුවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ "අභ්‍යවකාශ රාජ්‍යතාන්ත්‍රිකභාවය" ලෙසිනි.



ඉන්දියාවේ අසල්වැසියන් වෙත පිදෙන "මිල කළ නොහැකි තෑග්ගක්" ලෙස අගමැති මෝදි එය විග්‍රහ කළේය.


_95918582_gettyimages-679218110.jpg


කලාපීය රටවල හදිසි ස්වාභාවික ආපදා තත්වයකදී අතිශය වැදගත්වන සන්නිවේදන සබඳතා සැපයීමේ හැකියාව ද 'දකුණු ආසියානු චන්ද්‍රිකාව' සතුය

'දකුණු ආසියානු චන්ද්‍රිකාව' සතුව සම්ප්‍රේශ ප්‍රතිචාරක (transponders) 12 ක් ඇති අතර සිය විදුලි සංදේශ සේවා වර්ධනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු අසල්වැසි රටවලට එම සම්ප්‍රේශ ප්‍රතිචාරක භාවිත කළ හැක.
එක් රටකට අවම වශයෙන් සම්ප්‍රේශ ප්‍රතිචාරක එකකට පිවිසීමේ හැකියාව ලැබෙන නමුත් ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් අදාළ රටවල් විසින් වැඩිදියුණු කළ යුතුව තිබේ.
කලාපීය රටවල හදිසි ස්වාභාවික ආපදා තත්වයකදී අතිශය වැදගත්වන සන්නිවේදන සබඳතා සැපයීමේ හැකියාව ද 'දකුණු ආසියානු චන්ද්‍රිකාව' සතුය.
ඉන්දීය ආණ්ඩුවට අනුව චන්ද්‍රිකාව මගින් අසල්වැසි රටවල් වෙත රූපවාහිනී, අධ්‍යාපන, කාලගුණ සහ හදිසි ආපදා කළමනාකරණය වැනි විදුලි සංදේශ හා විකාශන ක්ෂේත්‍රවලට අයත් සේවා සැපයෙනු ඇත.

BBC Sinhala
 
Last edited:
  • Like
Reactions: U-tag

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    හොද වගේම නරකත් තියෙයි. බලමුකෝ මොකාටද එන්නේ කියල. නාමල්ගේ සරුංගලේ ගෙනල්ලා හප්පලා දාමු අපිට අරින්න ආවොත් :rolleyes:

    පාදුක්කේ SLT Satellite Earth Station එක ආයෙ මකුලුදැල් ටික කඩලා ගමු එහෙනම්
    මං දැනට අවුරුදු 2කට 3කට විතර කලින් ගියා. ඒ යන්න සතියකට දෙකකට උඩදි එයාලා monitor කරන් හිටපු අවසාන satellite එකත් monitor කරන එක නැවැත්තුවා කිවුවා
    Satellites කියන්නේ ඉගෙනගන්න ආස හිතෙන පට්ට subject එකක් :love:


    49365130.jpg


    National-Telecommunications-Museum.jpg
     
    Last edited:
    • Like
    Reactions: tha123

    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    හොද වගේම නරකත් තියෙයි. බලමුකෝ මොකාටද එන්නේ කියල. නාමල්ගේ සරුංගලේ ගෙනල්ලා හප්පලා දාමු අපිට අරින්න ආවොත් :rolleyes:

    පාදුක්කේ SLT Satellite Earth Station එක ආයෙ මකුලුදැල් ටික කඩලා ගමු එහෙනම්
    මං දැනට අවුරුදු 2කට 3කට විතර කලින් ගියා. ඒ යන්න සතියකට දෙකකට උඩදි එයාලා monitor කරන් හිටපු අවසාන satellite එකත් monitor කරන එක නැවැත්තුවා කිවුවා
    Satellites කියන්නේ ඉගෙනගන්න ආස හිතෙන පට්ට subject එකක් :love:


    49365130.jpg


    National-Telecommunications-Museum.jpg

    EKA THAMAI SLT CAMPUS EKA HADALA THIYENNE ETHANA