ඉන්දියාවේ විදිහටම ඩිජිටල් හැදුනුම්පත් හදන්න ලංකාව ගිවිසුම්ගත වෙයි..මුදලුත් ඉන්දියාවෙන්..🇮🇳🇱🇰

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    FHOx8Ag.jpeg


    ඉන්දියා ආධාර යටතේ මෙරටට හදුන්වා දෙන නව ඩිජිටල් හැදුනුම්පත හෙවත් සුවිශේෂි ඩිජිටල් හැදුනුම්පත (Unique Digital Identity) සකස් කරන ආයතනය හා ශ්‍රී ලංකා රජය ලබන ඔක්තෝම්බර් මාසයේදී ගිවිසුම්ගත වීමට නියමිතය.

    ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.

    ඊට අදාළ මූලික පියවර වෙනුවෙන් ඉන්දියා රුපියල් මිලියන 450 ක් ශ්‍රී ලංකාවෙි ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සාගල රත්නායක මහතාට පිරිනැමීය.

    මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ලෝකයේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රධාන සමාගම් රැසක් නොමිලේ දැනුම මෙරටට පිරිනමන අතර බිල් ගේට්ස් සමාගමේ පදනමක් වන බිල් සහ මිලින්ඩා ගේට්ස් පදනම ද ඒ අතර වේ.

    ඉන්දියාව මේ වන විට ඩිජිටල් හැදුනුම්පතක් එරට ජනතාවට හදුන්වා දී ඇති අතර එම ආකෘතියටම මෙරට ජනතාවටද ඩිජිටල් හැදුනුම්පතක් නිකුත් කෙරෙනු ඇත.

    පුද්ගලයකුගේ ජෛව තොරතුරු(ලේ වර්ගය ආදී තොරතුරු) ඇතුළු සියලු විස්තර ඔහු වෙනුවෙන් වෙන්වූ අන්තර්ජාල ගිණුමක තැන්පත් වෙයි. ඔහුගේ හෝ ඇයගේ අනුමැතිය මත මෙම සියලු තොරතුරු බැංකු ගණුදෙනු ඇතුළු සියළු කටයුතු වෙනුවෙන් හෝ වෙනත් ආයතනික අවශ්‍යතා වෙනුවෙන් යොමු කිරීමේ පහසුකම ද මෙම නව හැදුනුම්පත සමඟ ඇතිවනු ඇත.

    පුද්ගලයකුට තම රාජකාරී අවශ්‍යතා ඉටු කර ගැනීම වෙනුවෙන් අදාළ ආයතනය වෙත නොගොස් අන්තර්ජාලය ඔස්සේ කටයුතු කර ගැනීමේ පහසුකම මේ අනුව උදාවනු ඇත.

    මුළු රටම ඊ කලාපයක් කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව මෙම ව්‍යාපෘතිය ආරම්භ වන අතර එය ඉන්දියා රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ සිදු වෙයි. ලබන වසර අවසන් වීමට ප්‍රථම ඩිජිටල් හැදුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබේ.

    https://www.lankadeepa.lk/news/ඩිජිටල්-හැදුනුම්පත-හදන්න-ගිවිසුම්ගත-වෙයි/101-638049
    හරි ලේසි නේ දැන්. ඊළගට ඔය අයිඩි එකේ උඩින් ඉන්දියා කියල ගහන්න විතරයි තියෙන්නේ
    ඊළගට උබලා ඉන්දියාවේ යටත් වැසියෝ වෙනවා. දැන්ම පාරේ රෙන්න එහෙම පුරුදු වෙයල්ල්ලා
    තු විතරක්
     
    • Like
    Reactions: NRTG and LZP1992

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    උඹට මොළයක් තියෙනවනම් තේරෙනව අැතිනේ ජෙප්පො මේතරම් දෙයක් රටට කරනකොටත් සද්ද නැතිව ඉන්නේ අැයි කියලා.ලංකාව ඉන්දියාවට ලියල දුන්න වගේ වැඩක් තමා මේ කරන්න යන්නේ..ගෝටා ඉන්න දවස්වල දළඹුවෙක් කාපු කොළයක් වුනත් අල්ලන් ජෙප්පො කෑගහපු හැටි අමුතුවෙන් මතක් කරල දෙන්න ඕන නෑනේ..කෝ දැන් ජෙප්පො?
    uba mewa note pad ekaka dagenada bn inne..puduma hisaradayak ube me adonawa..mahindalage gdra balla wage oheee buranawa
     
    • Haha
    Reactions: N A K A M U R A

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මොනවා මුළු රටම ඉන්දියා ප්‍රාන්තයක් කරනවලු 😳 රනිල්ගේ මොලේ සුපිරි නේ ඔක්කෝම data ටික දීලා පිළිවෙලට වැඩේ කරනවා. රට විකුණන් කන්න කියාපු මනුස්සයා
     
    • Like
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    uba mewa note pad ekaka dagenada bn inne..puduma hisaradayak ube me adonawa..mahindalage gdra balla wage oheee buranawa
    බලමු කවුද අඳෝනා කරන්නේ කියලා ඉස්සරහට..😅

    බයියන්ගේ චැනල් වල ඕව පෙන්නන්නේ නැහැ බන්



    ඕකුන් පාලිමන්ට් ඵකේ ඕවා කථා කරල නිකන් ඉඳියිද ඕක චීනෙන් ඵහෙම කරනවා කිව්වනම්?වෙනස තේරුම් ගනින්..🥴
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඕකුන් ඉස්සරහට ලෝකෙටම පිළිලයක් වෙනවා. කිසිම ඩිසප්ලීන් එකක් නැති සත්තු වගේ ජාතියක්. රුසියන් කාරයෝ වගේ තමයි . ඊටත් අන්තයි
     
    • Like
    Reactions: NRTG

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,698
    6,019
    113
    @ගෙදර
    ETCA ගේන්න බැරි වුන ඵකට හරියන්න උන් ලස්සනට ලංකාවට ටිකෙන් ටික ගේම දුන්නා..දැන් ඉතිං ඒක කරගන්නත් ලේසියි..රටම බංකොලොත් නේ..

    df433bb79314ab0d378827b940a29a82_XL-830x623.jpg
    සිරා කතාව :yes:
    ලංකාව නිකන් කාගෙත් සුන්දරී වගේ :lol:
     
    • Like
    Reactions: NRTG

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    උඹලා කයිය ගහනවා නේද ලංකාවේ it industry එකෙන් ලෝකේ අර සිස්ටම් මේ සිස්ටම් හදවා බ්ල බ්ලා කියලා .

    ඒ උනාට බයෝ මෙට්‍රික් දාලා අයිඩී එකක් හදන්න දෙන්න තරම්වත් විශ්වාසයක් නෑ වගේ. 😉

    අනිවාර්යයෙන්ම අර හොර දෙටුවා අදානීගෙ කම්පනි එකකට ඕක දෙන්නෙ. ඒ වගේ පල් හොරෙක් හැරෙන්න ඉතිං මේකට එන එකෙක් නෑ.
     
    • Like
    Reactions: NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    ගන්නවා නෙමෙයි බන් උන් අල්ලගන්නවා . අපිට වෙන්නේ හොංකොං තායිවාන් ටෙබෙට් වලට වෙන දේම තමා . උපරිම 2100 වෙනකම් තියෙයිද කියන්නත් බෑ මටනම්
    මේක සතිය අද ගන්න දාපු නිව්ස් එකක් නම් අවුලක් නෑ


    එත් ඒවාට ගලපෙන්නම කාලකන්නි පාලකයෝ ඉන්න හින්ද හොඳයි කොමිස් කීයක් ලැබෙනවද හා..... මොකද උඹට මට රටට හොඳක් උනා කියල ඔය ලොකු උන්ට වෙන සෙතක් නෑනේ
     
    • Like
    Reactions: NRTG

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    System එක කොයි රටෙන් හැදුවත් එකේ source code එකේ අයිතිය ලංකාවට තියෙන්න ඕනෑ සහ system maintenance ලංකාවෙන් කරන්න ඕනෑ.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,881
    113
    Colombo, Sri Lanka
    ඉන්දියන් බෙහෙත් වගේ උනේ නැත්තම් හොඳයි.
    මගේ මුහුණට අත්තම්මගේගේ නමදාලා සීයාගේ address එකත් එක්ක මගේ ID එක ආවත් මම නම් පුදුම වෙන්නේ නැහැ කවදාවත්.. :P
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    මේක සතිය අද ගන්න දාපු නිව්ස් එකක් නම් අවුලක් නෑ


    එත් ඒවාට ගලපෙන්නම කාලකන්නි පාලකයෝ ඉන්න හින්ද හොඳයි කොමිස් කීයක් ලැබෙනවද හා..... මොකද උඹට මට රටට හොඳක් උනා කියල ඔය ලොකු උන්ට වෙන සෙතක් නෑනේ
    ඒම තමා කඩාගෙන වැටෙන රටවල්. අරගලේ හරියටම ඉවර කරානම් මුං නෑනේ අද

    System එක කොයි රටෙන් හැදුවත් එකේ source code එකේ අයිතිය ලංකාවට තියෙන්න ඕනෑ සහ system maintenance ලංකාවෙන් කරන්න ඕනෑ.
    ආ සල්ලිත් නිකං දීලා ඩේටා අපිට දාගන්න දෙන්න දංසැලක් නෙමෙයි. ඩේටා එයාලට ඕනේ මොකද අනාගත එයාලගේ ජනතාව එයාලට ජනතාවගේ හැසීරිම බලන්න ඒ ඩේටා එයාල තමා දාන්නේ
    ------ Post added on Aug 14, 2023 at 5:53 PM