ඉන්දියාවෙ බහිරවයන්ට දන ගාගෙන එන්න මහසෙන් රජතුමා දුන් දඬුවම
🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
“නැහැ, මම මේ ජේතවන මහා විහාරයේ ඉදිකිරීම් කටයුතු කොහොමත් නවත්වන්නේ නැහැ. ඒ වගේම තෝව නැවත දඹදිව යවන්නෙත් නැහැ. තොට කලින් ආපු තොගෙම ගෝලයෝ දෙන්නාට විහාරය ඉදිකිරීම් කටයුතුවලට සහභාගි වෙන්ඩ මම අණ කළා. මම තොටත් අණ කරනවා. මේ මහා චෛත්‍යයේ සලපතළ මළුවේ ගල් ඔපමට්ටම් කරලා හොඳින් ස්ථාපිත කරන්ඩ කියලා.”මෙසේ අණ කරන ලද්දේ මහසෙන් මහ රජතුමා (ක්‍රි.ව. 276- ක්‍රි.ව. 304) විසින් ඒ ජේතවන මහා විහාරයේ ඉදිකිරීම නතර කරන ලෙසට බලපෑම් කිරීමට පැමිණි නායක බහිරවයාට. එහෙත් සිදු වූයේ කිසිසේත්ම නොසිතූ දෙයකි. එනම් මහසෙන් රජතුමාගේ අණ පරිදි නායක බහිරවයාටත් ඔහුට කලින් පැමිණි ගෝල බහිරවයන් දෙදෙනාටත් ජේතවන මහා විහාරයේ ඉදිකිරීම් කටයුතුවලට දායක වීමටය.
මහසෙන් රජතුමා මෙන්ම එම රාජ්‍ය සමය (ක්‍රි.ව. 276-ක්‍රි.ව. 304) ඉතිහාසයේ ආන්දෝලනාත්මක සමයක් බව මහාවංශය කියයි. මහසෙන් රජතුමා මහා විහාරයට එරෙහිව කටයුතු කිරීම මෙයට ප්‍රධානම හේතුවයි. සංඝමිත්‍ර නම් අසත්පුරුෂ සොළී දේශයේ සිට පැමිණි වෛතුල්‍යවාදී භික්ෂුවගේ පාපමිත්‍ර ඇසුර නිසා මහසෙන් රජතුමා බොහෝ සේ නොමඟ ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස මහා විහාරීය භික්ෂුන් වහන්සේට දන් පූජා නොකරන ලෙස නියෝග කළේය. එසේ දන් පූජා කරන තැනැත්තන්ට දහසක් දඩ පනවන ලදී. මහා විහාරයේ ගොඩනැඟිලි කඩා බිඳ දමා උඳු වපුරන ලදී. ඒ හේතුවෙන් එහි වැඩ වාසය කරන භික්ෂුන් වහන්සේ රුහුණු හා මලය රටට වැඩම කිරීමෙන් අනතුරුව මහා විහාර භූමිය තුළ උඳු වපුරන ලදී. මේ සියලුම ක්‍රියාවල ප්‍රතිඵල ලෙස මහා විහාරය වසර නවයක් පාළුවට හැර තිබිණි.
මහසෙන් රජතුමාගේ මෙම අත්තනෝමතික ක්‍රියා පිළිවෙත පිළිබඳව රට වැසියෝ රජුට විරුද්ධව කැරලි ගැසූහ.එයට නායකත්වය දෙන ලද්දේ මහසෙන් රජතුමාට ඉතා හිතවත් මේඝවන්නාභය අමාත්‍යවරයා විසිනි. දෙපාර්ශ්වයම අනුරාධපුර දූරතිස්ස වැව දෙපස කඳවුරු බැඳගත්හ. පසු දින යුද වැදීමට සිටියද මහසෙන් මහ රජතුමා සහ මේඝවන්නාභය ඇමැතිතුමා අතර සාකච්ඡාවක් සිදුවිය. ඒ දෙදෙනාම තම හිතෛෂීභාවය නිසා රසවත් ආහාර පානාදිය බෙදාගෙන භුක්ති වින්දාහ.
මෙහිදී මහසෙන් රජතුමා විමසා සිටියේ “ඔබ මෙතරම් මට හිතෛෂී වුවද යුද වැදීමට හේතුව කවරේද?” යන්නය. “මහා විහාරය විනාශ කිරීම හේතුවයි.” මේඝවන්නාභය අමාත්‍යතුමාගේ පිළිතුර එසේ විය. පසුව මහසෙන් රජතුමා තම වරද පිළිගෙන සමාව ඉල්ලා සිටීමෙන් නොනැවතී මහා විහාරය යළි ගොඩනැඟීමටද පොරොන්දු විය.
මේඝවන්නාභය ඇමැතිතුමාද රජුට සමාව දුන් අතර කැරලි ගැසීම අවසන් කරන ලදී. සිදුවීමට ගිය මහා විනාශයක් ඉන් වැළකිණි.
මෙය වැදගත් සිදුවීමකි. ඒ ‘තමන් වැරදි බවත් තමන්ට එරෙහිව කැරලි ගැසූ කැරලිකරුවන් නිවැරදි බවත් මහසෙන් මහ රජතුමා පිළිගැනීමය.’ මෙසේ කටයුතු කළ අවස්ථා ඉතා විරලය. ඒ අනුව අප රටේ පමණක් නොව ලෝක ඉතිහාසයේ මෙසේ නම්‍යශීලීව කටයුතු කළ එකම රාජ්‍ය නායකයා ‘මහසෙන් මහ රජතුමා’ විය හැකිය. එසේ බලන කල මහසෙන් මහ රජතුමා ලොව ශේර්ෂ්ඨ නරපතියෙකි.
පොරොන්දු ප්‍රකාරව මහසෙන් මහ රජතුමා මහා විහාරය යළි ගොඩනංවන ලදී. රුහුණු සහ මලය රටට වැඩම කළ භික්ෂුන් වහන්සේ යළි වැඩම කළහ. මෙසේ තත්ත්වය සමනය වූ පසු මහා විහාර සීමාවේ ‘ජේතවනාරාමය’ නමින් මහා විහාර කර්මාන්තයක් කරවීම මහසෙන් රජතුමා ආරම්භ කළේය. එයට මහා විහාර භික්ෂුන් වහන්සේලා විරුද්ධ වුවද එය නොතකා දිගටම ඉදිකිරීම් කටයුතු සිදු කළේය.
එහෙත් මෙසේ ජේතවන මහා විහාරය කරවීමට විරුද්ධ වූ තවත් පාර්ශ්වයක්ද සිටියහ. ඒ අප සිංහලද්වීපයේ නොව දඹදිව ය. ඒ පාර්ශ්ව වූයේ බහිරවයන්ය. මෙම ලිපියට ප්‍රවේශ වීමේදී අප ඉස්මතු කළේද එම කාරණයයි. මෑතකදී දිවංගත වූ කුලියාපිටියේ ශ්‍රී සුනන්ද සූරීන්ගෙන් අප දැනගත් පරිදි මෙය අප්‍රකට ජනප්‍රවාදයකි.
මහසෙන් මහ රජතුමන් ජේතවනාරාමය කරවන සමයේ (ක්‍රි.ව. 276-ක්‍රි.ව. 304) දඹදිව සැවැත් නුවර ජේතවනාරාමයේ ආරක්ෂාව ආරක්ෂාව භාරව සිටියේ කුවේර විසින් පවරන ලද බහිරවයන්ය. ඔවුන් විසින් සැවැත්නුවර ජේතවනාරාමය ආරක්ෂා කරන ලදී. මේ අතර මෙහි ප්‍රධානත්වය දැරූ නායක බහිරවයාට සිංහලද්වීපයේ මහසෙන් මහ රජතුමා ජේතවනාරාමය නමින් මහා විහාරයක් කරවන බව සැලවිය.
“මේ ලෝකෙ ජේතවනාරාම දෙකක් තිබෙන්න බැහැ. තියෙන්න ඕන බුදුරජාණන් වහන්සේ වැඩ විසූ මේ දඹදිව සැවැත්නුවර ජේතවනාරාමය පමණයි. වහාම සිංහලද්වීපයේ මහසෙන් රජුට නියෝග කරන්න ඕන. එහි හදන ජේතවනාරාමය නවත්වන්න කියලා” මෙසේ සිතූ නායක බහිරවයා තම ගෝල බහිරවයෙක් කැඳවා ඔහුට මෙසේ උපදෙස් දුන්නේය.
“ඔබ සිංහලද්වීපයට යා යුතුයි. ගිහින් එහි මහසෙන් රජුට කිව යුතුයි වහාම ඔහු කරවන ජේතවනාරාමය විහාරයේ වැඩ කටයුතු නවතන ලෙස. මෙය මගේ අණක් බව වැඩිදුරටත් රජුට කිව යුතුයි.”
ගෝල බහිරවයා මොහොතක් හෝ ප්‍රමාද නොවී තම නායක බහිරවයා දුන් උපදෙස් පරිදි සිංහලද්වීපය බලා පිටත් විය. මේ බහිරව විශේෂයට අහසින් යෑමේ සෘද්ධිමය හැකියාවක් තිබිණි. ඒ අනුව මෙම ගෝල බහිරවයා දඹදිව සැවැත්නුවර ජේතවනාරාමයේ සිට සිංහලද්වීපයේ අනුරාධපුර ඇතුළු නුවර දොරටුව කරා අහසින් පැමිණියේය. එහෙත් ඔහුට ඇතුළු නුවර අභ්‍යන්තරයේ පිහිටි රාජමාලිගාව කරා යෑමට තරම් තම සෘද්ධි බලය ප්‍රමාණවත් නොවීය. ඒ නිසා ඔහු ඇතුළු නුවර ෙදාරටුව සමීපයට වී ඒ තුළට යෑමට ක්‍රමයක් කල්පනා කරමින් සිටියේය.
මෙසේ හොරගල් අහුලමින් සිටි ගෝල බහිරවයාව රාජ පුරුෂයෝ දුටුවෝය. ඔවුන් වහාම ගෝල බහිරවයා මහසෙන් මහ රජතුමා හමුවට පමුණුවන ලදී. මහසෙන් මහ රජතුමාගේ තේජස දුටු ගෝල බහිරවයා රජතුමා ඉදිරියේ දණින් වැටුණි.
“අවසර දේවයන් වහන්ස, දඹදිව සැවැත්නුවර බුදුරජාණන් වහන්සේ වැඩ විසූ ජේතවනාරාමය ආරක්ෂා කරන්නෙ අපි. ඉතින් අපේ නායක බහිරවතුමා ඔබ වහන්සේට අණ කළා ලෝකයේ ජේතවනාරාම දෙකක් තියෙන්න විධියක් නෑ. ඒ නිසා ඔබ වහන්සේට අණ කළා කියලා කියන්න කීවා මේ සිංහලද්වීපයේ ඔබ වහන්සේ කරවන ජේතවනාරාමයේ වැඩ කටයුතු වහාම නවත්වන්න කියලා” යැයි වෙව්ලමින් කීවේය.
එයින් උදහස් වූ මහසෙන් මහ රජතුමා ‘මට අණ කරන්න තොපි කවුද? තොපේ නියෝගවලට යටවෙන රජවරු මේ සිංහලද්වීපයේ නැහැ. ඒ වගේම තොට නැවත දඹදිව යෑමට අවසරත් නැහැ. තෝ අද සිටම මා කරවන ජේතවන මහා විහාරයේ ඉදිකිරීම් කටයුතු සිදු කළ යුතුයි.” යනුවෙන් දැඩිව ප්‍රකාශ කර ගෝල බහිරවයාව ජේතවන මහා විහාරයේ වැඩබිම වෙත යවන ලෙස රාජ පුරුෂයන්ට නියෝග කළේය.
මේ අතර තම ගෝල බහිරවයාට සිදු වූ දේ නායක බහිරවයාට සැලවිය. කෝපයට පත් වූ ඔහු වෙනත් ගෝල බහිරවයකු කැඳවා
“ඔබ මම පෙර ගෝලයාට ප්‍රකාශ කළා සේ සිංහලද්වීපයේ මහසෙන් රජුට වහාම එහි ඉදිවන ජේතවන විහාරයේ වැඩකටයුතු නවත්වන ලෙසත් මගේ ගෝලයා නිදහස් කරන ලෙසත් මා අණ කළ බව කිව යුතුයි.”
මෙම දෙවැනි ගෝලයාද කලින් පැමිණි ගෝලයා මෙන්ම ඍද්ධි බලයෙන් පැමිණ ඇතුළුනුවර දොරටුව අසල සිටියදී රාජ පුරුෂයන්ට හසුවිය. පෙර පරදිම ඔහුවද රාජ පුරුෂයන් විසින් මහසෙන් මහ රජතුමා ඉදිරියට පමුණුවන ලදී. එහෙත් මෙම දෙවැනි බහිරවයාට සිදුවූයේද පළමු බහිරවයාට සිදු වූ දේමය. මහසෙන් මහ රජතුමා විසින් ඔහුවද ජේතවනාරාම වැඩ බිමේ සේවයට යොදවන ලදී.
ටික දිනකින් තම දෙවැනි ගෝල බහිරවයාට සිදු වූ දේද නායක බහිරවයා දැන ගත්තේය. ඔහු කෝපයට පත් වී ‘මහසෙන් රජුව මට්ටු කරන්ඩ සිංහලද්වීපයට මා යා යුතුයි’ කියා සිතා දඹදිව සිට ඍද්ධියෙන් මහසෙන් මහ රජතුමා සමීපයටම ගියේය. මෙම නායක බහිරවයාට ගෝල බහිරවයන්ට වඩා ඍද්ධිමය හැකියාව වැඩි නිසා මෙසේ මහසෙන් මහ රජතුමා සමීපයටම යෑමට හැකි විය.
එදින මහසෙන් මහ රජතුමා තමන් කරවන ජේතවන මහා විහාරයේ වැඩ කටයුතු පරීක්ෂා කිරීමට එහි ගිය දිනයකි. එදින විශේෂයෙන් ජේතවන මහා චෛත්‍යයේ සලපතළ මළුවේ ගල් ස්ථාපිත කරන වැඩකටයුතු විය. මේ අවස්ථාවේ මහසෙන් මහ රජතුමා විසින් මේ බව නායක බහිරවයාට දන්වන ලදී. එතුමාගේ රාජ තේජස මෙන්ම ගාම්භීරත්වයද දුටු නායක බහිරවයා ඉබේම දණින් වැටුණි.මහසෙන් මහ රජතුමා තමන්ව දුටු බව දැනගත් නායක බහිරවයා දණගාගෙනම එතුමා ඉදිරියට පැමිණියේය.
“තෝ මොකටද ආවෙ“ මහසෙන් රජතුමා දැඩිව විමසීය.
“අවසර දේවයන් වහන්ස. අපි බුදු රජාණන් වහන්සේ වැඩ විසූ සැවැත්නුවර ජේතවනාරාමයේ ආරක්ෂක බහිරවයන්. ඉතින් ඔබ වහන්සේ මේ සිංහලද්වීපයේ ජේතවනාරාමයක් නමින් විහාරයක් කරවනවා කියලා සැලවුණා. ලෝකයට ජේතවනාරාම දෙකක් අවශ්‍ය නැහැ කියලා හිතපු නිසා මේ කටයුතු නතර කරන ලෙස ඉල්ලන්නයි මම ආවෙ” යැයි කියමින් නායක බහිරවයා වෙව්ලමින් වැඳ වැටී පැවැසීය.
“තෝ එවපු ගෝලයෝ දෙන්නත් අන්න මම මේ ජේතවනාරාම භූමියේම වැඩ කරන්න දැම්මා. ඒත් තෝව වැඩ බිමට නොදා මේ ජේතවන මහා චෛත්‍ය රාජයාණන් වහන්සේගේ සලපතල මළුවේ ගල් සකස් කරන ලෙස තොට අණ කරනවා. ඒ වගේම නැවත දඹදිවට යෑමට තොට අවසරයක් නැහැ” යැයි කියමින් මහසෙන් මහ රජතුමා නායක බහිරවයාට අණ කළේය.
ඉන් පසු බහිරවයන් තිදෙනාම ජේතවන මහා විහාරය ඉදිකිරීමට තම දායකත්වය ලබාදෙන ලදී. සියලුම වැඩකටයුතු අවසන් වූ පසු නායක බහිරවයා මහසෙන් මහ රජතුමා අබියසට ගොස් යටහත් පහත්ව මෙසේ ආයාචනා කළේය.
“අවසරයි දේවයන් වහන්ස. දැන් මේ සිංහලද්වීපයේ ජේතවනාරාම මහා විහාරයේ වැඩකටයුතු අවසන් නිසා නැවත අපට දඹදිවට යෑමට අවසර ලබා දෙන සේක්වා.
දේවයන් වහන්ස, අපට බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළ දඹදිව සැවැත්නුවර ජේතවනාරාමය ආරක්ෂා කරන්න භාර කළේ කුවේරතුමා. ඉතින් අපි රාජකාරිය පැහැර හැරියා කියලා කුවේරතුමා උදහස් වේවි. ඒ නිසා අපට යළි දඹදිව යෑමට අවසර දෙනු මැනවි” යැයි කියා සිටියහ.
කරුණු සලකා බැලූ මහසෙන් මහ රජතුමා බහිරවයන් තිදෙනාටම යළි දඹදිවට යෑමට අවසර ලබාදුන්නේය. ඔවුන් තිදෙනාම බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන ලද දඹදිව ජේතවනාරාමය ආරක්ෂා කිරීමට භාරව සිටීම එයට විශේෂයෙන්ම හේතු විය.
මෙය බැලූ බැල්මට ජනප්‍රවාදයක් වුවද වසර දෙදහස් පන්සියයකට අධික කාලයක සිට අපේ රටට එරෙහිව පවතින ඉන්දීය බලපෑමද මෙයින් පිළිබිඹු වේ. එම බලපෑම් දේශපාලන වශයෙන් පමණක් නොව සමාජ, ආර්ථික’, සංස්කෘතික වශයෙන්ද සිදු විය. සත්‍ය වශයෙන්ම තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ, මිහිඳු මහ රහතන් වහන්සේ, සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ, ධර්මාශෝක මහා අධිරාජ්‍යයාණන් වැනි උතුමකු හැර බහුතරයක් දඹදිවවාසීන් සේම වර්තමාන ඉන්දියානුවෝ අපට අවංකව හිතෛශී නොවූවෝය. ඔවුන් සෑම බොහෝ අවස්ථාවල උත්සාහ කළේ අප රට සිය ඉන්දියානු ආධිපත්‍ය යටතේ පවත්වා ගැනීමටය.
බ්‍රිතාන්‍ය වෙතින් නිදහස ලද ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ශ්‍රී ජවහල්ලාල් නේරු පවා ඔහුගේ චරිතාපදානයේ ශ්‍රී ලංකාව ඉන්දියානු ප්‍රාන්තයක් ලෙස පැවැතියේ නම් සුදුසු බවට අදහස් පළ කර ඇත.
එල්ටීටීඊ සංවිධානයට ආයුධ පුහුණුව ලබාදීම, පළාත් සභා ක්‍රමය අප මත බලෙන් පැටවීම ඉන්දියාව මෑත කාලයේ ඉන්දියානු ආධිපත්‍යය එළිපිට පතුරුවාලු බවට උදාහරණ වේ. දුර්වල පාලකයන් අප රටේ සිටි සෑම අවස්ථාවකම පාහේ ඉන්දියාව පමණක් නොව අනෙකුත් විදේශ බලපෑම්ද අධික විය.
එහෙත් බුදු දහමට අනුකූලව රට කරවූ නායකත්වයන් සිටි සෑම අවස්ථාවකම අප රට ලොව ප්‍රබලම රාජ්‍යය ලෙස නැඟී සිටියේය.
එම තත්ත්වයන්හිදී ඉන්දියාවට හෝ අන් කවර දේශයකට හෝ අපට එරෙහිව කටයුතු කරවීමට නොහැකි විය. එබැවින් එවන් අදීන රටක් ගොඩනැඟීමට අපට ඉතිහාසයෙන් මඟහසර විවෘත කර දේ.
“මහසෙන් මහ රජතුමා බහිරවයන්ට එරෙහිව අදීනව ක්‍රියාත්මක වීම මඟින් මනාව පිළිබිඹු වන්නාසේම මෙම ජන ප්‍රවාදයෙන් අපට පවසන්නේද එයයි.”
ප්‍රසාද් ධනුෂ්ක ගුණසිංහ