ඉන්දියාවේ ආන්ඩුවේ විබාග ප්‍රශ්න

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉන්දියාවේ ආන්ඩුවේ විබාග ප්‍රශ්න

    ‘උසින් වැඩි ම නිළිය කවුද?’ – ඉන්දියාවේ රජයේ විභාග ප්‍රශ්න පත්‍රයක තිබූ ප්‍රශ්නයෙන් රජය අමාරුවේ වැටෙයි



    indian-test-paper.jpg



    ඉන්දියාවේ අමාත්‍යංශ සහ රජයේ දෙපාර්තමේන්තු සඳහා බඳවා ගැනීම් වෙනුවෙන් පැවැත්වූ විභාග ප්‍රශ්න පත්‍රයක සඳහන් වූ අපූරු ප්‍රශ්නයක් පිළිබඳව ඉන්දියාවේ මහත් ආන්දෝලනයක් නිර්මාණය වී තිබේ.
    එම ප්‍රශ්නය වන්නේ, ‘මේ අතරින් උසින් වැඩි ම නිළිය කවුද?’ යන්න ය.
    ඒ සඳහා දී තිබූ පිළිතුරු 4 වූයේ, හ්‍යුමා කුරේෂි, කට්‍රිනා කායිෆ්, දීපිකා පාදුකෝන් සහ ප්‍රීටි සින්ටා ය.
    මෙම ප්‍රශ්නය පිළිබඳව රජයේ සේවකයින්ගේ පමණක් නොව සමාන්‍ය වැසියන්ගේ ද විරෝධය පළ වී තිබේ.
    ඔවුන් ප්‍රශ්න කළේ, රජයේ බඳවා ගැනීම් සඳහා පැවැත්වෙන වැදගත් විභාගයකට මෙවැනි ප්‍රශ්න සුදුසු ද යනුවෙනි.
    මෙය උපාධිධාරීන්ට කළ නින්දාවක් බව ද ඔවුහු පවසති.
    මේ අතර, රජයේ සේවක බඳවා ගැනීම් කොමිසමේ සභාපති ඒ බට්ටාචාර්ය මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා තිබේ.
    මෙම ප්‍රශ්න පත්‍රය සිය කොමිසම විසින් සකස් කරනු නොලැබූ බව ත්, පිටස්තර විශේෂඥයින් කණ්ඩායමක් එය සකස් කළ බව ත් ඔහු පවසා ඇත.


    http://newsfirst.lk/sinhala/2014/07/උසින්-වැඩි-ම-නිළිය-කවුද-ඉන/
     
    • Like
    Reactions: hector@troy
    Jul 18, 2014
    155
    31
    0
    නිකන් ඉන්දියන් කසි කබල් නුල් අදින්න එපා බන්. ප්‍රයෝජනවත් දෙයක් දාපන්කෝ.
     

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,201
    659
    113
    වලස්ගුහාව.
    මේ වගේ ප්‍රශ්නවලට ඉතින් පොත් ගුල්ලොන්ට උත්තර දෙන්න බැ. එතකොට ඉතින් උන්ට තදවෙනවා. මෙව්වා ඉතින් සාමාන්‍ය දැනීම... :D :D :D
     
    Last edited:

    Similar threads