ඉන්දියාවේ ආර්ථිකය සමඟ බද්ධ වෙමු.....පැතුම් කර්නර්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,915
    3,416
    113
    ආර්ථිකයක් වර්ධනය වෙනවා කියන්නේ යම් රටක මිනිස්සුන්ගේ ජීවිත වල ගුණාත්මකභාවය වර්ධනය වෙන එකට.

    ලෝකයේ වේගයෙන්ම දියුණු වෙන ඉන්දියාවේ මේ වන විට ආර්ථික වර්ධන වේගය 6-7% අතර. ඒකට සාපේක්ෂව මිනිස්සුන්ගේ ආදායම් ඉහළ යෑම වේගවත් වෙනවා. දුප්පත් මිනිස්සු පොහොසත් මිනිස්සු බවට පත් වෙනවා. අලුත් ව්‍යාපාර බිහි වෙනවා, රැකියා බිහි වෙනවා. රැකියා බිහි වෙනවා. තියෙන රැකියා වල ආදායම් වැඩි වෙනවා.

    මේ සියල්ලෙන් කියැවෙන්නේ ඒ රට තුල ජනතාවට ධනය ජනිත වීම. ඒ ඔස්සේ ඔවුන්ගේ ජීවිත වල ගුණාත්මකභාවය ඉහළ යනවා.

    මෙවන් වර්ධනයක් වෙන කොට මිනිස්සු ගුවනින් යෑම වැඩි වෙනවා. ඒ වර්ධනයට සාපේක්ෂව ඉන්දියාවේ ගුවන් සේවා වල දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කරනවා. ශ්‍රී ලංකන් එක ලබා ගත යුතුව තිබුනේ මේ වාසිය. ඒකම හොයා ගෙන තමයි අර්බුදය වෙලාවෙත් FitsAir ලංකාවට එන්නේ. දැන් ඔවුන් සාර්ථකව පියාඹනවා.

    ඉන්දියාව කියන දැවන්තයාගේ ආර්ථික ගමනට ප්ලග් වෙන එක තමයි අපිට තියෙන ලේසිම ආර්ථික උපක්‍රමය. වල් ඌරෝ කැකුණ තලන කොට හබන් කුකුළන්ට රජ මගුල් කියනවා නේ.

    නිදහස් වෙළෙඳපොළ ඉන්දියාවේ මිනිස්සුන්ගේ දෛවය වෙනස් කර තිබෙනවා. අපි තාම ඒවා ගැන සාකච්ඡා කරනවා.

    පැතුම් කර්නර් #පැතූනොමික්ස් #හරිත #රටහදනහරිපාර

    වසර 2023 දී වැඩිපුරම ගුවන් යානා ඕඩර් කරලා තියෙන රට තමයි ඉන්දියාව. ආසන්නව ලෝකෙම ඕඩර් කළා වගේ බාගයක්ම.

    ඉන්දියානු ගුවන් කලාපය ලෝකයේ කාර්ය බහුලම ගුවන් තලය වීමට නියමිතයි. මේ තත්ත්වය නිවැරැදිව හඳුනා ගත්තා නම් ශ්‍රී ලංකන් එක මේ වෙන කොට ලාබ ලබනවා විතරක් නෙවෙයි කටුනායක ගුවන් තොටුපොළ ගොඩක් දියුණු වෙලා. මේ ඕඩර් ටික ඇතුලේ ශ්‍රී ලංකන් එකත් ඉන්න තිබ්බා.

    ඒත් අපිට තියෙන්නේ බංකොලොත් වෙච්චි ගුවන් සේවයක්. කෝච්චි ස්ටේෂන් එකක්වගේ ගුවන් තොටුපොළක්.

    අපි තාම ගොඩක් පරක්කු නෑ. තාම නැත්තේ ඒකට උනන්දුවක් හෝ දැනුමක්.

    පැතුම් කර්නර් #පැතූනොමික්ස් #රටහදනහරිපාර

    වැඩි විස්තර පහළින්
    #srilankanairlinepk
    ------ Post added on Feb 2, 2024 at 12:27 PM