ඉන්දියාවේ ගමක බලු - වඳුරු යුද්ධයක්.....

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,079
    198,558
    113
    Colombo, Sri Lanka
    dog monkey GIF


    ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මාජල්ගාඕ නම් කුඩා ගම්මානයට කඩා වැදුණු මිනීමරු වඳුරු රැළක් සුනඛයන් 250ක් මරා දමා ඇතැයි වාර්තා වෙයි.

    සුනඛයන් කිප දෙනකු එකතු වි වඳුරු පැටවකු අමු අමුවේ මරා දැමීම නිසා මෙම බලු - වඳුරු යුද්දය ආරම්භ වී ඇතැයි ගම්වාසීහු විශ්වාස කරති.

    විදේස් මාධ්‍ය වාරතා කළේ වඳුරන් බල්ලකු ළඟට එන බව දුටු විට බල්ලන් අල්ලා උස් ගොඩනැගිලි සහ ගස් මුදුන්වල සිට පහතට විසි කර මරාදමන බවයි.මෙම කුරිරු පලිගැනීමේදී වඳුරන් විසින් බලු පැටවුන් 250 කට වැඩි පිරිසක් මරා දමා තිබෙන අතර මේ වන විට ගම්වැසියන් ඉලක්ක කර මින් සිටින බව වාර්තා වේ.

    සිද්ධිය වාර්තා වූ මාජල්ගාඕ ගම්මානයේ අසල්වැසි ගම්මානයක් වන ලාවුල්හි මෙම වඳුරු බලු යුද්ධය ව්‍යාප්තවී ඇතැයි ද එහි වඳුරන්ද බල්ලන් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ උත්සහයක නිරත වෙමින් සිටින බව එම වාර්තා සඳහන් කරයි.

    ගමේ සිටි සුනඛයන් මරා දැමීමට පටන් ගැනීම හේතුවෙන් වඳුරන් අල්ලා ගැනීම සදහා ගම්වාසීන් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ පිහිට පැතුවත් ඔවුන්ටද එකඳු වඳුරකුවත් අල්ලා ගැනීමට හැකියාවක් ලැබී නැත.

    විදෙස් මාධ්‍ය වාර්තා කළේ වඳුරන් බල්ලන්ගෙන් පළිගන්නා බව ගම්මු විශ්වාස කරන බවයි.

    ලාවුල් ප්‍රදේශයේ බල්ලන් තුරන් කිරීමෙන් අනතුරුව වඳුරන් ගම් වැසියන්ද ලුහු බැදීමට පටන් ගෙන ඇති අතර සමහරුන්ට වඳුරු ප්‍රහාර පවා එල්ල වී ඇති බව වාර්ථා වේ .

    සනී බෆලෝ විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්යවරියක වන ස්ටෙෆනි මහත්මිය පැවසුවේ .

    අධ්‍යයනයන් පෙන්වා දී ඇති ආකාරයට වදුරන්ට පළිගැනීමේ චේතනාවෙන් ක්‍රියා කල හැකි බවයි

    වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එකඳු වඳුරෙකු වත් අල්ලා ගැනීමට නොහැකි වූ නිසා ගම්වාසීහු තනිවම බල්ලන් බේරා ගැනීමට උත්සාහ කළ අතර නිව්ස් 18 වාර්තා කළේ බේරාගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ ගම්වාසීන් සමහරක් වඳුරන්ගේ ප්‍රතිප්‍රහාරවලට ගොදුරු වී ඇති අතර ඇතැමුන් තුවාල ලබා හෝ ගොඩනැගිලිවලින් වැටී ඇති බවයි .

    නිව්ස් වීක් සඟරාව සහ අන්තර්ජාලය ඇසුරෙනි .


    https://www.lankadeepa.lk/latest_news/ඉන්දියාවේ-ගමක-බලු---වඳුරු-යුද්ධයක්/1-605108
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,079
    198,558
    113
    Colombo, Sri Lanka

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,991
    152,992
    113
    හත්තිලව්වයි දැන්නෙ මතක් වුණේ. පව් දෙයියනේ. කොච්චර උසකින්ද දන්නෙ නෑ වදුරො ටික එතුමව විසිකලේ. එතුමා වගේ සත්ගුණවත් ධානපතියෙක් මෙහෙම අකාලෙ වැලිගං ගියොත් අපි වගේ හිගන නරපණුවන්ට යන කලදසාව මොකද්ද? 🥺:cry::cry:😭
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    දෙන්න තියෙන්නෙ සක්කිලි වදුරු හැත්තට පොලු පාර.

    ඒ ගමෙ ඉන්නෙ පොන්නයොද මන්ද, වදුරෙක්වත් මරාගන්න බැරි. 🤬

    මම තීරනය කරා, මෙහෙ ඉන්න වදුරන්ගෙන් ඒ වෙනුවට පලි ගන්න. හෙට ඉදන් දෙන්නෙ ගල් / පොලු පාරවල් දැක්ක තැන.😤👍
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,741
    113
    Gampaha
    තව ටික දොහකින් චිත්‍රපටියක් හදයි....

    රැජිනිකාන් තමයි නළුව. මිනිහට ඉන්නව හුරතලේට ඇතිකරන බල්ලෙක්. බල්ලගෙ නම "කඩවුල්"

    රැජිනි එක්ක ඉඳල කඩවුල්ට හොඳට ෆයිට් එහෙම පුලුවන්, ගහගන්න, ගස් උඩ යන්න, කරනං ගහන්න එහෙමත් පුලුවන්,

    කඩවුල්ට අල්ලපු ගමේ "පාර්වතී" කියල බැල්ලක් එක්ක හාදකමක් තියනව, පාර්වතීගෙ අයිතිකාරිට රඟපාන්නෙ නයනතාර, පාර්වතී බැල්ලට "මුරුගේශ්" කියල බලු සහෝදරයෙක් ඉන්නව.

    ඔය අතරෙ මේ ගමේ අද්දර කැලේ ඉන්න භයාණක වැද්දො ලඟ ඇතිදැඩි වෙන දුශ්ඨ වඳුරො රැලක් පාර්වතීට බැල්ම දානව. වැදි නායකයට රඟපාන්නෙ 'ප්‍රකාශ් රාජ්'

    පාර්වතීගෙ සහෝදර බල්ල වෙච්ච "මුරුගේශ්" වඳුරො අතින් මැරුම් කන්නෙ ඔය අතරෙ...
    දැන් තමයි කඩවුල් ගේමට එන්ටර් වෙන්නෙ...
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,079
    198,558
    113
    Colombo, Sri Lanka
    දෙන්න තියෙන්නෙ සක්කිලි වදුරු හැත්තට පොලු පාර.

    ඒ ගමෙ ඉන්නෙ පොන්නයොද මන්ද, වදුරෙක්වත් මරාගන්න බැරි. 🤬

    මම තීරනය කරා, මෙහෙ ඉන්න වදුරන්ගෙන් ඒ වෙනුවට පලි ගන්න. හෙට ඉදන් දෙන්නෙ ගල් / පොලු පාරවල් දැක්ක තැන.😤👍
    Yank War GIF
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,164
    4,936
    113
    අධ්‍යයනයන් පෙන්වා දී ඇති ආකාරයට වදුරන්ට පළිගැනීමේ චේතනාවෙන් ක්‍රියා කල හැකි බවයි
    Meka sira, mama poddk saddayk damma, mun sat eka kadanwa hemadam. Hitalama eka udata paninawa :(
     
    Last edited: