ඉන්දියාවේ රවුමක් යමු (දෙවනි කොටස - මනාලි ගැන හැමදේම)

SasiSpenzer

Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    ඉන්දියාවේ රවුමක් යමු (දෙවනි කොටස - මනාලි ගැන හැමදේම)

    දිල්ලියේ ඉදන් මනාලි ආව පලවෙනි කොටසෙන් පස්සේ මේ පටන් ගන්නේ දෙවනි කොටස.පලවෙනි කොටස කියෙව්වේ නැත්නම් මේ පහල තියෙන ලින්කුවෙන් ගිහින් පලවෙනි කොටස කියවන්න ඒක ලේසිවෙයි.

    https://www.facebook.com/groups/2207247182679364/permalink/3813582658712467/

    ඒවගේම පලවෙනි කොටසින් කියන්න අමතක වුන දෙයක් තියෙනවා.ඒ තමයි දිල්ලියේ ඉදන් කාර් එකක් හරි වැන් එකක් හරි රෙන්ට් එකට අරන් යන එක.ඒ ගැන සම්පූර්න විස්තර මේ සයිට් එකෙන් ගන්න පුලුවන්.සෙට් එකක් එකතු වෙලා යනවා නම් ඒක ලාබයි වගෙත් පේනවා.පොදුවේ ගත්තම දිල්ලි ඉදන් මනාලි ගිහින් ආපහු එන්න පොඩි කාර් එකක් ලංකාවේ මුදලින් 40,000ක් වගේ වෙනකොට පුලුවන්.
    (හතර දෙනෙකුට යන්න පුලුවන් ඒසි එක්ක දවස් 7ක ට්‍රිප් එකකට)

    http://www.tajtripcar.com/search-car

    මනාලියට ආවට පස්සේ ගමනේ අරමුණ අනුව ට්‍රිප් එක කොටස් දෙකකට කඩන්න පුලුවන්.ඒ තමයි

    1. මනාලි අවට නැරඹීම සහ හිම ක්‍රීඩා
    සම්පූර්ණ ගමන දවස් 4ක් 5ක් වගේ කාලයකට සීමා වෙනවා නම් මේ දේ තමයි හොදම.පවුලේ අයත් එක්ක යන්න කියාපු ගමන.හිම ක්‍රීඩා කරන්න අලුත් අද්දැකීමක් ගන්න මේ විදිය ගොඩක් හොදයි
    1. හිමාචල් ප්‍රදේශ් වල සුන්දරතම අඩවිය සොයා යෑම
    ගමන මෙහෙම යන්න හිතන් ඉන්නවා නම් අඩුම දවස් 10ක් වත් ඕනේ ගමනට (8කුත් ඇති ඒත් හදිස්සි වැඩී). මේ ගමනෙදි ලෝකේ බයානකම පාරවල් හිම කුනටු ඒ වගේම ඇස් දෙකෙන් දැකලා විශ්වාස කරන්න බැරි තරම් ලස්සන පාරවල් එක්ක ගමනක් යන්න පුලුවන් වෙනවා.ඒ වගේම මොර්ටර්සයිකල් වලින් ඇවිදින්න ආසා කෙනෙක් නම් මේ ගමන ඒ අයගේ හීනයක් වේවි. මොර්ටර්සයිකල්ම ඕනේ නැ.හැමතැනකටම ජීප් එකක වගේ යන්න පුලුවන් රෙන්ට් එකට අරන්. පවුලේ අය එක්ක යන්න සුදුසු ගමනක් වෙන එකක් නැ


    මේ කොටසින් මනාලි අවට ඇවිදින්න ආසා අයට තොරතුරු සියල්ලම කතාකරන්න බලාපොරොත්තු වෙනවා.පවුලේ අයත් එක්ක මනාලි බලන්න යනවා නම් ගමනට ශිම්ලත් එකතු කරගන්න.ඒ වගේම මනාලි සාමාන්‍ය චාරිකාව යන අයට ලිපියේ මේ දෙවනි කොටසින් පස්සේ වැඩ ඉවරයි.එතන ඉදන් පටන් ගන්නේ සාමාන්‍ය දේවල් වලට වඩා සුන්දර දේවල් දකින්න ආසා අයට වැදගත් වන ලිපි.




    **මනාලිවල නවතින්නේ කොහෙද ? **

    හිතට එන පලවෙනි ප්‍රශ්නේ ඒක.බස් එකෙන් බැස්සට පස්සේ අපිට අපේ අමතර බැග්ස් තියන්න සහ පොඩි විවේකයක් ගන්න අනිවාර්‍යයෙන්ම නවතින්න තැනක් ඕනේ.ඒ නිසා සාධාරණ මුදලකට අපිට නවතින්න තැනක් හොයාගන්න ඕනේ.තැනක් හොයාගන්නකොට පහත දේවල් අනිවාර්‍යයෙන්ම සලකා බලන්න.

    • ටවුන් සෙන්ටර් එකට තියෙන දුර - මේක අනිවාර්යයෙන්ම වැදගත්.අපි ඊලගට යන හැමතැනකටම මේ අපි නවතින තැන ඉදන් ටවුන් එකට තියෙන දුර සැහෙන්න බලපානවා.ඒ නිසා පුලුවන් තරම් ලගින් තැනක් හොයාගන්න.
    • නවාතැනේ වර්ගය - කපල් එකක් වගේ යනවා නම් අනිවාර්යයෙන්ම පුද්ගලික කාමරයක් තොරගන්න.කොල්ලො කෙල්ලො සෙට් එකක් යනවා නම් කාමර වලට වඩා හොස්ටල් එකක් ට්‍රයි කරන එක මිලෙන් අඩු විදියක් වේවි.
    • ලබාදෙන පහසුකම් - මනාලිවල ගොඩක් සීතල අත්විදින්න ලැබෙනවා.ඒ නිසා ගන්න තැන ඒ සීතලට ඔරොත්තු දෙන්න අවශ්‍ය පහසුකම් තියෙනවද බලන්න.

    ඒ වගේම රූම් එකක් බුක් කරනකොට මනාලිවලදි booking.com එකට වඩා Airbnb සහ OYO එක ඔයාලට උදව් වෙයි. වඩාත් මිල අඩු හොද තැන් ලබාගන්න මනාලිවලදි ඒ දෙක පාවිච්චි කරනවා නම් අනිවාර්‍යයෙන් පුලුවන්.

    හොස්ටල් එකක් නම්
    https://www.hostelworld.com/pwa/s?q...from=2020-04-29&to=2020-05-02&guests=2&page=1

    OYO App
    https://play.google.com/store/apps/details?id=com.oyo.consumer&hl=en

    Airbnb
    https://play.google.com/store/apps/details?id=com.airbnb.android&hl=en

    ලංකාවේ මුදලින් රුපියල් 2000-3000 අතර වගේ මුදලකට සාමාන්‍ය කාමරයක් හොයාගන්න පුලුවන්.


    ***මනාලි වල ගමන් බිමන් ****

    මනාලි වලින් බයික් එකක් කාර් එකක් වැන් එකක් ජීප් එකක් වගේ ඕනේම වාහනයක් රෙන්ට් එකට ගන්න පුලුවන්.දන්න විදියට රියදුරු නැතුව දෙන්නේ නැ,දුන්නත් එහම ගන්නත් එපා.පාරවල් හරිම දුශ්කරයි සහ භයානකයි.

    මනාලි වල ඉදන් බලන්න තියෙන තැන් ටික බලන්න පොදු ප්‍රවාහන සේවයේ බස් කීපයකුත් තියෙනවා,හැබැයි ඒක කාලය නාස්ති කිරීමක්.ඒ නිසා කලින් කීවා වගේ මොකක් හරි වාහනයක් ගන්න එක ලේසී.
    පොඩි කාර් එකක් දවසකට ලංකාවේ මුදලින් රුපියල් 8000 - 10000 අතර මුදලකට රෙන්ට් එකට අරගන්න පුලුවන්. පිරිස ඊට වඩා වැඩිනම් වැන් එකකට වගේ යන්න පුලුවන්.මනාලිවල තැන් ගොඩක් තියෙනවා ඒ වගේ බලන්න තියෙන තැන් වලට එක්කන් යන ටැක්සි සර්විස්.උදාහරණයක් විදියට යටින් දාන්නම් ලින්ක් එකක්.වැදගත් වෙයි.ඒ වගේ එක ආයතනයක් එක්ක සම්බන්ධ උනානම් ලේසි. කාර් එකේ හතරක් යනවා නම් එක්කෙනෙක්ට 2500.

    https://maharanacabs.in/manali-sightseeing-tour-taxi

    ** මනාලි වල බලන්න යන්න තියෙන තැන් සහ කරන්න තියෙන දේවල් **

    දැන් තමයි හොදම ටික.මනාලි වල බලන්න තියෙන තැන් එකින් එක පොඩි විස්තර්යක් එක්ක පහලින් දාලා තියෙනවා.සේරම කවර් කරන්න දවස් 5ක් වත් යයි.පුලුවන් තරකමක් බලන්න.

    Solang Valley
    මනාලි වල ඉදන් කිලෝමීටර් 12ක විතර දුරකින් මේ Solang Valley පිහිටලා තියෙන්නේ.විනාඩි 20-25 අතර වෙලාවකින් ලගාවෙන්න පුලුවන්.මනාලි වල හිම ක්‍රීඩා කරනවා නම් මේක තමයි තැන.ඒ වගේම මෙතනදි paragliding කරන්නත් පුලුවන්. Paragliding පටන් ගන්න ස්ථාන කීපයක් තියෙනවා.පටන් ගන්න තැන උස අනුව paragliding කරන්න ඉන්දියානු රුපියල් 1000-3500 අතර වැයවෙන්න පුලුවන්. Paragliding කියන්නේ මොකක්ද කියලා ෆොටොස් බැලුවම තේරෙයි.නැත්නම් ගූගල් කරන්න.

    හිම වැටෙන කාලෙට හිමමත ලිස්සා යෑමත් කරන්න පුලුවන් මෙතනදි.හැම දෙයක්ම ඉන්දියානු රුපියල් 50 වගේ ඉදන් රෙන්ට් එකට ගන්න තියෙනවා.සීතලට අදින ඇදුම් සපත්තු පවා තියෙනවා.

    කලින්ම වැඩෙ සෙට් කරන් යන්න කැමති නම් මේ නම්බර් එකට කතා කරලා වැඩේ ගොඩදාගන්න .

    Ram chand: +91 9816170161
    KPLexpeditions +919625401000

    Vashishth temple

    මනාලි වල ඉදන් කිලෝමීටර් 6ක් වගේ තියෙනවා.හින්දු ආගමික ස්ථානයක්.ඒ වගේම මේ තැන උණුවතුර පොකුණක් තියෙනවා.සමේ රෝග වලට ප්‍රතිකාරයක් විදියට මේ පොකුණෙන් නාන එක ගොඩක් හින්දු බැතිමතුන් විශ්වාස කරනවා.

    Manikaran

    මනාලිවල ඉදන් කිලෝමීටර් 80ක් විතර දුරින් පිහිටි ප්‍රදේශයක්.පැය 3ක් වගේ යනවා ලගාවෙන්න .ටැක්සියක් හයර් කරන් හරි ටුවර් බස් එකක් හරි අරන් යන්න පුලුවන්(රජයෙන් කරන ). උණුවතුර උල්පත් සහ ශිව දේවාලක තියෙනවා ප්‍රසිද්ධ.යන පාර ගොඩක් ලස්සනයි.ඒ වගේම කදු නගින අයට Chalal Trek Trail සහ Choj පාලම මේ ගමනෙදි බලාගන්න පුලුවන්.

    Bijli Mahadev Temple

    මනාලි වල ඉදන් ආසන්නව කිලොමීටර් 45ක් විතර තියෙනවා.පයින් යන්නත් කිලෝමීටර් 3ක් වගේ තියෙනවා.ගොඩක් පරන කන්දක් උඩ තියෙන දේවාලයක්.ෆොටොස් වල ත්‍රිශුලයක් පේන්න තියෙන්නේ මේ තැන.මේ තැනට යනවා නම් වටේටම ඉතා අලංකාර දර්ශණයක් බලන්න පුලුවන්.

    පාරවල් දෙකක් තියෙනවා.කුල්ලු හරහා යන එක හැමවෙලේම පාවිච්චි කරන්න.ජාන දිය ඇල්ල හරහත් යන්න පුලුවන්.ඒත් ඒ පාර ගොඩක්ම බයානකයි.කිලෝමීටර් 3 පයින් යන්න පැයකට පොඩ්ඩක් වැඩියෙන් යනවා කියලා තමා දැනගන්න තියෙන්නේ.

    Jogini waterfall

    කලින් කීව එකේ ඉදන් විනාඩි 40ක විතර පා ගමනකින් මේ දිය ඇල්ලට ලගාවෙන්න පුලුවන්.අඩි 150ක් උස ඇල්ලක් වන මේ ඇල්ල ගිහින් බැලුවට පාඩු නැති ඇල්ලක්.

    Manu temple

    මනාලි වල ඉදන් කිලෝමීටර් 3ක විතර ගමනකින් පස්සේ බලන්න පුලුවන් ලස්සන හින්දු දේවාලයක්.පිටුපසින් පෙනෙන කදු වලල්ල නිසා ලස්සන ෆොටොස් ගන්න ගොඩක් හොද තැනක්.

    Hadimba temple

    Yeh Jawaani Hai Deewani ෆිල්ම් එක බලලා තියෙනවා නේද ? ඒ ෆිල්ම් එකේ මේ දේවාලය අසල දර්ශන ගොඩක් ඇතුලත් වෙනවා.ඒ ෆිල්ම් එක නිසාම මේ දේවාලය ගොඩක් දැන් ප්‍රසිද්ධයි.වටේටේම උස ගස් වලඉන් වටවුන පරිසරයක් තියෙන මේ දේවාලය අවට ෆොටොස් වලට නම් පට්ටම ලස්සනයි.ඒ වගේම හිම වැටෙන කාලෙට වෙනම දර්ශනයක් මවන්නත් මේ පරිසරය සමත් වෙනවා.මනාලි වල ඉදන් කිලෝමීටර් 2ක් වගේ දුරකින් පිහිටලා තියෙන්නේ.

    Rohtang pass

    Solang valley වල වගේම හිම ක්‍රිඩා කරන්න පුලුවන් තැනක් තමයි rohtang pass කියන්නේ. Solang valley වලටත් වඩා මෙහෙදී හිමක්‍රීඩා අද්දැකීම ගන්න පුලුවන්. මනාලි වල ඉදන් කිලෝමීටර් 50ක වගේ දුරකින් පිහිටලා තියෙන්නේ.පැය තුනක විතර කාලයක් ගතවෙනවා යන්න .

    Heli Skiing කරන්න පුලුවන් නම් කරන්න බලන්න .හෙලිකොප්ටරයක ඉදන් බිමට පැනලා හිම මත ලිස්සා යෑම.අමුතුම අද්දැකීමක් වෙයි.Paragliding සහ Snow Scooter Driving කරන්නත් rohtang pass වලදි පුලුවන්.
    මනාලි ඉදන් ටුවර් බස් එකේ හරි ටැක්සියක් හයර් කරන් හරි ගිහින් එන්න පුලුවන්,සීසන් එකේදි නම් ටැක්සියක් අරන් ගිහින් එන්න එක්කෙනෙකුට ලංකාවේ මුදලින් 3000ක් වගේ යයි. .ඒ වගේම මෙහෙ යන්න නම් මනාලි වල SDM ඔෆිස් එකෙන් අවසරයක් ගන්න ඕනේ.


    Naggar palace

    මනාලි වල ඉදන් කිලෝමීටර් 20ක් විතර ඇතින් තියෙන පරණ රාජකීය නිවහහන් එහෙමත් නැතිනම් මාලිගාවක්.ෆොටොස් ගන්න අයට නම් ලස්සන තැනක්.

    Manali Sanctuary

    මනාලි වල තියෙන අභය භූමියක්,ටවුන් එකට කිට්ටුවම තියෙන පාර්ක් එකක් වගේ කීවොත් වඩා නිවැරදි. ඇවිදින්න නිදහසේ ඉන්න හොද තැනක්.විශේෂයෙන්ම කොටි බලන්න නම් කියාපු තැන.

    Hamta pass

    කදු වලල්ලකින් වටවෙලා තියෙන අලංකාර තැන්නක් එක්ක කදු නගින අයට නගින්න Trek කීපෙකුත් තියෙන හරියක් තමයි මේ. මනාලි වල ඉදන් කිලෝමීටර් 20ක් වගේ දුරකින් පිහිටලා තියෙන්නේ .ඒ වගේම මෙහෙ යන්න නම් මනාලි වල SDM ඔෆිස් එකෙන් අවසරයක් ගන්න ඕනේ.ෆොටොස් බලපුවම අදහසක් ගන්න පුලුවන් වෙයි.

    පරණ මනාලි

    පරණ මනාලි කියන්නේ මනාලි ටවුන් එකේ ඉදන් කිලෝමීටර් 3ක් මෙහායින් තියෙන පරණ මනාලි ටවුම.පරණ විදියට හදපු ගෙවල් එක්ක පරන ටවුමක ලක්ශන අදටත් දකින්න පුලුවන්.මනස්ලු ගගෙන් එක අන්තයක් කෙලවර වෙන මේ පරණ මනාලි ටවුමේ තියෙන්නේ ප්‍රධාන විදියටම එක වීදියයි.පොඩි ටවුමක් උනාට ඇවිදලා බලන්න දේවල් ගොඩයි.ඇපෙ ඇල්ල ටවුන් එක වගේ හරියට.

    මනාලි ප්‍රධාන වීදිය

    මනාලි වල ප්‍රධාන වීදිය සංචාරයකන් අතර ගොඩක් ප්‍රසිද්ධයි.සීතලේ ගැහෙන හැන්දෑවක මේ වීදියේ බඩු බාණ්ඩ මිලදී ගන්න එකත් මනාලි ගිය කෙනෙක් කරන්නම ඕනේ දෙයක් විදියට ලැයිස්තුගතවෙලා තියෙනවා.මතක සටහන් මිලදී ගන්න ගොඩක් වටින තැනක්.

    River Rafting

    මනාලි වල ගිහින් රාෆ්ටින් කරේ නැත්නම් ඒ ගමනේ පොඩි අඩුපාඩුවක් තියෙනවා.අයිස් වගේ සීතල වතුරේ රාෆ්ටින් කරන එක ලේසි වැඩක් නෙවෙයි.Kullu Manali වල රාෆ්ටින් අද්දැකීම එක්ක Paragliding අද්දැකීම ත් දෙකම ඉන්දියාලු රුපියල් 2300ක් වගේ වෙනකොට ගන්න පුලුවන්.

    For booking whats-app KPLexpeditions +91 9625401000


    සමහරවිට හැමදෙයක්ම කරන්න අමාරුවෙයි.තියෙන නිදහසත් එක්ක පුලුවන් දේවල් කරන්න බලන්න.Rohtang pass වලින් උඩට තව වැඩ තියෙනවා කරන්න.ඒ ටික අපේ ඊලග ගමනේදි සෙට් වෙන නිසා මේ කොටසේදි කියන්න බලාපොරොත්තුවක් නැ.
    *** මනාලිවල කෑම ***

    මනාලි වල කෑම ගැන ගොඩක් වදවෙන්න දෙයක් නැ.Street Foods සාමාන්‍යයෙන් ඕනේ තරම් තියෙනවා කන්න.ඒ වගේම ගොඩක් අඩුවට කෑම වියදම ගැන බලාගන්න පුලුවන් වෙයි.

    https://traveltriangle.com/blog/restaurants-in-manali/

    මේ ලින්ක් එකෙන් තැන් ගැන අයිඩියා එකක් ගන්න පුලුවන් වෙයි.

    මනාලි ගැන හැමදේම මේ ලිපියට ඇතුලත් කරපු නිසා මනාලිවලින් ඉහලට යන ගමනට සූදානම් වෙන හැටි මේ ලිපියෙන් කියන්න බැර් වුනා.මනාලි ඉදන්තව ඉහලට යන හැටි,මූලික සූදානම් වීම,වාහනයක් රෙන්ට් කිරීම වගේ ප්ලැන් එක ගැන ඊලට කොටසින් කතා කරමු.

    මනාලි විතරක් යන කෙනෙක්ට ගුවන් ටිකට්පත් වල ඉදන් සියළුම දේ ගැන දවස් පහක සැලසුමක් එක්ක බජට් එක 80,000 ට බැලන්ස් කරපු මනාලි ගයිඩ් එකක් හැදුවා.කැමති න ට්‍රයි කරලා බලන්න.බුකියේ පලකරාට වඩා ගොඩක් සවිස්තරාත්මකව නම්බර් එක්ක දීලා තියෙනවා.ලින්කුව පහල.
    https://payhip.com/b/d6TD
     

    Attachments

    • 1200px-SnowmobilesYellowstone.jpg
      1200px-SnowmobilesYellowstone.jpg
      198 KB · Views: 156
    • c6864dd86cbe02f13dcab975947126cf.jpg
      c6864dd86cbe02f13dcab975947126cf.jpg
      52.5 KB · Views: 162
    • aab378ddcd5a366c57bd0bd8d5838947.jpg
      aab378ddcd5a366c57bd0bd8d5838947.jpg
      30 KB · Views: 159
    • Bijli_Mahadev_Header.jpg
      Bijli_Mahadev_Header.jpg
      93.7 KB · Views: 160
    • hadimba-temple-in-winters.jpg
      hadimba-temple-in-winters.jpg
      31.3 KB · Views: 153
    • place-2015-01-27-11-d9560c35b0d4e2240aef38eb202946b1.jpg
      place-2015-01-27-11-d9560c35b0d4e2240aef38eb202946b1.jpg
      38.7 KB · Views: 153
    • powder-mountain-cat-and.jpg
      powder-mountain-cat-and.jpg
      37.9 KB · Views: 155

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    පට්ට බන්..මාත් අප්‍රේල් යන්න හිටියේ..අයේ කවද යන්න වෙයිද දන්නේ නැහැ .
     
    • Like
    Reactions: SasiSpenzer