ඉන්දියාවේ_කුණු ලංකාවට

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඉන්දියාවේ_කුණු ලංකාවට

    මියගිය කැස්බෑ සිරුරු සමග ඉන්දියාවේ අපද්‍රවය තොගයක් මන්නාරම වෙරළට ගොඩ ගසයි


    ඉන්දියාවේ සිට යළිත් වරක් අපද්‍රවය විශාල ප්‍රමාණයක් මුහුද ඔස්සේ ගසාගෙන විත් මන්නාරම වෙරළේ තැනින් තැන තැන්පත් වී ඇතැයි මන්නාරමේ ධීවරයෝ කියා සිටියි.

    මෙම අපද්‍රවය අතර මියගිය මසුන්ගේ කොටස්,කැස්බෑ සතුන්ගේ කොටස්, හිස් බෝතල්,ප්ලාස්ටික් භාජන හා රෝහල් වලින් ඉවත් කරණු ලබන අපද්‍රවය ද ඇති බව කියා සිටින මන්නාරමේ ධීවරයෝ මීට මාස හතරකට පමණ ඉහතදී මෙවැනිම අපද්‍රවය තොගයක් මන්නාරම මුහුදු වෙරළට ගසාගෙන පැමිණි බවද ප්‍රකාශ කළා.

    මේ අපද්‍රව්‍ය වලින් මේ වන විටත් දැඩි දුර්ගන්ධයක් හමමින් පවතින අතර ඉන්දියාවේ පිරිස් අපද්‍රවය බැහැර නොකිරීම නිසා මෙවැනි තත්ත්වයක් උද්ගත වන බව මන්නාරමේ ධීවරයෝ කියා සිටියි.

    පසුගිය වතාවේ මේ අන්දමටම අපද්‍රවය විශාල ප්‍රමාණයක් මන්නාරම මුහුදු වෙරළට ගසාගෙන පැමිණි අවස්ථාවේදී යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට දැණුම් දීමෙන් පසුව සේවකයින් පිරිසක් යොදවා එම අපද්‍රවය ඉවත් කළ බවද ඔවුන් කියා සිටියා.

    මෙම අපද්‍රවය මන්නාරම වෙරළ තීරයට ගොඩ ගැසූ බව සැලවීමත් සමගම පසුගිය වතාවේදී මෙන්ම මන්නාරමේ වැසියෝ මෙවරද මාලු අනුභව කිරීම නතර කොට ඇති බවත් පිටස්තර වෙළෙන්දන් මන්නාරමේ මාලු තොග මිලට ගැනීමට නොපැමිණෙන බව ධිවරයින් සදහන් කර සිටියා.

    මන්නාරම මුහුදු වෙරළට මෙලෙස අපද්‍රවය ගොඩ ගැසීම සම්බන්ධයෙන් මෙවරද දුරකතන පණිවුඩයක් මගින් යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට වෙත දැණුම් දුන් බව මන්නාරමේ ධීවරයෝ කියා සිටියි.



    MN%2B001.jpg


    MN%2B004.jpg


    MN%2B006.jpg


    MN%2B002.jpg


    MN%2B007.jpg
     

    rusiyanuwa

    Active member
  • පෝට් සිටිය නිසා දියවැල් රටා වෙනස් වෙලා ඇති. මේ ක්‍රමය අල්ලගත්තනම් ඉන්දියාවෙන් ලංකාවට තවත් දේවල් ගෙන්න ගන්න තිබුනා.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එහෙන් වික්කාමසිංහ සිංගප්පුරු කුණු ගේන්න හදනවා. මෙහෙන් ඉන්දියාවේ කුණු පාවෙලා එනවා.. මුළු රටම කුණු ගොඩක් වෙලා තියෙන්නේ දැන් :angry: