අපි ඉස්සෙල්ල අපේ කුහකකම් නැති කරන්න ඕනේ. සමහරු අහවි ඔයිට වඩා නරකද ඉන්දියාවේ toilet ටිකක් හදල දුන්නම් කියල. හැමදේම සමබරව යන්න ඕන තමයි. මට මතක හැටියට ඉන්දුනිසියාවත් තමුන්ගේ satellite කීපයක්, එගොල්ලොන්ගේම rocket වලින් යැව්වා.
පොඩ්ඩක් හිතන්න ලංකාවේ communication/weather/defence observation satellite එකකට invest කර කියල. කට්ටිය කියයි, ලංකාවේ කීදෙනෙක් හරියට කන්න නැතිව ඉන්නවද? මහරජයි යෝෂිතයි ජනතාවගේ සල්ලි අරන් satellite යවනවා කියල.
යැව්වා නේද රෝහිතයා එකක්. ඒකට මොකද වුණේ? කතාවක් වත් නෑනේ
ලංකාවට සැටලයිට් එකක් යවන්න පුළුවන් නම් හොඳයි. මොකද අපේ ආරක්ෂක හා සන්නිවේදන කටයුතු වලට අවශ්‍ය නිසා...
ඒකට අපි කරන්න තියෙන්නේ චන්ද්‍රිකා යවන කම්පැනි එකක් ලව්වා කරන එකයි...හැබැයි ඔක්කොම කරන්න සල්ලි තියෙන්න ඕනි....මේ රටේ රජය සල්ලි ජනනය වන එක කර්මාන්තයක් ඇති කළේ නෑ....සංචාරකයින් මතම රැඳෙන්න හදනවා...
අපි කරන්න ඕනි දේවල් තියෙනවා...
1. ලංකාවේ අධ්‍යාපනය දියුණු කරන්න ඕනි.. උසස් අධ්‍යාපනයත් ඇතුළුව
2. පාඩු ලබන ලාංකීය සංස්ථා හා ආණ්ඩුවේ ආයතන ලාභ ලබන බවට පත්කරන්න ඕනි.
3. පොදු රාජ්‍ය සංගම්, වගේ මල විකාර වලට සල්ලි නාස්ති කරන්නේ නැතිව රටට අවශ්‍ය දේවල් වලට සල්ලි යොදවන්න වුවමනායි.
4. රජයේ ඇමති මණ්ඩලය සීමා කර නාස්තිය අවම කර ගන්න ඕනි..
5. රටේ දේශපාලකයින් නැතිව පොලිසි මේකර්ස් ලාට හොඳ ඉගෙන ගත්ත මිනිස්සු දාන්න ඕනි.
6. ඔක්කොටම කලින් රටේ සිංහල දෙමළ ප්රශ්නය විසඳන්න අවශ්‍ය...
7. රටේ ව්‍යවස්තාව ශක්තිමත් කර නීතිය හා සාමය රකින තැනක් බවට පත් කරන්න ඕනි





