ඉන්දියාව කළුබෝවිල මැවෙයි.. දීර්ඝ පෝලිමේ රෝගීන් මිය යයි..

Pitihum

Well-known member
  • Nov 16, 2016
    1,299
    543
    113
    කළුබෝවිල රෝහලේ කොරෝනා ආසාදිත රෝගීන්ට ඇතිවී තිබෙන තදබදය සම්බන්ධයෙන් මාධ්‍යවේදනී තිලක්ෂණි මධුවන්ත විසින් තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබා ඇත.

    තම මව කොරෝනා ආසාදනය වී රෝහල්ගත කර ගැනීමට දීර්ඝ පෝලිමේ සිටින බවත් එම පෝලිමේ සිටියදී තම දෑස් ඉදිරිපිටම දෙදෙනකු මිය ගිය බවත් ඇතැමුන් ක්ලාන්ත වී බිම ඇද වැටෙන බවත් ඇය සඳහන් කරන්නීය.

    ඇය විසින් තබා ඇති සම්පූර්ණ සටහන මෙසේය.

    ———-

    ඉන්දියාව ගැන මම කියපු නිවුස් දැන් මම ඇස් දෙකෙන් දකිනවා……..

    දැන් වෙලාව අලුයම 1යි විනාඩි 20 යි.

    මේ කළුබෝවිල රෝහලේ කොවිඩ් වාට්ටුව.

    වාට්ටුවේ එක් ඇඳක රෝගීන් ⁣දෙදෙනෙකු හෝ තුන්දෙනෙක්.

    ඔවුන් අසාධ්‍ය රෝගීන්.

    වාට්ටුවේ බිම ඇඳන් යට තවත් පිරිසක් ඔක්සිජන් ලබා ගනිමින් ජීවිතය බේරගන්න සටන් කරනවා.

    අඩි තියා ඇවිදින්න බය හිතෙන තරමටම බිම රෝගීන්.

    ඉතිරි සියලු ආසාදිතයින් ( සියය ඉක්මවූ පිරිසක් ) එළිමහනේ බංකු, පුටු මත හෝ ගස් පාමුල.

    තවත් පිරිසක් වැලි පොළවේ ඇතිරිල්ලක් හෝ නොමැතිව.

    මේ පාන්දරත්, ඇඩ්මිෂන් පෝලිම ගොඩක් දිගයි.

    අපහසුවෙන් සොයාගත් පුටුවක් මත අම්මා තබා මා ගල් බැම්මක් උඩට වී ඇයට උපස්ථාන කරනවා.

    සීතලේ මදුරුවන් තලමින්, මේ හැමෝම කොරෝනා එක්ක සටන් කරනවා.

    මගේ ඇස් ඉදිරිපිටම පැය කිහිපයක් තුළ දෙදෙනෙකු මිය ගියා.

    ඇතමුන් ක්ලාන්ත වී ඇද වැටෙනවා.

    කාර්ය මණ්ඩලය සීමිතයි.

    ඔවුන් දේවකාරිය තරමටම රාජකාරිය ඉටු කරන්නේ වෙහෙස නොබලා.

    මගේ අම්මා මේ විදිහට කොරෝනා එක්ක සටන් කරද්දි තාත්තා දින ගණනාවක් ඔක්සිජන් මැෂිමකට ජීවිතය දීලා බලන් ඉන්නවා.

    මේ ජීවිතය ඇතුළේ මීට වඩා විඳින්න දුකක් නෑ.

    මීට වඩා අසරණකමකුත් නෑ.

    හෙට මමත් ආසාදිතයෙකු වෙයි.

    මට කියන්න තියෙන්නෙ එකම දෙයයි.

    කොරෝනා සුළුවෙන් තකන්න එපා.

    පුළුවන් තරම් පරිස්සම් වෙන්න.

    පවුලේ හැමෝම පරිස්සම් කරගන්න.

    ඉන්දියාව ගැන මම කියපු නිවුස් අද මම මගේ රටේදි ඇස් දෙකෙන් දකිනවා.

    පරිස්සම් වෙන්න.. හොඳටම පරිස්සම් වෙන්න….

    ~ තිලක්ෂණී මධුවන්ති ~

    https://lankacnews.com/ඉන්දියාව-කළුබෝවිල-මැවෙයි/
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    Naamal hadapu bed ko hu**?
    Daha daahak haduwa neda ?
    උන් ඵහෙම හරි දෙයක් කරා..තොපේ අමන බලු ජෙප්පො මොනවද කරේ රට වටේම උද්ඝෝෂණ කර කර කොරෝන බෝ කරවනවා හැර..?
     
    • Like
    Reactions: ntayya and Scarface

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    උන් ඵහෙම හරි දෙයක් කරා..තොපේ අමන බලු ජෙප්පො මොනවද කරේ රට වටේම උද්ඝෝෂණ කර කර කොරෝන බෝ කරවනවා හැර..?
    Ay bung sir balan inne?monahari karanna kiyapang ko, jepponta natanna denne sir bayada?
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    අයින් වෙලයල්ල නාමල්ගේ ICU බෙඩ්ස් එනවා.. පීක් පීක්

    ZDglbdP.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගුපියො ජෙප්පො නොදකින තෙර්ඩ්..මිනිස්සු මරන්ඩ බලන් ඉන්න කාලකන්නි විපක්ශෙ..
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,376
    1
    4,075
    113
    Is it too late for our Teachers to understand the gravity of their request for salary increase when country is on its last legs due to loan obligations.