'ඉන්දියාව ශ‍්‍රී ලංකාවේ ත‍්‍රස්තවාදය ඇති

Ayano Mori

Member
Jul 19, 2010
50
7
0
'ඉන්දියාව ශ‍්‍රී ලංකාවේ ත‍්‍රස්තවාදය ඇති

Top Lanka News
karunaamman.jpg
ශ‍්‍රී ලංකාවේ වැසියන් දහස් ගණනින් බිලිගනිමින් උතුරු නැගෙණහිර ජන ජිවිතය සම්පුර්ණයෙන්ම කඩාකප්පල්කර දැමු ඇල්ටීටීඊ ඉන්දියානු මධ්‍යම ආණ්ඩුවේ නිෂ්පාදනයකි. තමිල්නාඩුව ත‍්‍රස්තවාදින් පුහුණු කරවීමට කඳවුරු පැවැත්වු භුමියයි. තමිල්නාඩුවෙන් බෝකර එවු ත‍්‍රස්තවාදින් බලවත් කිරිම උදෙසා නෝර්වේ රට විශාල වැඩ කොටසක් කළේ ය. සංක්ෂිප්තයෙන් මේ සදහන් කළේ උගත් පාඩම් හා ප‍්‍රතිසංවිධාන කොමිෂම හමුයේ විනයාගමුර්ති මුරලිතරන් හෙවත් කරුණා අම්මාන් දුන් සාක්ෂියේ අඩංගු වු කරුණු කිහිපයකි. කරුණා අම්මන් දකුණු ඉන්දියාවේ ත‍්‍රස්ත කදවුරු වල ආයුධ පුහුණුව ලැබුවෙකි. ඔහු තරම් හොඳට ඇල්ටීටීඊ සංවිධානයේ උපත ගැන දන්නෙක් තවත් නැත.
ශ‍්‍රී ලංකාවට ත‍්‍රස්තවාදය හා ත‍්‍රස්තවාදීන් පැමිණි හැටි යළිත් සංවාදයට ලක්කළ යුතු මාතෘකාවකි. අඩුම තරමින් රජයේ මාධ්‍යයන් මගින් හෝ මේ ගැන යළි යළි සාකච්ඡුා කිරීම වටී. ඊට හේතුව දැන් ත‍්‍රස්තවාදය ඇතිවු හැටි හා ඇතිවෙන්ඩ හේතු බොහෝ දෙනෙකු අමතක කරදමා ඇති බැවිනි. ත‍්‍රස්තවාදීන් පුහුණු කිරිමට උපරිම සහය දුන් තමිල්නාඩු දේශපාලන නායකයෝ අපරාධ ගැන නොදන්නා එවුන් වගේ මානව හිමිකම් ගැන කතා කරති. ඒ වගේම නොර්වේ රාජ්‍යය සමග එක්ව රට ත‍්‍රස්තවාදින්ට පාවාදීමට ගිවිසුම් අත්සන් කළ රනිල් වික‍්‍රමසිංහ අයවැයෙන් පඩිවැඩිකර නැහැයි කියමින් මහජනයා උසිගන්වයි. ත‍්‍රස්තවාදය පරාජය කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒකාධිපතියෙක් වශයෙන් හුවා දක්වමින් බටහිරුන්ගේ උවමනාව ඉටුකිරීමට වෙහෙසෙන කොපමණ පිරිසක් ඉන්නවාද? සජිත් පේ‍්‍රමදාසටත් ඔහුගේ පියා කොටින්ට ආයුධ සැපයු හැටි සිහිකරදීම අවශ්‍යම කරුණකි.
රජයේ මාධ්‍යයන් කළ යුත්තේ රජයට සම්බන්ධ දේශපාලන නායකයින්ට හුරේ දැමීම පමණක් ම නොවේ. හුරේ දැමීම මහජනයාට රාජ්‍ය නායකයින් එපා කරන ක‍්‍රියාවකි. කළයුතු ප‍්‍රධාන කාරිය ජාතියේ සතුරන් ජනතාවට අමතක කරවන්ඩ හදන ඉතිහාසය ජනතාවට ප‍්‍රිය ලෙසින් යළි ඉදිරිපත් කරමින් ජනතාව අවදි කිරිමයි.