මැටි කර්මාන්තය ආශ්‍රිතව සිදුව ඇති මහා පරිමාණ පරිසර විනාශය අපමනය. ඒ අනුව මැටි කර්මාන්තය තවදුරටත් ව්‍යාප්ත කිරීම යනු පරිසර විනාශය තවත් වැඩි කරවන ක්‍රියාවක්ම ය.
අපට වඩා විශාල රටවල් වල මැටි කර්මාන්තයෙහි විශාලත්වය, වෙළඳ පොළ වටිනාකම, එය අපේ රටේ සමස්ත ආදායම ඉක්මවා යෑම සහ එම විදේශීය නිර්මාණයන් කොපි කරමින් එම වෙළඳ පොළම අත්පත් කරගැනීමට සුරංගනා කථා නිර්මාණය සහ ප්‍රචාරය කිරීම ද ආණ්ඩුවේ කූඨ පිළිවෙතේම දිගුවකි.
ඉන්දියාව වාහන නිශ්පාදනයේ අනාගතය දකිමින් fuel cell වාහන බස් රථ නිශ්පාදනය ද ආරම්භ කර සිටියදී රාජපක්ෂලාගේ ආයෝජකයන් කාර්මික දියුණුව වෙනුවට ජාවාරම් කාර ආයෝජන, පරිසර විනාශකාරී ක්‍රියා වෙත ඇදෙන අතර, දේශපාලුවන් ද තමන්ට ලැබෙන කොමිස් කුට්ටිය පදනම්ව ඒවාට අනුග්‍රහය දැක්වීම සහ මාර්ග සංවර්ධනය, පිට්ටනි කැපීම වැනි අර්ථ ශූන්‍ය සංවර්ධන ක්‍රියා වලට මුල් තැන දී ඇත.
වට්ටක්කා ඇට දෙකක් විසිකර ලැබෙන මහා අස්වැන්න විකුණාගත නොහැකි වීම ගැන කියා ගොවි ගැටලුවලට නිගා කළ බැසිල් රාජපක්ෂ ප්රමුඛ රාජපක්ෂලාගේ පරිසර විනාශකාරී ආර්ථික දැක්ම මගින් පොහොට්ටු අනුගාමිකයන්ට නම් විශාල ආර්ථික ප්‍රථිලාභ ලබා ගත හැකි වනු ඇති නමුත් රටට සිදුවන කෙං ගෙඩියක් නැත.
05/2001 වන සංරක්ෂණ චක්‍රලේඛය අහෝසි කර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති රජයේ අත්‍යවශ්‍ය අනෙකුත් වනාන්තර හෙක්ටයාර ලක්ෂ 5 ක් වානිජ බෝග වගාවන්ට හා අනෙකුත් සංවර්ධන කටයුතු වලට ලබා දීම කැබිනට් පත්‍රිකාවක් ද යොමු කර ඇත. එමගින්, මෙරට ඇති සමස්ථ වනගහනයෙන් ඉතා විශාල ප්‍රමාණයක් ප්‍රාදේශීය දේශපාලුවන් හරහා විනාශ වී යාමට මග පෑදීම අනිවාර්ය ය. අවසානයේ සිදුවන්නේ වනාන්තර විනාශ කර වානිජ බෝග වැවීමක් නොව ප්‍රාදේශීය දේශපාලුවන් විසින් එම ඉඩම් කුට්ටි කර විකුණා මඩිය තර කර ගැනීම ය.