ඉන්දීය අගමැතිගේ දිවුරුම්දීමේ උත්සවයට ජනපති රනිල්ටත් ආරාධනයක්..🇮🇳🇱🇰

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    5KidKTR.jpeg


    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ දිවුරුම්දීමේ උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වීමට නියමිතව තිබේ.

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

    භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ නරේන්ද්‍ර මෝදි මහතාගේ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (05) පස්වරුවේ දුරකථන ඇමතුමක් ලබාදෙමින් සුබපැතුම් එක්කර තිබේ.

    එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය දිවුරුදීමේ උත්සවයට සහභාගී වන ලෙස ජනාධිපතිවරයාට ආරාධනා කර ඇති අතර ඔහු එම ආරාධනය පිළිගෙන ඇති බව සඳහන්ය.

    මේ අතර වත්මන් ඉන්දීය රජයේ අවසන් කැබිනට් රැස්වීමෙන් අනතුරුව නව රජයක් පිහටුවීම වෙනුවෙන් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අනුමැතිය හිමිව තිබේ.

    ඒ අනුව ජනාධිපති නිල නිවස වන රාෂ්ටපති භවන් හිදී ඉන්දීය ජනාධිපති ද්‍රව්පදි මුර්මු මහත්මිය හමුවු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව වාර්තා වේ.

    නව අග්‍රාමාත්‍යවරයා ලෙස සිය තුන්වැනි ධුර කාලය සඳහා නරේන්ද්‍ර මෝදී ලබන සෙනසුරා දිනයේ දිවුරුම්දීමට නියමිත බව වාර්තා වේ.

    එම දිවුරුම්දීමේ උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අමතරව බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය ද සහභාගි වීමට නියමිතය.

    Ada derana
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,956
    15,398
    113
    RW : Congratulations bokkah !
    NM : Thanks bn. Saturday free nam me paththe waren.
    RW : Ela bn. Set wemu !
    ( Translated version ekak bawa karunawen salakanna :dull: )