ඉන්දීය අයවැයෙන් ලංකාවට ඉන්දීය රුපියල් කෝටි 300ක්......................ranil weda pennai

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

    එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1,032ක් පමණ වන බව වාර්තා වෙයි.

    ගිය වසරේදී ඉන්දීය අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා වෙන් කර තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 245කි.

    කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මෙවර ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්කර ඇති බවය.

    2025 වර්ෂය සඳහා ඉන්දීය අයවැය ඊයේ (01) එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ මුදල් ඇමතිනි නිර්මලා සීතාරාමන් මහත්මිය විසින්ය.

    එම අයවැයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහා ඉන්දීය රුපියල් කෝටි 20,516ක මුදලක් වෙන් කර ඇති අතර එම මුදලින් විදෙස් රටවල් සඳහා ඉන්දීය රුපියල් කෝටි 5,483ක් වෙන් කර ඇත.

    ඉන්දීය අයවැයෙන් විදෙස් රටවල් සඳහා වෙන් කළ වැඩිම මුදල ලෙස දැක් වුණේ ඉන්දීය රුපියල් කෝටි 2,150ක මුදලකි.

    එම මුදල වෙන් කර තිබුණේ භූතානය වෙනුවෙන්ය.

    ගියවර ඉන්දීය අයවැයෙන් භූතානය වෙනුනෙන් ඉන්දීය රුපියල් කෝටි 2,068ක මුදලක් වෙන්කර තිබූ බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දුනි.
     
    • Like
    Reactions: Yin And Yang

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,870
    113
    මාලඹේ
    පොන්නයෙක් ජනාධිපති වෙලා ලංකාවේ ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙලා🤮
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    පොන්නයෙක් ජනාධිපති වෙලා ලංකාවේ ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙලා🤮

    yako owa ranilta porondu una dewal, indian news wala balapan
     

    Similar threads