මුංට පිස්සුනේ බං ලංකාවේ මෙච්චර ප්‍රශ්න තියාගෙන රෙද්දක් අස්සෙ වන්දනාවේ යනවා. හොඳටම දන්නවා තෙල් ප්‍රශ්නයක් තියෙනවා, බස් දුවන්නෙ අඩුවෙන්, ප්‍රයිවට් වාහන දුවන්නෙම නැති තරම් කියලා. එහෙමත් තියාගෙන පොඩි එවුනුත් කරපින්නගෙන මොන මගුලෙද බං යන්නෙ ගෙදරට වෙලා ඉන්නෙ නැතුව. ආරංචියේ හැටියට පොකට් කාරයො සෑහෙන්න හම්බ කරලා තියෙනවා අනුරාධපුරේ.
මෙහේ අපිටත් වැලේ වැල් නැතුව පෝළිම් ගානේ ඉන්නෙ. අඩුම පැය දෙක හමාරක් තුනක් පෝළිම්වල ඉඳලා තමයි බයික් එකට තෙල් ටිකක් ගහගන්නේ. මහ ලොකුවට රේඩියෝ ටීවීවල කිවුවට “පොසොන් උත්සවය සඳහා අනුරාධපුරය සූදානම්” කියලා අම්මගෙ රෙද්ද තමයි සූදානම්. කානිවල් එකක් ගෙනල්ලා දවස ගානෙ මියුසිකල් ෂෝ. අවුරුදු දෙකතුනක් නගරාධිපතිටයි උගේ හෙංචයියන්ටයි හම්බකරගන්න බැරි උනානේ. ඒක මේ පාර අල්ලන්න හදන්නෙ. අනුරාධපුරේ කියලා නෑ බං ටවුන් කිට්ටුව මිණිස්සු පුදුම කට්ටක් කන්නෙ. ඒ අස්සෙ පිටිනුත් ඇවිල්ලා මෙහෙ වැලලෙන්න හදන්න එපා.