ඉන්දු - ලංකා මගී යාත්‍රා සේවය මැයි 13 සිට යළිත්...

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඉන්දු - ලංකා මගී යාත්‍රා සේවය මැයි මස 13 වන දින සිට නැවත ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

    KEKX3nk.jpeg


    ඉන්දියාවේ නාගපට්නම් සිට කන්කසන්තුරෙයි වරාය දක්වා මෙම මගී යාත්‍රා සේවය වසර 40කට පසුව පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී නැවත ආරම්භ කෙරුණි.

    කෙසේවෙතත් මෝසම් වැසි හේතුවෙන් සතියකට පමණ පසු එම සේවය තාවකාලිකව අත්හිටවනු ලැබූ අතර යළිත් ලබන 13 වන දා සිට එය ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

    ඒ අනුව මැයි මස 13 වන දින සිට නොවැම්බර් මස 15 වන දින දක්වා නාගපට්නම් වරායේ සිට කන්කසන්තුරය දක්වා මුහුදු ගමන් සඳහා වන ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීම ද ආරම්භ කර ඇති බව ස සඳහන්ය.

    එක් ගමන් වාරයක් සඳහා අමෙරිකානු ඩොලර් පනහක මුදලක් අය කරන අතර සියලු මගීන්ට ගාස්තුවකින් තොරව කිලෝග්‍රෑම් 60ක ගමන් මලු එමඟින් රැගෙන යාමට අවස්ථාව හිමිව තිබේ.

    මේ අතර, ආසියානු සංවර්ධන බැංකුවේ 57 වන වාර්ෂික සමුළුව ජෝර්ජියාවේ ටිබිලිසි අගනුවර දී අද (02) ආරම්භ වේ.

    අද සිට ලබන 5 වන දින දක්වා පැවැත්වෙන මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සහභාගී වීමට නියමිතය.

    මෙම සමුළුවේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අර්ථවත් දායකත්වයක් ලබාදීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.

    සමුළුවට සමගාමීව සෙසු සාමාජික රටවල් සමග හවුල්කාරිත්වය සහ සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    Adaderana
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795
    113
    Safe da ban oka?mosal wesi walatath nawattanawa kiyanne kunatuwak ehema awoth yanakota