ඉන්ධන අර්බුධය සහ රටේ ඉදිරි ගමන

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    දැනට රට තුල පවතින ඉන්ධන අර්බුධය තවත් මාස 6-7ක් ගත වන තුරු පැවතිය හැකි බවට තොරතුරු වාර්තා වනවා. ඉන්ධන අර්බුධය දිගින් දිගමට විසඳා ගැනීමට නොහැකි තැනට පත්ව ඇත්තේ රට මේ වන විට මුහුණ දී ඇති විදේශ විනිමය නොමැතිකම නිසාවෙන් බවයි වාර්තා වන්නේ.

    ලබන ජුලි මාසය වන වීට රජය විසින් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා අමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් පියවීමට ඇති අතර ශ්‍රී ලංකාව සතුව මේ වන විට පවතින විදේශ මුදල් සංචිතය ඩොලර් මිලියන 400ක් බවයි සඳහන් වන්නේ.

    මේ හේතුවෙන් එම බැඳුම්කර සඳහා අවශ්‍ය මුදල් සුදානම් කර ගැනීමට අවශ්‍ය බැවින් මහ බැංකුව විසින් මුදල් ප්‍රේෂණ වලින් සියයට 50ක් අඩු කරන ලෙස අනෙකුත් බැංකු වෙත දැනුම් දීම මිට ඇති කදිම නිදසුනක් වේ.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දෙනු ලබන වැරදි උපදෙස් හේතුවෙන් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා මුදල් පියවීම සිදුකලද, මෙරටට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීම ඇතුළු අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් විදේශ සංචිත ඉතිරි නොවෙනු ඇති බවයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

    මේ හේතුවෙන් රට මුහුණ පා ඇති ඉන්ධන අර්බුධය තවත් මාස 06ක් ගත වන තුරු හෝ විසඳෙන බවට පෙනෙන්නට නොමැති අතර එමගින් රටේ අපනයන සහ සංචාරක කේෂ්ත්‍රයට එල්ලවන බලපෑම සුළු පටු නොවෙනු ඇත.

    ඉන්ධන සඳහා ඩොලර් මිලියන 500 ක ඉන්දියානු ණය ආධාර යටතේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩිසල් පමණක් හිමිවන අතර එය සපයනු ලබන්නේ රටේ මාසික ඩිසල් අවශ්‍යතාවයෙන් 1/3ක් යන පදනම මතයි.

    මෙමගින් ගම්‍ය වන්නේ ශ්‍රී ලංකාවේ මාසික ඩිසල් පරිභෝජනයෙන් 1/3ක අවශ්‍යතාවය ඉන්ධන ණය ආධාර යටතේ සපයනු ලැබුවද, ඉතිරි ඩිසල් ප්‍රමාණය සපයා ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අනිවාර්යෙන්ම විදේශ මුදල් සොයා ගැනීමට සිදුවනු ඇත.

    මේ අතර ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් සිය පාඩුව අවම කර ගැනීම සඳහා උපාය මාර්ගිකව පෙට්ට්‍රල් සැපයීම අවම කිරීම තුලින්ය. ඒ සඳහා ඔවුන් විසින් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් මිල ක්‍රමයෙන් ඉහළ නංවමින් සිටියි. වත්මන් විනිමය අනුපාත මිල ගණන් අනුව IOC සමාගම ස්ටෑන්ඩර්ඩ් පෙට්ට්‍රල් ලීටරයක් රු. 325කට සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු.350කට අලෙවි කිරීමට සිදුවන බවට ප්‍රකාශ කර ඇත.

    මේ හේතුවෙන් IOC සමාගම ක්‍රමයෙන් සිය මිල ගණන් වැඩි කරනු ලබන අතර එමගින් ඇතිවන ඉන්ධන ඉල්ලුම වැඩිවීම දැරීමට සිදුවන්නේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වලට බැවින් ඔවුන් ලබන අලාභය ක්‍රමිකව ඉහළ යාමේ අවදානමක් පවතී.

    ඩිසල් හේතුවෙන් ලැබෙන අලාභය අවම කර ගැනීම සඳහා IOC සමාගමට විදෙස් මුදල් සොයා ගැනීමේ අපහසුතාවය පෙන්වමින් ඩිසල් ආනයනය නතර කිරීමට ද කටයුතු කිරීමේ හැකියාව පවතින බවයි වෙළෙදපල නිරීක්ෂකයින් සඳහන් කර සිටින්නේ.

    මේ හේතුවෙන් ඉදිරියේදී මෙරටට අඛන්ඩ පෙට්ට්‍රල් හිඟයක් අපට දැකගත හැකි වනු ඇත. එයට හේතුව වන්නේ සිපෙට්කෝ ආයතනය අවශ්‍ය විදේශ සංචිත නොමැති වීම සහ අධික ලෙස පාඩු ලැබීම හේතුවෙන්ය. මේ හේතුවෙන් IOC සමාගම විසින් ආනයනය කරනු ලබන පෙට්ට්‍රල් තොග සමග කළමනාකරණය කර ගැනීමට මෙරට මහජනතාවට සිදුවෙනු ඇත.කෙසේ වෙතත් ලංකාවට අවශ්‍ය සමස්ත පෙට්ට්‍රල් සැපයීමේ අවශ්‍යතාවය දැරීමට IOC සමාගමට හැකියාවක් නොමැත.

    ඩිසල් සම්බන්ධයෙන් ගත් කළ ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට තවත් තෙමසක කාලයක් ආසන්න වශයෙන් ඉන්දීය ණය ආධාර යටතේ ඩිසල් සැපයීම ලැබෙනු ඇත. විදේශ සංචිත සොයා ගැනීමට එම කාලයේදී කටයුතු නොකළහොත් තවත් මාස 6-7ක කාලයක් ගත වන තුරු අඛණ්ඩ ඩිසල් හිඟයක් පවතිනු ඇති බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

    IOC සමාගම සතුව ඩීසල් විශාල ප්‍රමාණයක් තිබිය නොහැකි අතර ඩීසල් ප්‍රශ්නය උග්‍ර කරන්නේ සැපයුමේ අවිනිශ්චිතතාවයන් හේතුවෙන් විශේෂයෙන් කර්මාන්ත විසින් ඩීසල් අධික ලෙස රැස්කර තබා ගැනීමයි. මෙය පමණක් අවම වශයෙන් තවත් 10% සිට 15% දක්වා ඉල්ලුමක් ඉහළ නංවා ඇතැයි ගණන් බලා ඇත.

    Neth news
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අවුරුදු 2 1/2 කට කලින් ඔබට රට ගැන තිබුණු ගැටලු
    රනිල් බැංකුව කැඩුව
    සාෆි අම්මලව වද කලා
    කොත්තු වලට වද පෙති දාල
    යට ඇදුම් වලට වද බෙහෙත් දාල
    බුර්කාව අදින්න දෙන්න බෑ
    විල්පත්තුව සුරකිමු
    සයිටම් එකෙන් රට බේරගමු?
    හැම මාසෙම 21 වෙනිදට ඡන්දෙ ඉවර වෙනකන් පාස්කු ප්‍රහාරය
    අවුරුදු 2 1/2කට කලින් ඔබට ලැබුණු දේ
    හොදට කාලා, බීල, ඇදල අලුත් වාහනයක් අරන්, ගමනක් බිමනක් ගිහින් එන්න පුලුවන් ආර්ථිකයක්, රටේ පශ්ණ ගැන කල්පනා කරන්න නිදහස් මනසක්.
    පෙට්‍රල් මිල 137/=
    ඩීසල් මිල 110/=
    භූමි තෙල් 65/=
    ගෑස් මිල 1450/=
    ✔
    හාල්, පරිප්පු, සීනි,පිටි ඇතුලු අත්‍යවශ භාණ්ඩ මිල රු100/=ට අඩුයි
    ✔
    රජ්‍ය සේවක අවම වැටුප 10,000/=කින් වැඩි උනා
    ✔
    වැඩි වු වැටුප මූලික පඩියට එකතු කලා
    ✔
    අක්ෂි කාච නොමිලේ
    ✔
    හර්ධ රෝගීන්ට ස්ටෙන්ත් නොමිලේ
    ✔
    පිළිකාවලට එන්නත සම්පූර්ණයෙන් නොමිලේ
    ✔
    ගැබිනි මව්වරුන්ට පෝෂණ මල්ල
    ✔
    අත්‍යවශ බෙහෙත් වර්ග 60ක මිල පහලට
    ✔
    ටයර් කර්මාන්ත ශාලාව
    ✔
    සිම‍ෙන්ති කර්මාන්ත ශාලාව
    ✔
    සමෘධි සහනාදාරය දෙගුණ කිරීම
    ✔
    හාල් මිල පාළනය සදහ ශක්ති හාල් ව්‍යාපාරය
    ✔
    සුවසැරිය නොමිළේ ගිලන් රථ සේවය
    ✔
    ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන සදහා උෂ්ණත්වය පාලනය කල හැකි ශීතාගාර
    ✔
    ඉතිහාසයේ පළමු වතාවට ප්‍රාථමික ගිණුමේ ශේෂය ධණ අගයක්
    ✔
    නිදහසින් පසු වැඩිම සංචාරකයන් ප්‍රමාණය 2018 ලක්ෂ 24
    ✌
    නව රජය යටතේ සහන
    ✔
    ප්‍රධාන ව්‍යාපාරිකයන්ට වැට් සහනයක්
    ✔
    වැලි පර්මිට් අවශ්‍ය නැත
    ✔
    පස් පර්මිට් අවශ්‍ය නැත
    ✔
    හැම තැනම වනාන්තර විනාශ කිරීම්
    ✔
    භාණ්ඩ මිල ව්‍යාපාරිකයාට හිතූ අයුරින් වැඩි කල හැක
    ✔
    ගෑස් මිල 4200/= සිට සියලුම අත්‍යවශ්‍යය භාණ්ඩ මිල 100%කට ආසන්න ඉහල යෑමක්
    ✔
    බෙහ‍ෙත් මිල ඉහලට
    ✔
    ගැබිනි මව්වරුන්ට පෝෂණ මල්ල කැන්සල්
    ✔
    ත්‍රිප‍ෝෂ නෑ
    ✔
    නිළ ඇදුම් නෑ
    ✔
    පෙළ පොත් නෑ
    ✔
    දරුවගෙ වාර විභාග නෑ(කොල නෑ)
    ✔
    වාහන ගන්න එක, ගෙවල් හදන ඒක හීනයක්
    ✔
    උද්ඝෝෂණය කරන්න ස්ථානයක්
    ✔
    ගෑස් වෙනුවට දර
    ✔
    වේල් තුනෙන් දෙකට
    ✔
    හර්ධ රෝගීන්ට ස්ටෙන්ත් මුදලට
    ✔
    පොලිම්
    ✔
    අවශ්‍ය භාණ්ඩ අනවශ්‍ය ල‍ෙස වර්ග කොට ආනයනය නැවැත්වීම.
    ✌
    වර්ථමානයේ ඔබට රට ගැන ඇති ගැටලු
    පාන්දරම තෙල් පෝලිමේ, උදේට ගෑස් පෝළිමේ, දවල් නිදහසක් ලැබුණාම රැකියාවෙ, හවසට කිරි පිටි පෝළිමේ, රෑට කෑම තිබුණොත් කාලා, නිදාගන්න වෙලාවක් තිබුණොත් අදේ, රටේ ප්‍රශ්ණ හිතන්න වෙලාවකුත් නෑ, ඒව වැඩකුත් නෑ, මොකද ඔබට ඊට වඩා ප්‍රශ්ණ තියනව ඔබේම, ඔබටම ආවේනික වූ.
    තවත් සහන ඉදිරියේදී බලාප‍ොර‍ොත්තු වන්න.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    අවුරුදු 2 1/2 කට කලින් ඔබට රට ගැන තිබුණු ගැටලු
    රනිල් බැංකුව කැඩුව
    සාෆි අම්මලව වද කලා
    කොත්තු වලට වද පෙති දාල
    යට ඇදුම් වලට වද බෙහෙත් දාල
    බුර්කාව අදින්න දෙන්න බෑ
    විල්පත්තුව සුරකිමු
    සයිටම් එකෙන් රට බේරගමු?
    හැම මාසෙම 21 වෙනිදට ඡන්දෙ ඉවර වෙනකන් පාස්කු ප්‍රහාරය
    අවුරුදු 2 1/2කට කලින් ඔබට ලැබුණු දේ
    හොදට කාලා, බීල, ඇදල අලුත් වාහනයක් අරන්, ගමනක් බිමනක් ගිහින් එන්න පුලුවන් ආර්ථිකයක්, රටේ පශ්ණ ගැන කල්පනා කරන්න නිදහස් මනසක්.
    පෙට්‍රල් මිල 137/=
    ඩීසල් මිල 110/=
    භූමි තෙල් 65/=
    ගෑස් මිල 1450/=
    ✔
    හාල්, පරිප්පු, සීනි,පිටි ඇතුලු අත්‍යවශ භාණ්ඩ මිල රු100/=ට අඩුයි
    ✔
    රජ්‍ය සේවක අවම වැටුප 10,000/=කින් වැඩි උනා
    ✔
    වැඩි වු වැටුප මූලික පඩියට එකතු කලා
    ✔
    අක්ෂි කාච නොමිලේ
    ✔
    හර්ධ රෝගීන්ට ස්ටෙන්ත් නොමිලේ
    ✔
    පිළිකාවලට එන්නත සම්පූර්ණයෙන් නොමිලේ
    ✔
    ගැබිනි මව්වරුන්ට පෝෂණ මල්ල
    ✔
    අත්‍යවශ බෙහෙත් වර්ග 60ක මිල පහලට
    ✔
    ටයර් කර්මාන්ත ශාලාව
    ✔
    සිම‍ෙන්ති කර්මාන්ත ශාලාව
    ✔
    සමෘධි සහනාදාරය දෙගුණ කිරීම
    ✔
    හාල් මිල පාළනය සදහ ශක්ති හාල් ව්‍යාපාරය
    ✔
    සුවසැරිය නොමිළේ ගිලන් රථ සේවය
    ✔
    ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන සදහා උෂ්ණත්වය පාලනය කල හැකි ශීතාගාර
    ✔
    ඉතිහාසයේ පළමු වතාවට ප්‍රාථමික ගිණුමේ ශේෂය ධණ අගයක්
    ✔
    නිදහසින් පසු වැඩිම සංචාරකයන් ප්‍රමාණය 2018 ලක්ෂ 24
    ✌
    නව රජය යටතේ සහන
    ✔
    ප්‍රධාන ව්‍යාපාරිකයන්ට වැට් සහනයක්
    ✔
    වැලි පර්මිට් අවශ්‍ය නැත
    ✔
    පස් පර්මිට් අවශ්‍ය නැත
    ✔
    හැම තැනම වනාන්තර විනාශ කිරීම්
    ✔
    භාණ්ඩ මිල ව්‍යාපාරිකයාට හිතූ අයුරින් වැඩි කල හැක
    ✔
    ගෑස් මිල 4200/= සිට සියලුම අත්‍යවශ්‍යය භාණ්ඩ මිල 100%කට ආසන්න ඉහල යෑමක්
    ✔
    බෙහ‍ෙත් මිල ඉහලට
    ✔
    ගැබිනි මව්වරුන්ට පෝෂණ මල්ල කැන්සල්
    ✔
    ත්‍රිප‍ෝෂ නෑ
    ✔
    නිළ ඇදුම් නෑ
    ✔
    පෙළ පොත් නෑ
    ✔
    දරුවගෙ වාර විභාග නෑ(කොල නෑ)
    ✔
    වාහන ගන්න එක, ගෙවල් හදන ඒක හීනයක්
    ✔
    උද්ඝෝෂණය කරන්න ස්ථානයක්
    ✔
    ගෑස් වෙනුවට දර
    ✔
    වේල් තුනෙන් දෙකට
    ✔
    හර්ධ රෝගීන්ට ස්ටෙන්ත් මුදලට
    ✔
    පොලිම්
    ✔
    අවශ්‍ය භාණ්ඩ අනවශ්‍ය ල‍ෙස වර්ග කොට ආනයනය නැවැත්වීම.
    ✌
    වර්ථමානයේ ඔබට රට ගැන ඇති ගැටලු
    පාන්දරම තෙල් පෝලිමේ, උදේට ගෑස් පෝළිමේ, දවල් නිදහසක් ලැබුණාම රැකියාවෙ, හවසට කිරි පිටි පෝළිමේ, රෑට කෑම තිබුණොත් කාලා, නිදාගන්න වෙලාවක් තිබුණොත් අදේ, රටේ ප්‍රශ්ණ හිතන්න වෙලාවකුත් නෑ, ඒව වැඩකුත් නෑ, මොකද ඔබට ඊට වඩා ප්‍රශ්ණ තියනව ඔබේම, ඔබටම ආවේනික වූ.
    තවත් සහන ඉදිරියේදී බලාප‍ොර‍ොත්තු වන්න.
    😰
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    යකෝ මේකනම් දේව සාපයක්ම තමා..සක්කලි බලේ අරන් තියෙන්නේ මිනී මරලා
     

    Similar threads