ඉන්ධන අවසන්

Dulhaniya

Banned
Mar 23, 2015
260
39
0
ජවිපෙ නමැති රථයේ ඉන්ධන අවසන්;
දැන් අලියගේ කරේ සීනුව ගැටගසනවා

- සෝමවංශගෙන් චෝදනාවක්‌

ජනතා විමුක්‌ති පෙරමුණේ නායකත්ව මණ්‌ඩලය වහා ඉවත් විය යුතු බව එම පක්‍ෂයේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා ඊයේ (19 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

නව නායකත්ව මණ්‌ඩලයක්‌ පත් කර ගැනීමට පක්‍ෂ සාමාජිකයන්ට ඉඩ දිය යුතු බවත් ඒ සඳහා පක්‍ෂ මහ සමුළුව වහා කැඳවිය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

වත්මන් පක්‍ෂ නායකයන් ජනතා විමුක්‌ති පෙරමුණේ සීනුව එක්‌සත් ජාතික පක්‍ෂයේ අලියාගේ කරේ ගැටගසමින් සිටින බවට චෝදනා කළ හෙතෙම ජනතා විමුක්‌ති පෙරමුණ නමැති රථයේ ඉන්ධන අවසන් වී ඇති බවත් පැවසීය.

සමාජ සාධාරණත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමේ අරමුණින් බැහැරව ජනතා විමුක්‌ති පෙරමුණ කටයුතු කරමින් සිටින බව පැවසූ සෝමවංශ අමරසිංහ මහතා විෙ-වීර සහෝදරයා ගොඩනැගූ පක්‍ෂය මේ වන විට ජවිපෙ තුළ නොමැති හෙයින් වත්මන් නායකයන් දැන් කළ යුතු වන්නේ පක්‍ෂයේ නම වෙනස්‌ කිරීම බවත් කියා සිටියේය.

එජාපය හෝ කැඩී ගිය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සමඟ එක්‌ව ජනතා විමුක්‌ති පෙරමුණට යාහැකි ගමනක්‌ නැති බවත් ජනතාවගේ සැබෑ අයිතීන් වෙනුවෙන් හඬ නැගෙන සැබෑ වමේ පක්‍ෂයක්‌ නොබෝ දිනකින්ම ගොඩනඟන බවත් සෝමවංශ අමරසිංහ මහතා සඳහන් කළේය.



divaina

 

Dulhaniya

Banned
Mar 23, 2015
260
39
0
2015.05.21car.jpg