ඉන්ධන ඉතුරු කරගෙන වාහන පදිමු

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඉන්ධන ඉතුරු කරගෙන වාහන පදිමු

    1) මැනුවල් ගියර් නම් - වැඩියෙන් පාගන්නෙ නැතිව නියම තැනදී ගියර් මාරු කිරීම

    2) ටයර් - වාහන නිශ්පාදකයා නියම කරපු රිම්,ටයර් සයිස් එකම පාවිච්චි කරන. නිශ්පාදකයා නියම කරන පීඩන අගයටම නියම විදිහට ටයර් වල හුලං පීඩනය තියාගන්න. ටයර් වල හුලං පීඩනයනියම ප්‍රමානයට වඩා අඩු වුනොත් ටයර් එකේ වැඩි පෘශ්ඨ ප්‍රමානයක් පාරේ ගෑවෙනවා. උවමනාවට වඩා වැඩි ඝර්ශණය මැඩගෙන ඉදිරියට යන්න එන්ජිමට වැඩියෙන් ඉන්ධන පුච්චලා වැඩි බලයක් යොදන්න වෙනවා. නියම ප්‍රමානයට වැඩියෙන් හුලං පීඩනය තියාගත්තොත් අඩු පෘශ්ඨ ප්‍රමානයක් පාරේ ගෑවෙනවා ඒක ටයර් වලට නරකයි. හුලං පීඩනය තියාගත්තොත් ටයර් වලටත් පර්ස් ඒකටත් හොඳයි.

    3) එන්ජිම ටියුන් කිරීම - හැම එන්ජිමක්ම කිලෝමීටර ගණනකට වරක් ටියුන් කලයුතුයි. මේක ගැරජ් ඒකකින් කරන ගන්න පුලුවන්.

    4) එන්ජින් ඔයිල් - අළුත් එන්ජිමකට නම් නිෂ්පාදකයා නියම කරල තියෙන ඝණත්වය අනුව තෙල් යොදන්න ඕන. නමුත් එන්ජිම දුවල තියෙන කිලෝමීටර් ගාන වැඩි නම් එක අනුව තෙල් දාන්න ඕන තෙල් වල ඝණත්වය වැඩි වෙනවා. එන්ජිම කාලයක් දුවනකොට ගෙවෙන නිසා පරන එන්ජිමකට ඝණත්වය අඩු තෙල් දැම්මොත් ඒ එන්ජිමේ ගෙවීම තවත් ඉක්මන් වෙනවා. ඒ වගේම එන්ජිමේ ඇතුලත නියමිත පීඩනය පවත්වාගන්නත් බැහැ. අළුත් එන්ජිමකට ඝණත්වය වැඩි තෙල් දැම්මොත් එතකොටත් එන්ජිමේ ගෙවීම ඉක්මන් වෙනවා. එතකොටත් ඝණත්වය වැඩි තෙල් වලින් එන්ජිමේ ක්‍රියාකාරිත්වයට අනවශ්‍ය ප්‍රතිරෝදයක් ඇතිකරනවා.

    5) එයා ක්ලීනර් - එන්ජිමට ඇදගන්නා වාතයේ තියෙන දූවිලි, කුණු පෙරලා, පිරිසිඳු වාතය ලබාදීම එයා ක්ලීනර්ය මගින් කරයි. මාසයකට වරක් වත් එයා ක්ලීනර් පිරිසිඳු කරගත යුතුයි. සර්විස් සෙන්ටර් ඒකකින් හරි, පුලුවන් නම් තමන්ටම හරි ඔය වැඩේ කර ගන්න පුලුවන්. පිරිසිඳු කරන්නේ පීඩනයකින් යුත් හුලං පාරක් අල්ලලා.

    6) වාහනය සර්විස් කරවා ගැනීම - සෑම විටම පුහුණු කාර්මිකයෙක් ලවා වාහනය සර්විස් කරවා ගැනීම කරන්න.

    7) ටැංකි බාගයක් තෙල් තබා ගැනීම - ෆුල් ටෑංක් තෙල් ගැහුවම තෙල්වල බර වැඩි නිසා තෙල් පිච්චෙනවා වැඩී. (1000 ගහන ක්‍රෙම් ගැලපෙනවා)

    8) සයිලන්සරය - අනවශ්‍ය ලෙස වෙනස් කිරීමෙන් වැලකීම.

    තව දන්නවනම් දාන්ඩෝ........

    හොදයි නම් රෙප් දෙන්ඩෝ.....

    :yes:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    engine eka nikan tune karala wedak na,plug tika ehema sudda karala,puluwan na cub ekath sudda karala danna puluwan nam wadath hodai,1st ,2nd gears wala over race karala pickup eke ganna ekenuth petrol pichchenawa wediy,