Octane අගය

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,121
    8,120
    113
    M-Town
    Octane අගය

    =============

    බොහො දෙනෙකුට තවමත් ඉන්දන වල ඔක්ටෙන් අගය ගැන තවම නිසි වැටහීමක් නොමැති බව දැණුනු බැවින් මෙය ලියමී.

    පැට්‍රල් වල ඔක්ටෙන් අගය යනු කුමක්ද ?

    Octane අංකනය යනු හො iso-octane සහ heptane මිශ්‍රණයක් සමඟ සැසඳීමක් මත පදනම්ව ඉන්ධනයක knock කිරීමේ ගුණාංග පෙන්වනහැදින්වීමකී. තවත් සරලව පැවසුවහොත් ඔක්ටෙන් අංකනය යනු, ජ්වලනය කිරීමට පෙර ඉන්ධන වලට කොපමණ සම්පීඩනයක් ඔරොත්තු දිය හැකිද යන්න මිනුමයි ඒ අනුව අඩු ඔක්ටේන් අගයකින් යුතු ඉන්දන ඉහල අගයක් දක්වා සම්පීඩනය කිරීමෙදී knock වීම සිදු වන අතර ඉහල ඔක්ටේන් අගයක් සහිත ඉන්දන ඉහල පරාසයක් දක්වා සම්පීඩනය කලහැක ,

    මේය තවත් සරළ ආකාරයෙන් විමසමු.

    පැට්‍රල් එන්ජිමක සිදුවන ක්‍රියාකාරීත්වය වන්නේ පැට්‍රල් සහ වායු මිශ්‍රණය එජිමතුල සම්පීඩනය කරවා එය ප්ලග් එකක් මගින් දහනය කරවිමයි. මෙන්න මේ ක්‍රියාව කරන විටදී එම දහනය ක්‍රමාණු කූලව සිදු වීම ඉතාම වැදගත්. ඒකියන්නේ ප්ලග් එකෙන් ලබා දෙන ගිණි දැල්ල මගින් පැට්‍රල් වාත මිශ්‍රණය දැවීම විය යුතුයි කියන කරුණ. නමුත් අපි දන්නවා කිසියම් වායුවක් සම්පීඩන කරගෙන යන විටදී එම වායුවේ උශ්නත්වය ඉහල යන බව. ඔක්ටෙන් අගය අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ හෙතුව නිසා. මොකද අරවගේ ගිණි ඇවිලීම ප්ලග් එක මගින් ඇති කරන කොට ඒ ඇතිවන තාපය නිසාද දහන කුටිය තුල ( එන්ජිම තුල ) තාපය වැඩිවෙන බව. මෙන්න මේ තාපය නිසාද දහණ කුටිය තුල පීඩනය ඉහල යනවා. දැන් මොකද වෙන්නේ ප්ලග් එකේ දැල්ලට අමතර වෙනත් තැන් වල අර ඉහල ගිය උශ්නත්වය නිසා පැට්‍රල් වායු මිශ්‍රණය ගිණි ඇවිලෙනවා. මෙන්න මේ අක්‍රමවත් දහණය අපි කියනවා Engine knok එක කියලා . මෙක එන්ජිමේ ක්‍රියාකාරිත්වය ට බාදාවක් වගේම පිස්ටන් හිස ( Piston crown ) එක ඩැමේජ් වෙන්න හේතුවක්. මෙන්න හෙතුව නිසා නිශ්පාදකයා ට සිද්ද වෙනවා පැට්‍රල් වල ගිණි ඇව්ලීම පාළන කරන්න. මෙනිසා නිශ්පාදකයා මොකද කරන්නේ පෙට්‍රල් වලට යම් යම් දෙවල් එකතු කරලා පෙට්‍රල් වල ගිණි ඇවිලීම පාළන කරනවා. මුල් කාලයේ මේකට භාවිතා කලේ ඊයම් (Tetraethyllead) . ඒවට කියන්නේ Leaded gasoline කියලා.. ඒත් මේක මනුස්සයාට හිතකර නොවෙන නිසා බොහො රටවල් විසින් භාවිතා කරන්නෙ නෑ. ආන්න ඒ නිසා එහෙම ඊයම් රහිත පැට්‍රල් වලට කියන්නේ Lead free gasoline කියලා..

    නමුත් මේ පැට්‍රල් වල කොහොම හරි ගිණි ඇවිලීම පාළනය කරන්න එපැයි.. ඒනිසා වෙන වෙන දෙවල් පැට්‍රල් වලට එකතු කරනවා. මෙන්න මෙහෙම එකතු කරපු පැට්‍රල් වල ගිණි ඇවිලීම කොයි වගේද කියන අදහසක් දෙන්න තමා ඔය ඔක්ටෙන් අගය හදලා තියෙන්නේ.

    එතකොට මොකක්ද මේ ඔක්ටෙන් අගය මගින් කියන්නේ.?

    මෙහෙමයි, මේ ඔක්ටෙන් අගය මිණුම් කරන ක්‍රමවේද තුනක් තියෙනවා ඒඑක් එක් රටවල් වල භාවිතාවය අනුව . එවා RON , MON, AKI කියලා නම් කරනවා. හැඹයි මේ ක්‍රම තුන මගින් ලැබෙන්නේ වෙනස් දත්ත . සරළව කියනවා නම් RON අගයයි MON ඔක්ටෙන් අගයයි සමාන නෑ. ඔය RON සහ MON අගයන් දෙක එකතු කරලා දෙකෙන් බෙදලා තමා AKI අගය දෙන්නේ.

    අපේ රටේ පැට්‍රල් වල විස්තර අනුව RON අගය අවම 92 කුත් MON අගය අවම 82 කුත් තියෙනවා කියලා තමා සදහන් වෙන්නේ.

    තව දුරටත් මේ ඔක්ටෙන් අගය ගැන බලපුවහම

    මම මුලින් කිවුවනේ පැට්‍රල් වල ගිණි ඇවිලිම පලනය කරන්න් එක එක දෙවල් එකතු කරන බව. ඉතිං මෙහෙම එකතු කරලා හදපු පෙට්‍රල් වල ගිණි ඇවිලීම බලන්නේ ඒ සදහා iso-octane සහ heptane මිශ්‍රණයක් සමඟ සැසඳීමක් මත පදනම්ව , ඒ අනුව හදාගත්තු පැට්‍රල් මිශ්‍රණය ට සමාන වෙන ගිණි ඇවිළීමක් තියෙන iso- octane සහ heptane මිශ්‍රණය තමයි අර හදාගත්තු පැට්‍රල් වලට දාන ඔක්ටෙන් අගය.

    මේක තවත් ආකාරයකින් කියනවා නම්

    කිසියම් පැට්‍රල් ඉන්දනයක් RON 92 octane ලෙස හදුන්වනවා නම් එම ඉන්දනය iso-octane 92% ක් සහ n-heptane 8% ක් ඇති මිශ්‍රණයක ට සමාන ලෙස සම්පීඩනය හමුවේ knock වීමට ප්‍රතිචාර දක්වයි.

    එහෙම නැතුව එකෙන් අදහස් වෙන්නේ නෑ අපි ගහන 92 Octane වල 92%ක් Iso - octane තියෙනවා කියලා..මොකද පැට්‍රල් වල රසායණික දෙවල් 1000 කට වඩා තියෙනවා.

    හරි දැන් අපි ඔක්ටෙන් අගය ගැන දන්නවානේ... ඇයි මෙහෙම වර්ග එන්නේ.

    මේකයි එන්ජින් නිශ්පාදනය කරනකොට නිශ්පාදකයින් ගොඩාක් කරුණු හොයලා බලන වා. මේ එන්ජිම මොන වාහනේටද දාන්නේ. මේකේ අවශ්‍යතාවය මොකක්ද කියන කරුණු වගේ බොහො දෙවල් ගැන හොයලා බලා තමා එන්ජිම නි‍ර්මාණය කරන්නේ. මෙහෙම එන්ජිම සැලසුම් කරදී එන්ජිමේ සම්පීඩන අගය ඉතාම වැදගත් . මොකද එන්ජිමක් ඉහල සම්පීඩනයකට ගැලපෙන්න හදන කොට ඒන්ජිම ඉතාම ශක්තිමත් ආකාරයෙන් හැදෙන්න ඕනි. ඉතිං ඒකට නිෂ්පාදන පිරිවැය ඉහල යනවා. පහල සම්පීඩනයකට හදපුවහම ලැබෙන බලය අඩුයි. මෙන්න මේ කරුණු ගැන හිතලා තමා එන්ජින් සැලසුම් හදන්නෙ. ඒඅනුව තමා ගැලපෙන ඉන්දන මොකක්ද කියලා නිෂ්පාදකයින් තීරණය කරන්නේ.

    එතකොට ඇයි මේ ඉහල ඔක්ටෙන් ඉන්දන ඕනි වෙන්නේ.

    අපි කලින් කිවුවා වගෙව් ඉහල සම්පීඩනයට හදපු බලවත් එන්ජිමක් සදහා පහල ඔක්ටෙන් අගයක් සහිත පැට්‍රල් ගැලපෙන්නේ නැනේ. ආන්න ඒක නිසා ඉහල ඔක්ටෙන් පැට්‍රල් එවෙලවට ඕනි වෙනව.. මේ ඔක්‍ටෙන් අගය 120 octane දක්වා ඉහල පැට්‍රල් තියෙනවා. නැත්තම් එක් එක් රසායණික දෙවල් දාලා ඒ ඔක්ටෙන් අගය ඉහල දානවා.

    ඔය රේස් පදින කාර් වගේ එවායේ සම්පීඩන අගය ඉහලම මට්ටමක තියෙන්නේ ඒනිසා එවාට ඉහල ඔක්ටෙන් ඕනි වෙනවා.

    එතකොට ඔය 92 octane වලට වඩා 95 octane වලින් වැඩි බලයක් ලැබෙනවා කියන්නේ ඇයි ?

    මේ මතය නිවරදී ආකාරයට කරුණු තෙරුම් නොගැනීමක් නිසා ඇති වූ මතයක්

    මම කලින් කිවුවනේ එන්ජින් සැලසුම් කරද්දී ඒන්ජිමේ ක්‍රියාකාරිත්වය ගැන කලින් හිතන බව. ඒ අනුව අඩු බලයක් සහිත එන්ජිමක් පහල සම්පීඩනයක් සහිතව හදනවා.නිශ්පාදකයා ඒකට 92 දාන්න කියනවා.. තව එකක් වැඩි බලයක් ලැබෙන විදියට හදනවා එකේ සම්පීඩන අගය ඉහල නිසා නිෂ්පාදකයින් ඒකට 95 ගහන්න කියනවා.. ඉතිං ඒකේ සැලසුම නොදන්නා අය හිතනවා අර 95 ගහන නිසා 95 එන්ජිමේ බලය වැඩියි කියලා.

    එතොකට සමහර අය තුල මතයක් තියෙනවා 92 අපු එන්ජිමකට 95 ගහපුවහම වැඩි බලයක් ගන්න පුලුවන් කියලා. ඒක මිත්‍යා මතයක් විතරයි. එන්ජිම සැලසුම් කරදී නිෂ්පාදකයින් එ එන්ජිම සදහා ගැලපෙන ඔක්ටෙන් අගය තීරණය කරලා ඉවරයි. ඒ අනුව තමා සටහන් කරන්නේ එකෙ බලය කොයිතරම්ද කියලා. නමුත් මේකට ඉහල ඔක්ටෙන් ගහපු පළියට එකෙන් වැඩි බලයක් ලැබෙන්නේනෑ.. ඇත්තටම හොදින් තාක්ශණික කරුණු බලපුවහම විතරයි පෙන්නේ අඩු ඔක්ටෙන් අගයක් සහිත එන්ජිමකට ඉහල ඔක්ටෙන් දැමීම සල්ලි අහක දැමීමක් කියලා. මොකද සැලසුම් කල දහනය නිසි පරිදී වෙන්නේනැති නිසා ඉහල ඔක්ටෙන් දාපුවහම පහල ඔක්ටෙන් එන්ජිමක බලය අඩු වෙන්න්නහෙතු වෙනවා.. ( වැඩි නොවෙයි අඩු )

    මේ ඉහල ඔක්ටෙන් ඉහල ප්‍රමිතියෙන් යුතු පැට්‍රල් බව කියන මිත්‍යාව වෙන්නේ මේ දෙකේ මිළ වෙනස අනුව.

    ඔය මුලින් කිවුවා වගේ ඔක්ටෙන් අගය ඉහල දාන්න එක එක දෙවල් එකතු කරලනෙව පැට්‍රල් හදන්නෙ.. ඉතිං මෙහෙම එකතු කරන්න ඕනි දෙවල් වල පිරි වැය ඉහල නිසා ඔක්ටෙන් අගය ඉහල යෑම මිළ වැඩි වීමට හෙතුවක්. එහෙම නැතුව වෙන දෙයක් නොවෙයි.

    ඉතිං මම කියන්නේ ඔබේ රථයට ගැලපෙන ඔක්ටෙන් අගය වාහන අත් පොතේ බලා ගන්න. ආන්න ඒ අනුව ඉන්දන වර්ගය තොරාගන්න.

    ඉහල ඔක්ටෙන් පහල ඔක්ටෙන් සදහා වු එන්ජිමකට යොදා ගැනීම මුදල් විනාස කිරීමක් එවගේම පහල ඔක්ටෙන් ඉහල ඔක්ටෙන් සහිත එන්ජිමකට යොදා ගැනිම

    එන්ජිමේ ආයු කාලය හීන කරවීමක්.

    අපේ රටේ බොහො අය පැට්‍රල් ගහන්නේ තමන්ගේ තත්වය අනික් අයට පෙන්න. මිසක් වෙන දෙකට නොවෙයි. 92 සදහා හදපු කිරි කිරි ටොයියා කාර් එකකින් ගිහින් 95 ගහන අය දැක්කම දුකේ බැ.. එයාලට ත් ලැජ්ජා ඇති 92 න් ගහන්න..

    ලංකාවේ වැගන් ආර් වාහනය ඉතාම බහුලව භාවිතා කරන වාහනයක්

    එවාහනය සදහා අදාල ඔක්ටෙන් අගය RON87 කියලා තමා සටහන් වෙන්නේ.. ලංකාවේ අඩුම ඔක්ටෙන් සහිත පැට්‍රල් වර්ගය වෙන්නේ 92 , ඒකියන්නේ මෙකේ RON අගය 92 යි. ඉතිං මෙහෙම තියෙදී පැට්‍රල් අඩු වියදම් කාර් කියල වැගන් ආර් ඇරගෙන ඒකට 95 ගහන අය දැක්කම ඉතිං දුකේ බෑ...

    තව් සමහර අය එක එක පෙති වර්ග දාලා 95 ත් තව ඉහලට දාගන්න බලනවා.. මම නම් කියන්නේ ඒ පෙති හොදා මානසික රෝගීන් සදහා.

    එතකොට ඒ පෙති ගැන ටීවී වල කියන්නේ එහෙනම්

    මෙකයි අපේ රටේ විද්‍යුත් නාළිකා. ඒකියන්නේ ටිවී , රෙඩියො චැනල් වල කරන්නේ කාලය අලෙවි කිරීමක් , ඒනිසා ඔනි එකෙකුට සල්ලි තියෙනවා නම් ටීවි චැනල් එකට සල්ලි දීලා තමන්ගේ බොරුව මාකට් කරලා සල්ලි හම්බ කරන්න පුලුවන්. ටීවී චැනල් එකේ අයිති කාරයාට අදාල නෑ මේ කියන කරුණ එවිදියටම වෙනවද නැද්ද කියලා .එයාලට ඕනි තමන්ගේ චැනල් එකට ලැබෙන මුදල විතරයි.ඒකනේ අර ඉස්සර වතුරින් දුවපු කාර් එක ගැන ප්‍රවෘත්ති වල පවා දැම්මේ. අනිතිමට කාර් එකත් නැ. මිනිහත් නැ..

    ඉතිං ඔන්න ඔය වගේ මගෝඩී දෙවල් වලට අහුවෙන්න එපා. තමන්ගේවාහනය විතරක් නොවෙයි මුදලත් රැක ගන්න

    ස්තුතියි
    මොටර් කාර්මික දැණුම වෙනුවෙන්
    හිරන් චමින්ද .
    FB_IMG_1611234537451.jpg
    FB_IMG_1611234541816.jpg
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    USA and Canada වගේ රටවල අලුත්ම වාහන මොඩ්ල් වලට පවා recommend කරන්නේ ඔක්ටේන් අගය 87 වන regular gasoline

    japan wala wediyata thamai ape octane rating eka yanne GDI engine walata 95 gahuwath wadak na man hithanne 98 wage octane ekak enne US walata wada japan wala octane rating eka wadi.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,634
    1
    6,334
    113
    bump

    Prius 92 gahuwata awlak nadda bro?
    (parana thread ekk but kwuruth ubata reply krla nthi nisa reply ekk dannam)
    Prius wla eka version ekk thynv 95 ghnna one.. anith version wlta 92 athii.. manual eke or net eke blnn ube version ek mkkd kyla..
    ------ Post added on Jun 12, 2024 at 9:41 AM
     
    • Like
    Reactions: bladeable