ඉන්ධන කෝටාව ගැන තීරණයක්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    උත්සව සමය වෙනුවෙන් වැඩිකළ ඉන්ධන කෝටාව නැවත දැනුම්දෙන තුරු ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

    විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඊයේ (24) ඛනිජ තෙල් සංස්ථා ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී එම තීරණය ගත් බවය.

    එම ඉන්ධන කෝටාව ඉහළ නැංවීම හේතුවෙන් මාසික ඉන්ධන ඇනවුම් සැලසුමේ වෙනසක් නොවන බව නිරීක්ෂණය වූ බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

    පසුගිය සති තුනේ දෛනික ඉන්ධන භාවිතය සහ ඉන්ධන නිකුතුව පිළිබඳව දත්ත නිරීක්ෂණය කිරීමේ දී ඉන්ධන කෝටාව වැඩිකිරීමට පෙර පැවති දෛනික ඉන්ධන නිකුතුව හා සමාන බව අමාත්‍යාංශය සඳහන් කරයි.

    එමෙන්ම ඉන්ධන කෝටාව ඉහළ නැංවීමෙන් පසුව QR කේතය අවභාවිතා කිරීම සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බවත් QR කේතයට පරිභාහිරව ඉන්ධන ලබාගත් පිරිස් QR ක්‍රමවේදයට අනුගත වී ඇති බවත් නිරීක්ෂණය වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඉන්ධන හල් මඟින් ඉන්ධන කෝටාව වැඩිකිරීමට පෙර නිකුත් කිරීමේ දී 24%ක් වූ QR ක්‍රමවේදයට පරිභාහිරව නිකුත් කර තිබු අතර, ඉන්ධන කෝටාව වැඩිකළ පසු එය 14%ක් දක්වා පහළ ගොස් ඇති බව ද අමාත්‍යාංශය පෙන්වා දෙයි.

    ඉන්ධන හල් මඟින් 28%ක් වූ QR ක්‍රමවේදයට පරිභාහිරව ඩීසල් නිකුත් කිරීම ඉන්ධන කෝටාව වැඩිකළ පසු 15%ක් දක්වා පහළ ගොස් ඇති බව ද අමාත්‍යාංශය නිවේදනය කරයි.

    එමෙන්ම එලෙස QR ක්‍රමවේදයට පරිභාහිරව ඉන්ධන නිකුත් කරන ඉන්ධන හල් සම්බන්ධයෙන් නිරන්තරයෙන් විමර්ශනයක් සිදුකරන බව ද අමාත්‍යාංශය නිවේදනය කරයි.

    එම පිරවුම්හල් සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කිරීමටත් අඛණ්ඩව මෙම රෙගුලාසි උල්ලංඝනය කරන බෙදුම්කරුවන්ගේ ඉන්ධන හල් බලපත්‍ර අවලංගු කිරීමටත් අමාත්‍ය කංචන විජේසේකර මහතා උපදෙස් ලබාදුන් බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,737
    4,809
    113
    එලකිරි හන්දිය
    මේ දවස් ටිකේ ටිකක් ඇදලා බූලි වලට දාගත්තා. දැනට ගැලුම් 20 ක් විතර තියෙනවා. අපි හඹකරොත් අපි කනවා
    ගැලුම් 20ක් කියන්නේ ලීටර් 75ක් වගේ නෙහ්. අමෝර් අමෝර්
     
    • Like
    Reactions: NRTG

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    ගැලුම් 20ක් කියන්නේ ලීටර් 75ක් වගේ නෙහ්. අමෝර් අමෝර්
    ලීටර් 100ක් වගේ තියෙනවා ඔක්කොම. ආයෙත් හිඟයක් එයි කියලා බය නිසා මම හැම සතියකම අන්තිම ගැලුමක් ස්ටෝ කරා.
     
    • Love
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ලෝකේ QR කෝටාවට තෙල් ගහන ඵකම රට..ඒ වුනාට කැවුමොන්ගේ ටෝක්ස් නම් උපරිමයි.🤣🤣
     
    • Sad
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,445
    113
    Colombo, Sri Lanka
    ලීටර් 100ක් වගේ තියෙනවා ඔක්කොම. ආයෙත් හිඟයක් එයි කියලා බය නිසා මම හැම සතියකම අන්තිම ගැලුමක් ස්ටෝ කරා.
    එළකිරි... ඔහොම ගිහින් අලුතෙන් සෙඩ් එකක්ම දාමු......:love2:(y)
     

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    මගේ සල්ලිනේ ඉතිං. තව ගොවියෙක්ගෙන් වී ගත්තා අවුරුද්දකට හරියන්නේ. මේ සැරෙත් ගන්නවා.
    ai api wena unge salli walinda petrol gahanne. DNA walin ena ewa hadanna be :P
     
    • Like
    Reactions: NRTG

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    ai api wena unge salli walinda petrol gahanne. DNA walin ena ewa hadanna be :P

    මං පෝලිමේ හිටියෙත් නෑ පහු ගිය ටිකේ. ෂෙඩ් එක ඇතුලට වාහනේ දාලා දන්වැල් ඇදලා තිබ්බේ. බවුසරේ ආපු ගමන් මම ෆුල් ගහගෙන කෑන් එකටත් අරං යනවා. මිනිස්සු මෝඩයෝ වගේ බඩගින්නෙ පෝලිමේ ඉන්නවා.
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    ලෝකේ QR කෝටාවට තෙල් ගහන ඵකම රට..ඒ වුනාට කැවුමොන්ගේ ටෝක්ස් නම් උපරිමයි.🤣🤣
    කෝටාවට ලමයි හදන චීන්නුන්ට ආවඩන එකෙක් කියන කතාද මේ
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කොට චීනට සිදිල 🤭 🤭

    පවුලකට ළමයි දෙන්නෙක්ට සීමා කරන ඵකේ වැරැද්ද මොකද්ද කියපියකෝ.තොපි ළමයි හදනවද දෙන්නට වඩා?තොපිම නේද තම්බ්න්ට බණින්නේ උන් පඩිපේලිය වගේ ළමයි හදනව කියල අනේ නිකන් හිටපං වඳුරු කැවුමා..රටකට ඕන කරන තෙල් ටික දීගන්න බැරුව චීනේ ළමයි හදන ඵක වැඩි කරන්න හදනවා.🤣
     

    Sen-lu

    Well-known member
  • මං පෝලිමේ හිටියෙත් නෑ පහු ගිය ටිකේ. ෂෙඩ් එක ඇතුලට වාහනේ දාලා දන්වැල් ඇදලා තිබ්බේ. බවුසරේ ආපු ගමන් මම ෆුල් ගහගෙන කෑන් එකටත් අරං යනවා. මිනිස්සු මෝඩයෝ වගේ බඩගින්නෙ පෝලිමේ ඉන්නවා.
    සෙඩ් එක තාත්තගෙද?
     

    Sen-lu

    Well-known member
  • පවුලකට ළමයි දෙන්නෙක්ට සීමා කරන ඵකේ වැරැද්ද මොකද්ද කියපියකෝ.තොපි ළමයි හදනවද දෙන්නට වඩා?තොපිම නේද තම්බ්න්ට බණින්නේ උන් පඩිපේලිය වගේ ළමයි හදනව කියල අනේ නිකන් හිටපං වඳුරු කැවුමා..
    එතකොට කොහොමද මිට්ටෝ ජාතිය සුරකින්නෙ. ඒකටනෙ උඹල පෙනී හිටියෙ ඇයි දැං උඹලගෙම ප්‍රතිපත්ති ටික ටික අමතකවෙනවද?
     
    • Haha
    Reactions: Xi Jinping