Hari Hari mun pannapuwa aye adinawa, bale gilihunoth thawa hora kanna baha, athulata yannama wenawa kiyala danna nisa, pannapuwa adinawa...උත්සව සමය වෙනුවෙන් වැඩිකළ ඉන්ධන කෝටාව නැවත දැනුම්දෙන තුරු ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඊයේ (24) ඛනිජ තෙල් සංස්ථා ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී එම තීරණය ගත් බවය.
එම ඉන්ධන කෝටාව ඉහළ නැංවීම හේතුවෙන් මාසික ඉන්ධන ඇනවුම් සැලසුමේ වෙනසක් නොවන බව නිරීක්ෂණය වූ බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
පසුගිය සති තුනේ දෛනික ඉන්ධන භාවිතය සහ ඉන්ධන නිකුතුව පිළිබඳව දත්ත නිරීක්ෂණය කිරීමේ දී ඉන්ධන කෝටාව වැඩිකිරීමට පෙර පැවති දෛනික ඉන්ධන නිකුතුව හා සමාන බව අමාත්‍යාංශය සඳහන් කරයි.
එමෙන්ම ඉන්ධන කෝටාව ඉහළ නැංවීමෙන් පසුව QR කේතය අවභාවිතා කිරීම සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බවත් QR කේතයට පරිභාහිරව ඉන්ධන ලබාගත් පිරිස් QR ක්‍රමවේදයට අනුගත වී ඇති බවත් නිරීක්ෂණය වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉන්ධන හල් මඟින් ඉන්ධන කෝටාව වැඩිකිරීමට පෙර නිකුත් කිරීමේ දී 24%ක් වූ QR ක්‍රමවේදයට පරිභාහිරව නිකුත් කර තිබු අතර, ඉන්ධන කෝටාව වැඩිකළ පසු එය 14%ක් දක්වා පහළ ගොස් ඇති බව ද අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ඉන්ධන හල් මඟින් 28%ක් වූ QR ක්‍රමවේදයට පරිභාහිරව ඩීසල් නිකුත් කිරීම ඉන්ධන කෝටාව වැඩිකළ පසු 15%ක් දක්වා පහළ ගොස් ඇති බව ද අමාත්‍යාංශය නිවේදනය කරයි.
එමෙන්ම එලෙස QR ක්‍රමවේදයට පරිභාහිරව ඉන්ධන නිකුත් කරන ඉන්ධන හල් සම්බන්ධයෙන් නිරන්තරයෙන් විමර්ශනයක් සිදුකරන බව ද අමාත්‍යාංශය නිවේදනය කරයි.
එම පිරවුම්හල් සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කිරීමටත් අඛණ්ඩව මෙම රෙගුලාසි උල්ලංඝනය කරන බෙදුම්කරුවන්ගේ ඉන්ධන හල් බලපත්‍ර අවලංගු කිරීමටත් අමාත්‍ය කංචන විජේසේකර මහතා උපදෙස් ලබාදුන් බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
Arehe 15000 kali bedanawa low income kiyala, lol kohomada income eka calculate karanne, samurdi wahallu, election walata pupa lewa kapu ganatada?
