ඉන්ධන තොග තබාගැනිම වරදක් නෙවේ. උසාවියෙන් නිදෙසේකොට නිදහස්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    [Repost]

    නීතීවිරෝධී ලෙස ඩීසල් තොගයක් ලඟ තබා ගන්නා ලදැයි කියමින් අත්අඩංගුවට ගනු ලැබු ව්‍යාපාරිකයකු නිදොස් කොට නිදහස් කළ මහර අතිරේක මහෙස්ත්‍රාත් ජනනී පෙරේරා මහත්මිය ව්‍යාපාරිකයා ලඟ තිබී අත්අඩංගුවට ගත් ඩීසල් තොගය යළි ඔහුට බාරදෙන ලෙස සපුගස්කන්ද පොලිසියට නියම කළාය.

    ඩීසල් ළඟ තබා ගැනීම වරදක් බව ඛනිජ තෙල් පනතේ කිසිඳු සඳහනක් නොමැති හෙයින් තම සේවාදායකයාට එරෙහිව නඩු පැවරීමට පොලිසියට හැකියාවක් නොමැති හෙයින් නඩු නොපවරවාම ඔහු නිදොස් කොට නිදහස් කර ඔහු ලඟ තිබී අත්අඩංගුවට ගත් ඩීසල් තොගය යළි ඔහු වෙත මුදා හරන්නැයි නීතීඥ ප්‍රදීප් ගමගේ මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් මහෙස්ත්‍රාත්වරිය එලෙස කියම කළාය

    මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ මාකොළ නාලක එන්ටර්ප්‍රයිසස් ආයතනයේ හිමිකරු වන ව්‍යාපාරික නාලක හෙට්ටිආරච්චි මහතාය

    ඩීසල් ලීටර් 385ක තොගයක් නීතීවිරෝධී ලෙස ලඟ තබා ගන්නා ලදැයි කියමින් සපුගස්කන්ද පොලිසියේ දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක එම්.ඒ.එල්. ප්‍රමොද් ඇතුළු නිලධාරීන් විසින් නාලක හෙට්ටිආරච්චි මහතා සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

    නීතීඥ විරේන්දා කනංකේ මහත්මිය සමඟ පෙනී සිටි නීතීඥ ප්‍රදීප් ගමගේ මහතා කරුණු ඉදිරිපත් කරමින් ඉන්ධන ලඟ තබාගැනීම වරදක් බව ඛනිජ තෙල් පනතේ කිසිඳු සඳහනක් නොමැති හෙයින් තම සේවාදායකයාට එරෙහිව නඩු පැවරීමට පොලිසියට නොමැති බවට කරුනු ඉදිරිපත් කළේය..

    - ලංකාදීප.

    විකුනන්න නැතුව තොග තියාගන්න පුලුවන්. වැඩිපුර ගානකට හොරට විකුන්නයි බැරි.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    ගිනි ගත්තොත් කිසිම වන්දියක් නෑ නේද?
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ඒ කාලෙත් ජෙප්පො තෙල් එකතු කරලා නේද.

    651835331-1524971952969283-4223027974862101935-n.jpg
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    76876.jpg


    නීතිවිරෝධිව පෙට්‍රල් ලීටර 4ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි සැකකරුවකු එකී චෝදනාවට වරදකරු වීමෙන් පසුව නිකවැරටිය මහේස්ත්‍රාත් චන්දන ලියනගේ මහතා විසින් දින 21ක සිර දඬුවමක් නියම කරනු ලැබීය.

    ඊට අමතරව සැකකරුට මුදලින් රුපියල් 1500ක දඩ මුදලක් ද නියම කරන කරනු ලැබීය. මෙම සැකකරුට මෙසේ දඬුවම් නියම කළේ කොබෙයිගනේ පොලීසිය මඟින් පෙට්‍රල් ලීටර 4ක් ද සමඟ අත්අඩංගුවට ගත් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ සැකකරුට එරෙහිව තිබූ චෝදනාවට ඔහු වරද පිළිගැනීමෙන් අනතුරුවය.

    කොබෙයිගනේ පොලීසිය සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේ 1979 අංක 34 දරන ඛනිජ තෙල් නිෂ්පාදන සැපයුම් විධිමත් කිරීමේ හා පාලනය කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාරවය. මෙසේ දඬුවම් නියම වූයේ කොබෙයිගනේ පදිංචිකරුවකුටය.

    සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින්, කොබෙයිගනේ පොලීසිය කියා සිටියේ, ඉන්ධන ගබඩා කිරීම, තබාගැනීම තහනම් කර ඇති පසුබිමක මෙම සැකකරු පෙට්‍රල් ලීටර 4ක් නීතිරෝධිව සන්තකයේ තබාගෙන සිටියදී අදාළ පෙට්‍රල් ලීටර 4 ද සමඟ අත්අඩංගුවට ගත් බවයි.

    සැකකරු වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ උදයංග අතපත්තු මහතා ප්‍රකාශ කළේ, එළැඹෙන 29 වැනිදා සැකකරුගේ මවුපියන් වෙනුවෙන් නි‍ෙවසේ පැවැත්වීමට සංවිධාන කර තිබූ ජීවදාන පින්කමක් වෙනුවෙන් සැකකරුගේ නි‍ෙවස අවට තණ කොළ කපන යන්ත්‍රයක් යොදා සුද්ද පවිත්‍ර කිරීමේ අරමුණින් මෙම පෙට්‍රල් ලීටර 4 අදාළ තණකොළ යන්ත්‍රයට යෙදීම සඳහා තබාගෙන සිටි බවයි.

    මෙම පෙට්‍රල් ලීටර 4 සැකකරුගේ සන්තකයේ තබා ගත්තේ හුදෙක් විකිණීමේ හෝ ජාවාරම් කිරීමේ අරමුණින් නොවන බවද අවධාරණය කළ නීතිඥවරයා එළැඹෙන 29 වැනිදා සැකකරුගේ නි‍ෙවසේ දානමය පින්කමක් පැවැත්වෙන බවට ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ විසින් සහතික කරන ලද ලිපියක්ද අධිකරණයට ඉදිරිපත් කළේය. 1979 අංක 34 දරන ඛනිජ තෙල් නිෂ්පාදන සැපයුම් විධිමත් කිරීමේ හා පාලනය කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව පෙට්‍රල්වලින් ධාවනය කරනු ලබන මෝටර් වාහනයක අයිතිකරු ලෙස මෝටර් වාහන පනත යටතේ ලියාපදිංචි වූද ඒ වාහනය වෙනුවෙන් ඒ පනත යටතේ ලියාපදිංචි කරන ලද ලියාපදිංචි කිරීමේ සහතිකය, වලංගු ආදායම් බලපත්‍රය සහ රක්ෂණ සහතිකය දරන්නාවූ යම් තැනැත්තකු පෙට්‍රල් පාරිභෝගිකයකු ලෙස හඳුන්වනු ලබයි. ඒ අනුව ඉහත පනතේ ඇතැම් විධිවිධාන ප්‍රකාරව පෙට්‍රල් සන්තකයේ තබාගැනීමේ අයිතියක් පෙට්‍රල් පාරිභෝගිකයකුට ඇති බවත් කීවේය.

    එහෙත් ඉහත පනතේ විධි විධාන ප්‍රකාරව සන්තකයේ තබාගත හැක්කේ පෙට්‍රල් කුමන ප්‍රමාණයක් ද යන්න නිශ්චිතව සඳහන් කර නැති බවද නීතිඥවරයා පවසා සිටියේය. ඒ අනුව, ඉහත පනතේ විධිවිධාන ප්‍රකාරව, පෙට්‍රල් ලීටර් 4ක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් තම සේවාදායකයාට එරෙහිව කොබෙයිගනේ පොලීසිය නඩු පැවරීම පිළිබඳව නීතිමය ගැටලුකාරි තත්ත්වයක් උද්ගතව ඇති බවද සඳහන් කළේය.

    දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම සැලකිල්ලට ගත් නිකවැරටිය මහේස්ත්‍රාත් චාන්දන ලියනගේ මහතා, සැකකරු ඔහුට විරුද්ධව තිබූ චෝදනාවට වරද පිළිගැනීම සැලකිල්ලට ගෙන ඔහුට දින 21ක සිර දඬුවමක් නියම කර ඊට අමතරව මුදලින් රුපියල් 1500ක දඩ මුදලක් ද නියම කළේය.

    https://www.dinamina.lk/2026/03/27/local/275715/පෙට්රල්-ලීටර-4ක්-ළඟ-තබාගත/


    @emoji diaries
    ------ Post added on Mar 27, 2026 at 10:28 PM
     
    • Like
    Reactions: eksudda