ඉන්ධන බෙදාහැරීමට විදෙස් සමාගම් එක්වෙයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මෙරට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සඳහා අවසර හිමි වූ විදෙස් සමාගම් තුන ඉදිරි මාස 02 තුළ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ, අදාළ සමාගම් සමග ඉදිරි සති දෙක තුළ ගිවිසුම් ගතවීමට බලාපොරොත්තු වන බවය.

    ඊයේ (03) රුපවාහිනී වැඩසටහන සමග එක්වෙමින් කංචන විජේසේකර අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    ප්‍රශ්නය – චීනයේ සිනෝපෙක්, ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්ට්‍රෝලියම්, අමෙරිකා එක්සත් ජනපදයේ ආර්.එම් පාක්ස් කියන ආයතන තුන සම්බන්ධයෙන් තෙල් බෙදාහැරිමේ බලය පවරන්න ඔබතුමන්ලා ප්‍රතිපත්තිමය තීරණයක් අරන් තියෙනවා. ගිවිසුම්වලට එළඹුනා ද?

    “ගිවිසුම්වලට එළඹීම කියන තත්ත්වය දක්වා ගිහින් තියෙනවා. මම හිතනවා ඉදිරි සති තුන ඇතුළත ගිවිසුම්ගත වීමක් සිදුවෙනවා. ඒ වගේම ඒ ආයතන ඉල්ලීමක් කරලා තියෙනවා, කඩිනමින් මේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම සඳහා අවසරය ලබාදෙන්න කියලා. ඒ අනුව ඉදිරි මාස 2ක තුළ ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු ආරම්භ වීමට නියමිතයි.”

    එක් සමාගමකට ඉන්ධන පිරවුම්හල් 200 බැගින් ලබාදීමට කටයුතු කරන බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා එහිදී සඳහන් කළේය.

    “ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව යටතේ, ඉන්ධන බෙදාහරින දැනට තියෙනවා පිරවුම්හල් ගත්තහම 1,142ක්. මේකෙන් පූර්ණ හිමිකම තියෙන්නේ ඛනිජතෙල් නීතිගත සංස්ථාවට පිරවුම්හල් 234යි. ඉතුරු පිරවුම්හල් 908 තියෙන්නේ පෞද්ගලික බෙදුම්කරුවන්ට. පිරවුම්හල් 908න් 450ක් තමා අනෙක් සමාගම් තුනත් එක්ක කටයුතු කිරීමට යෝජනා කරන්නේ. ඊට අමතරව ඔවුන්ට ලැබෙනවා ඔවුන්ගේම පිරවුම්හල් හැටියට. ඒ කියන්නේ ඔවුන්ට භූමිය තියෙනවා නම් අලුතින් පිරවුම්හල් ඉදිකිරීම සඳහා. හැම සැපයුම්කරුවෙක්ටම අලුතින් 50ක් ඉදිකර ගන්න. ඒ සැපයුම්කරුවන්ට ඉන්ධන පිරවුම්හල් 200ක වෙළෙඳපොළක් තමා ඔවුන්ට හිමිවෙන්නේ.”
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    යු ඇස් පිරවුම්හල් වල කාර්ඩ් එකෙන් ගෙවල තමන්ටම තෙල් ගහගන්න දෙයිද නැතිනම් ජනගහනය වැඩි නිසා වැඩට පොම්පකරුවන් දායි
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,257
    9,153
    113
    How Baiya think about this. 🤭 🤭

    11.jpg
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    පෞද්ගලික shed දාන්න විස්තර ගන්නේ කොහෙන්ද?
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,029
    18,950
    113
    එතකොට තියන ශෙඩ් 450 දෙයිද අයිතිකාරයො කම්පැනි වලට?