ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට
අද(10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාක්මක වන පරිදි මිල සූත්‍රය අනුව ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන රුපියල් දෙකකින් හා සූපර් ඩීසල් මිල රුපියලකින් වැඩි වී තිබේ.
අද මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මුදල් හා ජන මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේය.
ඒ අනුව මෙතෙක් රුපියල් 155 ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 157 දක්වා ඉහළ යන අතර 129 ක්ව පැවති සූපර් ඩීසල් වර්ගයේ ඉන්ධන අද මධ්‍යම රාත්‍රියේ සිට 130 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පසුගිය මාසයේ ඉන්ධන මිල සුත්‍රය හඳුන්වා දෙමින් සෑම මසකම 10 වන දින ඉන්ධන මිල සංශෝධනය වන බව රජය පැවසීය.
මැදපෙරදිග පවතින ඉන්ධන මිල ගණන් අනුව මෙම මිල සුත්‍රය ගණනය කර තිබේ.
කෙසේ වෙතත් සාමාන්‍ය ඩීසල් මිල ගණන් වෙනස් නොවෙන අතර, එය රුපියල් 118 ක් වෙයි.
ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන මිල ද වෙනස් වී නොමැති අතර, එය රුපියල් 145 ක් වෙයි.
http://sinhala.adaderana.lk/news.php?mode=beauti&nid=94197

95 

bump