ඉන්ධන මිල අද මැදියම් රැයේ දී පහළට

monson

Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහත දැමීමට තීරණය කර තිබෙනවා.

    ඒ අනුව මෙම නව සංශෝධනය අද මධ්‍යම රාත්‍රී 12න් පසුව සිදුවන බවයි විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක සඳහන් කළේ.

    මෙලෙස මිල ගණන් පහත බසිනුයේ ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 7 කින්, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක් රුපියල් 10කින්, ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15කින්, ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 ලීටරයක් රුපියල් 135කින් වශයෙන්.

    ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක නව මිල රුපියල් 333ක් ද, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක නව මිල රුපියල් 365ක් ද, ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 310ක් ද, ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 ලීටරයක නව මිල රුපියල් 330ක්ද ලෙස මිල ගණන් නව සංශෝධනයට යටත් වනු ඇති.

    ලංකා භූමිතෙල් හා ලංකා කාර්මික භූමිතෙල් යන ඉන්ධන වර්ගයන්හි මිල ගණන් වෙනසක් නොවන අතර, එම මිල ගණන් ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 295ක් වශයෙන් හා ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 330ක් වශයෙන් ක්‍රියාත්මක වනු ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කළා.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 ලීටරයක නව මිල රුපියල් 330ක්ද
    😍
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,017
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Tired Good Night GIF
     
    • Haha
    Reactions: garfieldzz

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ජෙප්පෝ හාන්සියි දැන්.... හු හු

    කොහොමද තනි අලියා පොඩ්ඩ පොඩ්ඩ රට හදන හැටි
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    බූමිතෙල් වලත් වර්ග දෙකක් තියද...🤔
    භූමිතෙල් ගැන කරුණු විමසීමේ දී පෙනී යන්නේ භූමිතෙල් ප්‍රභේද දෙකක් වෙළෙඳ පොළේ ඇති බවය. ඒ ලංකා භූමිතෙල් හා කාර්මික භූමිතෙල් ලෙසය. ලංකා භූමිතෙල් රතු පැහැයෙන් යුක්තය. රජයේ සහනාධාර යටතේ අඩු ආදායම්ලාභීන් සහ ධීවරයින් ප්‍රධාන වශයෙන් භාවිත කරන්නේ ලංකා භූමිතෙල්ය.
    අවර්ණ භූමිතෙල් කාර්මික භූමිතෙල් ලෙස හැඳින්වේ. කර්මාන්තශාලාවලට සහ තොග වශයෙන් භාවිත කිරීමට යොදාගත යුත්තේ කාර්මික භූමිතෙල්ය. - https://www.lankadeepa.lk/Nimthera/වඩ-ලබ-ගනන-භමතලන-දවන-වහන/56-525366

    භූමිතෙල් දැන් තියෙනවා ද ?
    dan athi
    ------ Post added on Apr 30, 2023 at 10:21 PM