ඉන්ධන මිල ඉහළ නැංවීම සඳහා මුදල් අමාත්‍යාංශයෙන් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කල ඉල්ලිමට අනුව ඉන්ධන මිල ඉහළ දැමීම සඳහා මීට සුළු මොහොතකට පෙර අවසර ලැබී ඇතිබව වාර්තා වේ.
සංස්ථාව මගින් පෙට්‍රල් ලීටරය රු. 192ක් දක්වාත්, ඩීසල් ලීටරය රු. 169 දක්වාත් මිල ඉහළ නැංවීමට අවසර ඉල්ලා තිබූ අතර වැඩි වන ඉන්ධන මිල ගණන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මේ අතර, අද දින මිල ඉහළ දැමීමට ඉඩ ලබා නොදුනහොත් සියළු සිපෙට්කෝ ඉන්ධන අලෙවිසල් වල ඉන්ධන නිකුත් කිරීම අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කරන බවද මුදල් අමාත්‍යාංශයට සංස්ථාව දන්වා තිබින.


