ඉන්ධන මිල ඉහළ දැමීමට හේතුව...

anton2

Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    ඉන්ධන මිල ඉහළ දැමීමට හේතුව...

    ඊයේ මධ්‍යම රාත්‍රීයේ පටන් අපිට ඇගට දැනෙන අන්දමින් ඉන්ධන මිල ඉහළ ගියා...ඇත්තටම රජය ඉන්ධන මිල ඉහළ දැම්මා නොව රජයට ඉහළ දැමීමට සිදු වුණා කිව්වොත් නිවැරදියි...

    "ඔක්කොම කුණු බෙංගාල බොක්කට" කියන්නා වගේ දැන් හැමෝම වගේ රජයට ඇගිල්ල දික් කරලා චෝදනා කරන්න පටන් ගනියි...මහා රජා නම් කිව්වා ලෝක වෙළද පොළේ ඉන්ධන මිල ඉහල ගිය පලියට ඉන්ධන මිල ඉහළ නොදමන බවත් එසේ කළොත් රජයෙන් ඇති පලය මොකක්ද කියලත් ඇහුවා...ඉතින් රටක ආර්ථිකය හැම විටම න්‍යායාත්මක තීරන මත රදා නොපවතින බව දැන් වැටෙහෙනු ඇත.

    කෙටියෙන් කිව්වොත් හිටපු ගමන් මෙහෙම ඉන්ධන මිල වැඩි වෙන්න හේතුව නම් ඇමරිකාව ඇතුළු බලවත් රටවල් ඉරානයට එරෙහිව සම්බාධක පැනවීමත් සමගම හට ගත් හුට පටයයි.:shocked:

    නොදන්න අය අහගන්නකෝ seen එක...
    thinking-man.jpg

    අපි කවුරුත් දන්නවා ඇමරිකාව කියන්නේ ඉන්ධන කෑදර කමෙන් පෙළෙන දඩයම් බල්ලෙක්.තෙල් කොහේද මුන් මොකාක් හරි ගූ ගොඩක් ඇදලා කොක්කක් දාගෙන අදාළ රට ආක්‍රමනය කරන්න හදනවා.

    හරි අපි කතාවට enter වෙමුකෝ.
    :yes:

    ඉරානය තුළ මෑත කාලයේ න්‍යෂ්ඨික ක්‍රියාකාරකම් බහුලව සිද්ධ වුනා,යුරේනියම් බල ගැන්වීම් වගේ දේවල් මහා පරිමානයෙන් රට අභ්‍යන්තරයේ සිදු වුනා.

    344.jpg

    "කිතුලට ගිය මිනිහාටත් කියන්න දෙයක් තිබුණා" වගේ ඉරානය තුළ සිද්ධ වෙන මෙම න්‍යෂ්ඨික වැඩ පිළිවෙල එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තීන් උල්ලංගනය කරමින් සිදු වන බවත් ,ඉරා‍නයේ අපේක්ෂාව න්‍යෂ්ටික අවි නිපදවීම බව පවසමින් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් චෝදනා කරමින් ඉරානයට එරෙහිව නැගී සිටින්න පටන් ගත්තා.
    ඇමරිකාව හිතාගෙන ඉන්නේ උන් ලෝකෙටම අධිපතියා කියලනේ.
    ඉතින් මුන් මොනාද කළේ ඉරානයට දිගින් දිගටම සම්බාධක පනවන්න ගත්තා.

    ඉරානයෙන් ඉන්ධන ආනයනය කිරීම යුරෝපා සංගමය තහනම් කළ අතර ඉරානයෙන් බොර තෙල් තහනම් කිරීමේ ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට යුරෝපා සංගමයේ සාමාජික රටවල් එකඟ වී තිබේ.
    මෙම මස අවසානයේ පැවැත්වීමට නියමිත යුරෝපා සංගම් විදේශ අමාත්‍ය සමුළුවේදී මේ පිළිබඳ නිවේදනය කිරීමට නියමිතයි.ඉරාන‍යේ මතභේදකාරී න්‍යෂ්ටික වැඩසහනට එරෙහිව අමෙරිකාව ද ඉරානයට පනවා තිබූ ආර්ථික සම්බාධක දැඩි කරන්න පටන් ගත්තා.

    යුරෝපා සංගම් බලධාරීන් පවසන අන්දමට, ඉරාන මහ බැංකුවේ වත්කම් තහනම් කිරීමට ද බ්‍රසල්ස් නුවරට රැස් වු යුරෝපා සංගම් විදේශ අමාත්‍යවරුන් එකඟතාවකට පැමිණි බවත්
    ඉරාන බැංකු සහ රාජ්‍ය ආයතන සමග රන් ඇතුළු අනෙකුත් අගනා‍ ලෝහ වෙළඳාම ද තහනම් කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.

    leon-panetta-images-d6613.jpg

    ඉරානය තමාගේ අම්මා අප්පාගේ භූදලය කියලා හිතාගෙන ඇමරිකානු ආරක්ෂක ලේකම් ලියෝන් පෙනේටා පැවසුවා ඉරානයට එරෙහි හමුදා ක්‍රියාමාර්ගයක් තුළින් බලාපොරෝතතු නොවු ප්‍රතිවිපාක අත්විදිය හැකි බවය.යකෝ එතකොට මානව අයිතිවාසිකම් උල්ලංගනය වෙන් නැතුව ඇති නේ.:angry:

    අර්බුධය පටන් ගන්නේ දැන් තමයි..:oo:

    ඉරානයේ ජනාධිපති Mahmoud Ahmadinejad නෙමෙයි මුන්ගේ කීමට නැමුනේ....
    iran-nuclear-west-sanctions-nationalturk-0488.jpg

    ඊට පස්සේ ඇතැම් රටවලට බොරතෙල් අලෙවි කිරීම නතර කරන බවට ඉරාන‍ය අනතුරු හැගෙව්වා.

    ඉරාන න්‍යෂ්ටික වැඩසටහන් මුල්කර ගනිමින් ඉරානයෙන් ආනයනය කරන බොරතෙල් ප්‍රමාණය අඩු කිරිමට හෝ නතර කිරීමට ඇතැම් රටවල් ක්‍රියාමාර්ග ගත්තා.ලංකාවටත් ඒ දේම කරන්න සිද්ධ වෙන තත්වයක් උදා වුණා.අමෙරිකාව හා යුරෝපා සංගමය ඉරානයට‍ එරෙහිව සම්බාධක පැනවුව ද ඉරානයෙන් ඉන්ධන මිල දී ගැනීම නතර නොකරන බව ඉන්දියාව අවධාරණය කළා.:yes:

    කෙසේ වෙතත් ලෝක තෙල් අර්බුධය පටන් ගත්තේ අන්න ඔතනින්....මේ හේතුවෙන් දිනෙන් දින ලෝක වෙළද පොළේ තෙල් බැරලයක මිල ඉහළ ගියේ බලාගෙන ඉන්න කොට.Opec වාර්තාවන්ට අනුව 09/02/2012 දිනය අවසන් වන විට තෙල් බැරලය මිල ඇමරිකානු ඩොලර් $116.27 දක්වා ඉහළ ගියා.අද වන විට (12.02.2012) විට එය ඇමරිකානු ඩොලර් $118 කට ආසන්නයට ආවා.ඉදිරි දින කීපය තුළ මෙය තවත් ඉහළ යා හැක.
    11lmmhi.png

    ලෝක බලවතුන්ගේ අර්බුදය කෙසේ වෙතත් මේකෙන් බැට කන්නේ අපි වගේ සංවර්ධනය වන රටවල්,මරු පහරවල් එල්ල වෙන්නේ පොඩි එකාගේ බඩ කටට....

    මට කියන්න ඕනෑ වුනේ අප රටේ ඉන්ධන මිල ඉහළ යාමට හේතුව අප රටේ අභ්‍යන්තර ආරවුලක් නොවන බවත් ලෝක ආර්ථික අර්බුද හමුවේ මහින්ද චින්තනය වලංගු නොවන බවත්ය.

    mahinda_chinthana.jpg
    .:yes:

    කතු වැකිය-Anton Jayashan
    Facebook-https://www.facebook.com/antonviraj.fernando?ref=tn_tnmn
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    ow oka thama case eka..... apita itin ekata karanna deyak ne. mona anduwa tibunath oka adu karannath be. adu wenneth ne, lankawe kohoma hari hoya gaththto itin yahapath balaporoththuwak tiya ganna puluwani.... thanks 4 the in fo
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    Lankawa Iranen thel ganne nathuwa wena ratawal set ekakma set karagena thel gatta nam oya awla na.

    Ai lankawe the lthiyenawa kiyapu aya dan ko ?

    Anyway thel walata tax eka adu kala nam oya tharam wadi wenne na. dan meke buruwo kiyai tax adu karala anduwa duwanne kohomade kiyala. ai bari. tax adu karala ,
    ekasiya ganak inna hora amathiyange sapa adu kala nam hai. mulu PM okkogema sahana kapanna oni. okunta sapa wadi. (anduwe & wipakshe)
     
    • Like
    Reactions: maxxaa

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    Lankawa Iranen thel ganne nathuwa wena ratawal set ekakma set karagena thel gatta nam oya awla na.

    Ai lankawe the lthiyenawa kiyapu aya dan ko ?

    Anyway thel walata tax eka adu kala nam oya tharam wadi wenne na. dan meke buruwo kiyai tax adu karala anduwa duwanne kohomade kiyala. ai bari. tax adu karala ,
    ekasiya ganak inna hora amathiyange sapa adu kala nam hai. mulu PM okkogema sahana kapanna oni. okunta sapa wadi. (anduwe & wipakshe)

    appa lanakawa nethi unath sepa nam adu karala be kiyaay... onna chandayak wath tibuna nam tikak shape,,, aye itin pena manayaka chandayak ne,, eka nisa itin adu wene nethiwei maye hithe:rolleyes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Baila, EE dawas wala thel barrel eka US$ 146 k wenakotath petrol price eka une Rs.125y.
    petrol 1 l walin aanduwa gehana tax eka keeyada? eeka more than 100%. anna ee tax eka adu karala, methi amathi warunge boru wiyadam kapala, oya deyata kirula wage boru show nawaththala ee sahana janathawata dunnanam mokada wenne? me aadndu godakma thiyenne boru show witharane, ey ara Irozani akka kiwwe, suddonta baye iran walin thel ganna eka nawaththanne ne kiyala, samahara wita uu kiyanna eththe uge amma iran walin pol thel bothalayak ganna eka wenna ethi.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    eye wash

    Please explain this
    Is sl the only country that improtes Iranian oil
    How many counties have incresed the pirces similar to the percentage increased by sl
    the answers to the above two questions will show that the resoning given here is true or correct.
    Wrong economic policies and including monitory policy is the answer and the war between the politito truned CB Governer and Sec to the Treasury explaints well.
    Do not mislead people .
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Sri Lankan government should cut off some tax and reduce the number of ministers in parliament first. Then can reduce the price of oil. Most people's salaries in Sri Lanka are not enough for their living.
     
    propa

    Junior member
  • Sep 7, 2010
    261
    12
    18
    ඊයේ මධ්‍යම රාත්‍රීයේ පටන් අපිට ඇගට දැනෙන අන්දමින් ඉන්ධන මිල ඉහළ ගියා...ඇත්තටම රජය ඉන්ධන මිල ඉහළ දැම්මා නොව රජයට ඉහළ දැමීමට සිදු වුණා කිව්වොත් නිවැරදියි...

    "ඔක්කොම කුණු බෙංගාල බොක්කට" කියන්නා වගේ දැන් හැමෝම වගේ රජයට ඇගිල්ල දික් කරලා චෝදනා කරන්න පටන් ගනියි...මහා රජා නම් කිව්වා ලෝක වෙළද පොළේ ඉන්ධන මිල ඉහල ගිය පලියට ඉන්ධන මිල ඉහළ නොදමන බවත් එසේ කළොත් රජයෙන් ඇති පලය මොකක්ද කියලත් ඇහුවා...ඉතින් රටක ආර්ථිකය හැම විටම න්‍යායාත්මක තීරන මත රදා නොපවතින බව දැන් වැටෙහෙනු ඇත.

    කෙටියෙන් කිව්වොත් හිටපු ගමන් මෙහෙම ඉන්ධන මිල වැඩි වෙන්න හේතුව නම් ඇමරිකාව ඇතුළු බලවත් රටවල් ඉරානයට එරෙහිව සම්බාධක පැනවීමත් සමගම හට ගත් හුට පටයයි.:shocked:

    නොදන්න අය අහගන්නකෝ seen එක...
    thinking-man.jpg

    අපි කවුරුත් දන්නවා ඇමරිකාව කියන්නේ ඉන්ධන කෑදර කමෙන් පෙළෙන දඩයම් බල්ලෙක්.තෙල් කොහේද මුන් මොකාක් හරි ගූ ගොඩක් ඇදලා කොක්කක් දාගෙන අදාළ රට ආක්‍රමනය කරන්න හදනවා.

    හරි අපි කතාවට enter වෙමුකෝ.
    :yes:

    ඉරානය තුළ මෑත කාලයේ න්‍යෂ්ඨික ක්‍රියාකාරකම් බහුලව සිද්ධ වුනා,යුරේනියම් බල ගැන්වීම් වගේ දේවල් මහා පරිමානයෙන් රට අභ්‍යන්තරයේ සිදු වුනා.

    344.jpg

    "කිතුලට ගිය මිනිහාටත් කියන්න දෙයක් තිබුණා" වගේ ඉරානය තුළ සිද්ධ වෙන මෙම න්‍යෂ්ඨික වැඩ පිළිවෙල එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තීන් උල්ලංගනය කරමින් සිදු වන බවත් ,ඉරා‍නයේ අපේක්ෂාව න්‍යෂ්ටික අවි නිපදවීම බව පවසමින් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් චෝදනා කරමින් ඉරානයට එරෙහිව නැගී සිටින්න පටන් ගත්තා.
    ඇමරිකාව හිතාගෙන ඉන්නේ උන් ලෝකෙටම අධිපතියා කියලනේ.
    ඉතින් මුන් මොනාද කළේ ඉරානයට දිගින් දිගටම සම්බාධක පනවන්න ගත්තා.

    ඉරානයෙන් ඉන්ධන ආනයනය කිරීම යුරෝපා සංගමය තහනම් කළ අතර ඉරානයෙන් බොර තෙල් තහනම් කිරීමේ ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට යුරෝපා සංගමයේ සාමාජික රටවල් එකඟ වී තිබේ.
    මෙම මස අවසානයේ පැවැත්වීමට නියමිත යුරෝපා සංගම් විදේශ අමාත්‍ය සමුළුවේදී මේ පිළිබඳ නිවේදනය කිරීමට නියමිතයි.ඉරාන‍යේ මතභේදකාරී න්‍යෂ්ටික වැඩසහනට එරෙහිව අමෙරිකාව ද ඉරානයට පනවා තිබූ ආර්ථික සම්බාධක දැඩි කරන්න පටන් ගත්තා.

    යුරෝපා සංගම් බලධාරීන් පවසන අන්දමට, ඉරාන මහ බැංකුවේ වත්කම් තහනම් කිරීමට ද බ්‍රසල්ස් නුවරට රැස් වු යුරෝපා සංගම් විදේශ අමාත්‍යවරුන් එකඟතාවකට පැමිණි බවත්
    ඉරාන බැංකු සහ රාජ්‍ය ආයතන සමග රන් ඇතුළු අනෙකුත් අගනා‍ ලෝහ වෙළඳාම ද තහනම් කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.

    leon-panetta-images-d6613.jpg

    ඉරානය තමාගේ අම්මා අප්පාගේ භූදලය කියලා හිතාගෙන ඇමරිකානු ආරක්ෂක ලේකම් ලියෝන් පෙනේටා පැවසුවා ඉරානයට එරෙහි හමුදා ක්‍රියාමාර්ගයක් තුළින් බලාපොරෝතතු නොවු ප්‍රතිවිපාක අත්විදිය හැකි බවය.යකෝ එතකොට මානව අයිතිවාසිකම් උල්ලංගනය වෙන් නැතුව ඇති නේ.:angry:

    අර්බුධය පටන් ගන්නේ දැන් තමයි..:oo:

    ඉරානයේ ජනාධිපති Mahmoud Ahmadinejad නෙමෙයි මුන්ගේ කීමට නැමුනේ....
    iran-nuclear-west-sanctions-nationalturk-0488.jpg

    ඊට පස්සේ ඇතැම් රටවලට බොරතෙල් අලෙවි කිරීම නතර කරන බවට ඉරාන‍ය අනතුරු හැගෙව්වා.

    ඉරාන න්‍යෂ්ටික වැඩසටහන් මුල්කර ගනිමින් ඉරානයෙන් ආනයනය කරන බොරතෙල් ප්‍රමාණය අඩු කිරිමට හෝ නතර කිරීමට ඇතැම් රටවල් ක්‍රියාමාර්ග ගත්තා.ලංකාවටත් ඒ දේම කරන්න සිද්ධ වෙන තත්වයක් උදා වුණා.අමෙරිකාව හා යුරෝපා සංගමය ඉරානයට‍ එරෙහිව සම්බාධක පැනවුව ද ඉරානයෙන් ඉන්ධන මිල දී ගැනීම නතර නොකරන බව ඉන්දියාව අවධාරණය කළා.:yes:

    කෙසේ වෙතත් ලෝක තෙල් අර්බුධය පටන් ගත්තේ අන්න ඔතනින්....මේ හේතුවෙන් දිනෙන් දින ලෝක වෙළද පොළේ තෙල් බැරලයක මිල ඉහළ ගියේ බලාගෙන ඉන්න කොට.Opec වාර්තාවන්ට අනුව 09/02/2012 දිනය අවසන් වන විට තෙල් බැරලය මිල ඇමරිකානු ඩොලර් $116.27 දක්වා ඉහළ ගියා.අද වන විට (12.02.2012) විට එය ඇමරිකානු ඩොලර් $118 කට ආසන්නයට ආවා.ඉදිරි දින කීපය තුළ මෙය තවත් ඉහළ යා හැක.
    11lmmhi.png

    ලෝක බලවතුන්ගේ අර්බුදය කෙසේ වෙතත් මේකෙන් බැට කන්නේ අපි වගේ සංවර්ධනය වන රටවල්,මරු පහරවල් එල්ල වෙන්නේ පොඩි එකාගේ බඩ කටට....

    මට කියන්න ඕනෑ වුනේ අප රටේ ඉන්ධන මිල ඉහළ යාමට හේතුව අප රටේ අභ්‍යන්තර ආරවුලක් නොවන බවත් ලෝක ආර්ථික අර්බුද හමුවේ මහින්ද චින්තනය වලංගු නොවන බවත්ය.

    mahinda_chinthana.jpg
    .:yes:

    කතු වැකිය-Anton Jayashan
    Facebook-https://www.facebook.com/antonviraj.fernando?ref=tn_tnmn

    ane bola,

    borathe vedi une 2 % tath aduwen, umba kiyala thiyena widiyata 118-116.27 / 116.27 = 1.5 %

    diesel 31 / 84 = 37 %
    kerosine 35 / 75 = 46 %

    1.5 % kin borathel vedi unama 37 % diesel vedi karapu eka hari kiyalada umba kiyanne, oya vidiyatama anduwata kade palayan, ITN eke chairman venna puluvan, DJ sunimal, widows 8 umbe sahodarayoda?
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,374
    113
    තවත් පාඩුයි – සිපෙට්කෝ

    February 12, 2012 at 10:16 am | Lanka C News.

    ceypetco.jpg
    ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට තෙල් මිල ඉහල දැමුවද ජනතාවට ඉන්ධන බෙදාදීමේදී දෙන සහන හේතුවෙන් සංස්ථාව ලබන පාඩුව සම්පූර්ණයෙන්ම පියවී නැතැයි ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
    මෙතෙක් ඉන්ධන ලබාදීමේදී භූමිතෙල් ලීටරයක් සඳහා රුපියල් 45ක්, ඞීසල් ලීටරයක් සඳහා 25කින් ආලබ ලැබූ අතර පෙට‍්‍රල් ලීටරයකින් පමණක් රුපියල 7ක ලාභයක් ලැබූ බව සංස්ථාව පෙන්වා දෙයි.
    කෙසේ වෙතත් නව මිල ගණන් යටතේද සංස්ථාවට ලාභයක් හිමි නොවන බව සංස්ථාව කියා සිටී.

    ආයිත් ලගදිම වැඩි කරයි ද?:eek: