ඉන්ධන මිල ගණන් පහතට

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඉන්ධන මිල ගණන් පහතට

    ඉන්ධන මිල ගණන් පහත දමා තිබේ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය අද පස්වරුවේ රැස් වූ අවස්ථාවේදී පහත පරිදි ඉන්ධන මිල ගණන් පහළ දැමීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා තහවුරු කළේ ය.

    ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රු. 117කි.(රු.33.00ක සහනයක්)

    ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රු. 128යි. (රු.30.00ක සහනයක්)

    සාමාන්‍ය ඩීසල් ලීටරයක නව මිල රු. 95 යි.(රු. 16.00ක සහනයක්)

    සුපිරි ඩීසල් ලිටරයක නව මිල රු. 110යි.(රු. 23.00ක සහනයක්)

    භූමිතෙල් ලීටරයක නව මිල රු. 65යි.(රු. 16.00ක සහනයක්)

    ඉදිරියේදී ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් වෙනස් වීම හා වෙනත් වෙළෙඳපොළ ක්‍රියාකාරකම් මත පදනම්ව රටේ ආර්ථිකයට ගැළපෙන අයුරින් ඉන්ධන සඳහා කඩිනමින් මිල සූත්‍රයක් හඳුන්වා දිමට ක්‍රියා කරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වැඩි දුරට ත් පැවසී ය.

    http://newsfirst.lk/sinhala/2015/01/අද-මධ්‍යම-රාත්‍රීයේ-සිට-ක/
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    sathuta sathutaaa :D :yes::yes:

    අනිවා හොඳ වැඩක් :yes: තවත් අඩු කරයි කියලා හිතනවා.මොකද දැං තෙල් 46යිනේ.... තව අඩු කරයි කියලා හිතනවා. අඩු නොකර වුනත් ඒ සල්ලි වලින් රට ගොඩ දානව නම් ඊටත් හොඳයි :love: