ඉන්ධන හෙළීම (Fuel Dumping)
ගුවන් යානයක් ඉහළ නැගීමට (Takeoff) වගේම ගොඩබැස්සවීමටත් (Landing) යම් අනුමත බරක් තිබෙනවා. ගුවන් ගත වීමට අදාළ බර හඳුන්වන්නේ Maximum Takeoff weight (MTOW) කියලා. ඒවගේම ගොඩබැස්ස වීමට අදළ බර හඳුන්වන්නේ Maximum Landing Weight ( MLW) කියලා. මේ දෙකෙන් ගුවන් ගත වීමේ බර ගොඩබැස්ස වීමේ බරට වඩා වැඩියි. එහෙමත් නැති නම් ගොඩබැස්සවීමේ දී අඩු බරක් තිබිය යුතුයි.
ගුවන් යානයක ඉන්ධන ලබා දීමේදී එහි ඉහත සඳහන් බරත් සැළකිල්ලට ගන්නවා. ඒ වගේම ගමන් කළ යුතු දුරත් වෙනත් ආදේශක ගුවන් තොටුපළකට (Alternative airport) ගමන් කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා අවශ්‍ය ඉන්ධනත් ගුවන් යානයේ අඩංගු වෙනවා. ගුවන් යානයේ ඉන්ධන අඩංගුවන්නේ යානයේ තටුවල.
යම් කිසි හදිසි අවස්ථාවක දී ගුවන් යානය ගොඩබැස්සවීමට (Emergency Landing) අවශ්‍ය වුවහොත් ගොඩබැස්ස වීමට අවශ්‍ය බර එහි තිබිය යුතුයි. මේ සඳහා යානයේ භාණ්ඩ හෝ මගීන් ඉවත් කිරීමේ හැකියාවක් නැහැනෙ. (ගුවනේදී) ඉතින් පහසුවෙන් ම කළ හැකිවන්නේ ඉන්ධන ඉවත් කීරීමයි.
යානය අධික බරකින් යුක්තව ගොඩ බැස්සවීමට නොහැකි හේතුව යානයේ බර රෝද හා ඒ ආශ්රිත උපකරණ වලට (Landing Gears) දරා ගැනීමට නොහැකි වීම. අධික බර හේතුවෙන් ඒවා කැඩී යන්න පුළුවන්නෙ.
හදිසියේදීවත් යානය ගොඩබැස්සවීමට අවශ්‍ය වුවහොත් යානයේ ඉන්ධන ඉවත් කීරීමකට යොමු වෙනවා. මෙහි දී ක්‍රම දෙකක් භාවිතා කළ හැකියි. එකක් අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය දැවෙන තෙක් යානය ගුවනේ එහා මෙහා ගමන් කිරීම. අනෙක තමයි ඉන්ධන යානයෙන් ඉවතට විදීම. යානයේ ඉන්ධන දැවෙන තෙක් ඉවසා සිටීමට තරම් අපහසු හදිසියක් නම් අනිවාර්යයෙන් ඉන්ධන යානයෙන් ඉවත් කළ යුතු වෙනවා. මේ ක්‍රියාවලිය හඳුන්වනනේ Fuel Dumping එහෙමත් නැතිනම් Jettison යන නමින්.
මේ වගේ ඉන්ධන ඉවත් කිරීමට නම් පළමුව ගුවන් ගමන් පාලක මැදිරියෙන් (Control Tower) අවසර ගත යුතු වෙනවා. ඒ වගේම සම්මතය තමයි අඩි 5000 ක පමණ ඉහළකදී එය සිදු කළ යුතුයි යන්න. හේතුව ඒවා පහළට ඒමට පෙර ගුවනේ දීම වාෂ්ප වී යාම. විනාඩියකට කිලෝ 1000 ක් විතර ඉන්ධන ඉවත් කිරීමේ හැකියාවක් යානාවකට තිබෙනවා. මේ වගේ ඉන්ධන ඉවත් කිරීම කරනකොට ඒ අවස්ථාවේ වට පිටාවේ තවත් යානා නොතිබෙන බවටත් සැළකිලිමත් විය යුතුයි. අවශ්‍ය නම් ඉවත් කරන ඉන්ධන දැවීමකට ලක් කරන්නත් පුළුවන්. ඒ වගේම ඉන්ධන ඉවත් කළ යුත්තේ යානයේ බඳේ සිට ඈතින් පිහිටි නොසලයකින් (Nozzle). ඒ වගේම එය එන්ජින් වලින් දුරිනුත් තිබිය යුතුය.
ඊට අමතරව ප්‍රහාරක යානා වල ඇති අමතර තෙල් ටැංකි අවශ්‍යනම් බිමට අතහරින්න පුළුවන් මේවට කියන්නේ Drop Tanks
සිංහල ජාතියට ජය වේවා !!!